IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එදිනෙදා ජිවිතයට අත් බෙහෙත් - 3

උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චිගේ

හෘද රෝග වළක්වා ගැනීමට ආයුර්වේද ප්‍රතිකර්ම

සරල සාමාන්‍ය  ජිවන රටාවෙන් අපි  සැවෝම මිදි ඇත්තෙමු. විඩියෝ පටයක් දර්ශන දුරස්ථ පාලක යන්ත්‍රයක බොත්තමක් තද කර  ඉදිරියට  පිටුපසට යන්නක් මෙන් අද සමාජයට කාර්යය බහුල ජිවන රටාවකට හුරුව ඇත්තේ කවදාවත් නොවන පරිදිය.

එම ජිවන රටාවේදි වයස් ඛේදයකින් තොරව අපි සැවෝම රෝගි වෙන්නට පටන් ගෙන ඇත්තේ අවාසනාවත්ත පරිදිය.

ලොව වැඩිපුරම වාර්ෂීක මිය යන මිනිසුන්ගෙන් වැඩි පිරිසක් හෘද රෝග හේතුවෙන් මිය යන බව  හඳුනා ගෙන තිබේ. ආයුර්වේදයට  අනුව හෘද රෝගයන්ට ගොදුරු නොවි සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරිමට වටිනා තතු බොහොමයක් පෙන්වා දී තිබේ.

එහි ප්‍රධානම කරුණ වන්නේ සාමාන්‍ය සරල ජිවිතයට හුරු වීම සම දෛයිනිකව තෝරා ගත් වේලාවකදී මනස නිදහස් කර  ගැනිමට භාවනාවකට  හෝ යෝගි ව්‍යායාමයකට  හුරු විමයි.

වි‍ශේෂයෙන්ම ආහාරපාන තෝරා ගැනිමේදි තමන්ගේ රැකියාවට ගැලපෙන ආහාර රටාවකට හුරුවිය යුතුය. විශේෂයෙන්ම දරවීම අපහසු තෙල් අධික, පිටි සහිත ආහාර නොගෙන සිටිමට වගබලා ගත යුතුය.

රාත්‍රියට  ඉතා සැහැල්ලු සරල ආහාරයක්  ගැනිම රෝග රැසකින් මිදිමට හේතුවක් වන බව ආයුර්වේදයේ දී පෙන්වා දේ.

හෘදයාබාධ වලින් මිදිමට  ගත හැකි තවත් පහසුම පියවරකි සත්ව ආහාර වලින් මිදි සිටිම.


ආයුර්වේද ප්‍රතිකාර

හෘද වේදනාවට

බිත්තර සුදු මදය සහිඳ ලුණු සමඟ මිශ්‍රකර සුළුවෙන් රත්කර පපුවේ ආලේප කිරිම ද හෘදයේ ඇතිවන වේදනාකාරි තත්ත්වයන්ට යෝග්‍යය.

නස්නාරං ඉස්ම සහිඳ ලුණූ සමඟ කළවං කර  බාහිරෙන් පපුවේ ආලේප කිරිමට හෝ පානය කිරිමට  සැලැස්විම හෘද රෝගින්ට ගුණදායකය.

හෘදයේ ගැස්ම ඇතිවිම

බඩේ දැවිල් ඇති වි හෘදයේ ගැස්ම ඇති විටත් මෙම ප්‍රතිකර්මය ගුණදායකය.

කුඹුක් පොතු  කළං 12 ක්  පත 8 එකට හිද උදේ සවස පානය කිරිම සුදුසුය.

කුඹුක් පොතු වියළා කුඩු කර එළකිරි සමඟ මිශ්‍රකර  ගත හැකි ය.

හෘද රෝගින්ට ඇතිවන කැස්ස

සුවද කොට්ටං මී පැණී සමඟ ගැනිම ගුණදායකය.

නවරත්න කල්කය මොර ඇටයක් පමණ ප්‍රමාණය ගම්මිරිස් සුදු ලුණූ තැම්බු ජලයෙන් ගැනිම යෝග්‍යය.

සහිඳ ලුණූ කුඩුකර මඳක් රත්කර පපුවේ ආලේප කළ හැකිය.

තිප්පිලි කඩලේ රත්කර, කුඩුකර  මී පැණි සමඟ මිශ්‍ර කර  ගැනිම යෝග්‍යය.

බෙලි මුල්, බැබිල මුල්, සුදු ලුණූ කසාය ද ගත හැකිය.

බෙලි මුල්, බැබිල මුල් , සාරණ මුල් කසාය සකසා ගැනිම ද ගුණදායකය.

 

මදුරුවන්  දුරු කිරිමට

·        කපුරු ස්වල්පයක්  කාමරයේ තබා  ගිනි දැල්විම යෝග්‍යය

·        පැඟිරි  තේල පහන්  දල්වන්න

·        මඳුරුතලා  කොළ දුම් ගැසිම

·        දිවුල්  කොළ දමා  මඳුරු කිටයන්  විනාශ කිරිම

 

කුහුඹුවන්  වද කිරිමට

·        ගම්මිරිස් තැම්බු  ජලය ඉසිම ගුණදායකය.

මැස්සන්  එළවිම

දුඹූරු සිනි  තේ හැඳි 01 යි

කිරි යොදය තේ හැඳි 01යි

පිගානක තබා  මිශ්‍ර කර  තබන්න

ඉන්නට

·        දෙහි  ඇඹූල්  දිනකට  දෙවරක් ගාන්න

·        බුරුල්ල ගෙඩි  පොඩි  කර ඉන්නා මත තබන්න

 

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (0)

එදිනෙදා ජිවිතයට අත් බෙහෙත් - 3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site