කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ පැවති පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස් ගේ ප‍්‍රසංගයේ ප‍්‍රවේශ පත් අලෙවියේ ගිණුම් වාර්තා සහ ප‍්‍රසංගයේ සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් ආයතනයේ වත්කම් අන්සතු කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් පැමිණිල්ල කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන මැයි 7 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට කොළඹ දිසා අධිකරණය අද (26) අදාළ සමාගමට නියෝග කරන ලදී.
එන්රිකේ ඉග්ලීෂීයස් ගේ ප‍්‍රසංගය නැරඹීමට වී.අයි.පී ප‍්‍රවේශ පත්‍ර වලට හිමි පහසුකම් ලබා නොදීමෙන් සිදුවූ මානසික අසහනකාරී තත්ත්වය සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වන්දියක් ඉල්ලා ගොනු කළ පැමිණිලි කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ අද කැඳවූ අතර එහිදී දිසා විනිසුරුවරිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
පැමිණිල්ලේ එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විරෝධතා පිළිබඳ විභාගයක් පවත්වා තීරණයක් ලබාදීම ප‍්‍රථමයෙන් සුදුසු බවට නිගමනය කළ විනසුරුවරිය මෙහිදී ප‍්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල සංගා වැනි ජනතා ප්‍රසාදය දිනාගත් විශේෂිත පුද්ගලයන් අපේ සංස්කෘතියට නොගැලපෙන මෙිවැනි විකෘති සංදර්ශන පවත්වා මුදල් සෙවීමට පත්විම ජනතාව පිලිකුල්කරයි (බ)
මේ සමාගම පිටිපස්සෙ ඉන්නෙ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයො දෙන්නෙක් නේද. ඇයි එයාල මේ ගැන මෙච්චර නිහඬ. (බ)
මුනි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නැළවෙන්නේ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ වටිනාකම හා ඔවුන්ට අපෙන් වියයුතු සේවය හදුනානොගත් ප්‍රසංග සංවිධායකයින් හා ප්‍රේක්ෂකයින් (බ)
ඔය ඉතින් අපේ සමහර ජනප්‍රිය කට්ටියගේ වැඩ තමයි. මිනිසුන් සූරාගෙන කනවා (නි)
අධික තණ්හාවේ ආදීනව දිගටම(කෞ)
මීටවඩා ඉක්මනට අහලා ඉවර කරන්න ඕනෑ නඩු මේ රටේ ඕනෑතරම් තියෙනවා. සමහර නඩු අවුරුදු 25 - 30 තිස්සේ කල්දදා ඉන්නවා මිනිස්සු මැරෙනතුරුම (නි)
මුළු ප්‍රසංගයම අපිට නම් කුණුහරපයක්. (බ)