නීතිවිරෝධී මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 12 දෙනෙකු රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවේ කොකෝස් දිවයින් වෙත පෙරේදා (02) ළඟා වී ඇතැයි එරට පළවන ‘‘ද ඕස්ට්‍රේලියන් “වෙබ් අඩවි වාර්තාවක් කියයි.
අයහපත් කාලගුණය මැද මෙම ලී බෝට්ටුව කොකෝස් දිවයින් හි ප්‍රධාන කලපුවට ඇතුළු වූ බව එහි ස්වදේශිකයන් උපුටා දක්වමින් ඒ බී සී ගුවන් විදුලියද මේ බව නිවේදනය කළේ යැයි එම වාර්තාවේ සදහන් වේ.
මෙලෙස නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රාවක් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ වසර දෙකකට පසු ප්‍රථම වතාවට වන අතර අවසන් වරට මෙවැනි නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් පැමිණ ඇත්තේ 2014 වසරේදී ය.ඒ එරට ක්‍රිස්මස් දූපත් වෙත 157 දෙනෙකුගෙන් යුතු පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මෙහෙම ගිය කට්ටිය? ඒ ගැන සොයා බලන්න (නි)