ඉඩම් නොමැති රාජ්‍ය සේවකයින්ට  ඉඩම් ලබා දී නිවාස තනා ගැනිමට අඩු පොළියට නිවාස ණය ලබා දිමට පියවර ගන්නා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේමදාස මහතා සඳහන් කලේය.

අමාත්‍ය වරයා මේ බව සඳහන් හම්බන්තොට පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දිය.

හම්බන්තොට දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, අමාත්‍ය  සජිත් පේමදාස යන  සම සභාපති වරුන්ගේ  ප්‍රධානත්වයෙන් කමිටු රැස්වීම පැවැත්විණි.

රාජ්‍ය සේවකයා හැම විටම ඉඩම් ඉල්ලුම් කිරීමේදි අවලංගු කාසි බවට පත්විය.එම තත්ත්වය මඟහරිමින් ඉඩම් නොමැති රාජ්‍ය සේවකයින් සඳහා ඉඩම් ලබා දී නිවාස සංවර්ධන අධිකාරියෙන් සියයට හතරේ පොළියට නිවාස ණය ලබා දී නිවසක් ඉඳිකර ගෙන රාජ්‍ය සේවකයාගේ නිවාස සිහිනය සැබෑ කර ගැනිමට හැකිවන බවද සජිත් පේමදාස මහතා කිය.

හම්බන්තොට ප්‍රදේශයේ ඇතම් ඉඩම් කට්ටි ලබා දීමේ දී ඉඩම් නොමැති අයට නොව ඉඩම් ඇති මහපරිමානයෙන් ඉඩම් අල්ලා ගැනිම්  සිදු වි ඇති බවද, සුදුසුකම් මත නොව විවිධ සම්බන්ධතා මත බල පුළුවන්කාරකම් මත ඉඩම්  ලබා දී ඇති හෙයින්, මිට පසු එවැනි ආකාරයට ඉඩම් ලබා දිමට කිසිදු ආකාරයකින් නිළධාරීන් ක්‍රියා නෙකළ යුතු බවද ප්‍රේමදාස මහතා අවදාරණය කළේය.