IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එන්න මේ වැව් ඉවුරට උණු තේ එකක් රස විඳින්න

2016-04-23-ent-24

මාපාකඩ වැව පිහිටා ඇත්තේ මහියංගනයේය. මහියංගනය නම කියපු ගමන් මතක් වෙන වැව තමයි සොරබොර වැව. බුලතා යෝධයා හැදුවා කියන වර්තමාන වාරි ඉංජිනේරුවන් පවා පුදුමයට පත්කළ මේ සොරබොර වැව හැරුනාම මහියංගනයේ තවත් අපූරු ස්ථාන රැසක්ම තියෙනවා නරඹන්න. ඒ හැමදේම එක්ක ඔබව එක්කගෙන යන්නේ මේ අපූරු සංචාරක ගමනාන්තයන් මැදිකරගෙන ඉතාම සුන්දර ස්ථානයක පිහිටි, මාපාකඩ විලේජ්, සංචාරක හෝටලයට.

මාපාකඩ වැවට තියෙන්නේ ලොකු ඉතිහාසයක්. ඒක සොරබොර වැවේ කතාව තරම්ම අතීතයට යනවාලු. අන්න ඒ මාපාකඩ වැව් තාවුල්ලේ, වැවෙන් හමාගෙන එන සුළඟට මුහුණ දාලා තමයි මාපාකඩ විලේජ් පිහිටලා තියෙන්නේ. ඡායාරූප දුටුගමන් ඔබට පෙනෙන ඒ සුන්දරබවට සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ හෝටලයක අය කරන විශාල මිලක් මෙහිදී අය කරන්නේ නැහැ. රුපියල් පන්දහසක් වගේ මුදලකට වායුසමනය කළ, උණුවතුර, විදුලි පංකා වගේම මාපාකඩ වැවේ සුන්දර දසුනක් නෙත ඉදිරියේ මැවෙන කාමරයක් ඔබට ලබාගන්න පුළුවන්. මහියංගනය අවට තිබෙන නොගිහින්ම බැරි සංචාරක ස්ථාන වෙතට යන්න එන්න මාර්ගෝපදේශකත්වයත් හෝටලයෙන්ම ලබාගන්න පුළුවන් වීම විශේෂයි. ඒ වගේම මාපාකඩ විලේජ් හෝටලයේ ඉඳලා මුලින් කිව්ව සොරබොර වැවට, දඹාන වැදි ගම්මානයට වගේම මාදුරුඔය වනෝද්‍යානයටත් ලොකු දුරක් නැහැ.

ලංකාවේ ප්‍රසිද්ධම දිය ඇලි නරඹලා විඩා වෙලා ඉන්න ඔබට මහියංගනයට ආසන්නයේ තිබෙන රත්න ඇල්ල අපූරු අත්දැකීමක් වේවි. ඒ වගේම මහියංගනය කියන්නේ රටේ එක්තරා කාලයක මහා වැඩ බිමක්. වික්ටෝරියා ව්‍යාපාරයෙන් ඇරඹිලා රන්ටැඹේ, රන්දෙණිගල වගේම ගිරාඳුරුකෝට්ටේ ගොවිජනපද ව්‍යාපාරය දක්වා මහා ගමනක් මේ මහියංගනය කේන්ද්‍රකරගෙන ඉතිහාසයේ ලියැවිලා තියෙනවා. ඒ හින්දාම මහියංගනය නගරය අවට පදිංචිවෙලා ඉන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස්. අතීතයේ නම් මහියංගනය හිමි වුණේ යක්ෂ ගෝත්‍රකයින්ට කියනවානේ. මහියංගනයට පැමිණෙන ඔබ අනිවාර්යයෙන් ගමන් ගන්නා ස්ථානයක් තමයි මහියංගනය රජමහා විහාරය. බුදුන්වහන්සේ මේ දීපයට වැඩම කළ මොහොතේ බුදු බණ අසා සෝවාන් වූ සුමන දේව රාජයා බුදුන්ගෙන් පුජනීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ලැබු කේෂ ධාතු බුදුන් වැඩසිටි ස්ථානයේම නිධන් කරලා මහා චෛත්‍යයක් කළා. මියුගුණ සෑය හෙවත් පස්සේ කාලෙක දුටුගැමුණු රජු බුදුන් වහන්සේගේ ග්‍රවී ධාතුව නිදන් කරලා විශාලත්වයට පත්කළ මහියංගනය මහාසෑය ඔබට මුණගැහෙන්නෙත් මේ අභිමානවත් පුරවරයේදී.

මාපාකඩ විලේජ් හෝටලය පිහිටලා තියෙන්නේ මේ හැමදේම මැද කියලා වරක් කිව්වානේ. මාදුරුඔය රක්‍ෂිතයේ සංචාරය කරන්න හිතාගෙන යනවා නම් ඊට ඔබින වඩාත්ම සුදුසුම මඟ පෙන්වන්නා ඔබට සොයලා දෙන්නත් හෝටලයේ කළමනාකාරීත්වය සූදානම්. එකිනෙකට වෙනස් රසවත් ආහාර රුසක්ම හිතේහැටියට ඇණවුම් කරලා ලබාගන්නත් මෙහිදී ඔබට පුළුවන්. මහියංගනයේ ගිහිල්ලා, දවල් දවසේ වටේම ඇවිදලා, හවසට මහියංගනේ ලොකු පන්සලට ගිහිල්ලා ඇවිත් උණුවෙන් තේ එකක් බොන ගමන් මාපාකඩ වැව් ඉවුරේ වාඩිවෙලා ඉද්දි දැනෙන අපූර්වත්වය ඔබට කිසිදාක අමතක වෙන එකක් නම් නෑ. l

 

ප්‍රසාද් - දේශය

 

2016-04-23-ent-18
2016-04-23-ent-19
2016-04-23-ent-20
2016-04-23-ent-21
2016-04-23-ent-22
2016-04-23-ent-23
2016-04-23-ent-25
 



අදහස් (0)

එන්න මේ වැව් ඉවුරට උණු තේ එකක් රස විඳින්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site