‘එදා මහින්ද මහත්තයාට සහාය පළ කරමින් හයිඩ් පිටියේ රැළියට ගිය සමහර අයත් මැයි පළමු වැනි දා ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී වීමට නියමිත බව’ සංචාරක නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා කියයි.
යහපාලන ආණ්ඩුවේත් වැරදි තියනවා. අපි වැරදි විවේචනය කරමින් හදා ගන්නවා. සමහර විට අපිට ආණ්ඩුවෙන් යන්න වෙයි. එත් පක්ෂය කඩාගෙන යන්නේ නෑ. මෛත්‍රීපාල ජනපතිතුමා සංවේදී නායකයෙක්. එතුමා යටතේ අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික රජයක් ගොඩනගන එකයි අපේ බලාපොරොත්තුව යැයි ඔහු සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ඇමති වෙලා හිටපු අයත් අද කිරුලපන එනවා (හේ)
ඔය ඉන්නේ පැත්තක දෙපැත්තම කන කෙනෙක්......(හේ)
හීන දකිනවා.(හේ)
කොහොමද අැමතිකමකින් මෙයාල වෙනස් වෙලා තියෙන තරම ? (බ)
අපිත් බලාගන ඉන්නවා. (ර)
ලබන ඡන්දයේදී ඔබ සියලුදෙනාට මේවයේ ප්‍රතිපල බලාගන්නට පුලුවන්වෙයි. සමහරවිට මැයි 2 පසුවමත් බලාගන්න පුලුවන්වෙයි. (ර)
එහෙම කරන්න ස්වභාවික හේතුවක් අපිට නම් පෙන්නේ නෑ. (ර)
ඔක්කොම කට්ටි මොන බයිලා ගැහැව්වත් ජනතාව වන අපට මැයි 1 වැනිදා ඇත්ත පෙනෙනවානේ එතකොට බලමුකෝ කට්ටිය මොකද කියන්නේ කියලා .. (ර)
අපි සහයෝගය දෙන්නේ රට හදන්නයි ,ඔයාට කවුරුත් එකයි.(හේ)
මැයි පළවැනිදායින් පසු කියන්නටත් මොන මොනවා හරි කතාන්දරයක් හදලා තියාගන්න. (හේ)
පාක්ෂිකයන් අසරණයි.(හේ)
ඔබට නියෝජ්‍ය ඇමැතිකමක් නොලැබුණා නම් ඔය කටින්ම කියන දේත් අපි දන්නවා. (ර)
හොදට මතක තියාගන්න, ඒ ඉස්සර තමයි පක්සේට ඡන්දෙ දුන්නේ, දැන් දෙන්නේ පුද්ගලයට ඒ වෙන කව්රුත් නෙමෙයි අපේ රට එක්සේසත් කළ මහරජාණන් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා (බ)
පස්සේ ඇයි මෙහෙම කිවුවේ. වැරදුනා සමා වෙන්න එදා ලිප්ටන් වට රවුමට ගිය අය මැයි පළවෙනිදට කිරුලපනේ එනවා කියල. (බ)