‘එදා වැලිවේරියේ සෙනග හත් අට දාහක් විතර හිටියා. සෙනග වැඩි කමට පාර වැහිලා තිබුනේ. ටික වෙලාවක් යනකොට හමුදාවෙන් ආවා. හමුදාවෙන් ආවේ පොලූ එහෙම අරගෙනයි. අපි එතකොට කිව්වා මෙතන වතුර ප්‍රශ්නයක් තියෙන්නේ අපි මහත්තයලත් එක්ක රංඩු වෙන්න වත් ප්‍රශ්න ඇතිකර ගන්නවත් මෙතනට ආවේ නැහැ ඒක නිසා ගහන්න කරන්න නම් එපා, මහත්තයලට ඒ කාලේ බුද්ධ පූජාවල් තියලා සෙත් පැතුවේ අපිනෙ කියලා . අපි සිංහල ජනතාවනේ අපිට එහෙම කරන්න එපා කියලා කියද්දිත් අපේ හමුදාවේ ලොකු මහත්තයට කෝල් එකක් ආවා. එයා කිව්වා මේක සමතයකට පත් වුනා කියලා ඉන් පස්සේ අපි පාර ඉඩ දෙන්න හදනකොට තමයි එකපාරටම මැද්දට පැන කාගේදෝ කමිසයකින් ඇදලා ගත්තා ඒකෙන් තමයි ගෝරිය අවුස්සා ගත්තේ.‘යැයි වැලිවේරියේ යුද හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමින් කටට සහ කකුලකට වෙඩි වැදී රෝහල් ගතව සිට පැමිණි කිංස්ලි පෙරේරා (56) මහතා අද වැලිවේරිය පොලීසිය ඉදිරිපිටදී පැවසීය.
යුද හමුදාව වැලිවේරිය ජනතාවගෙන් සාක්කි ලබා ගැනීම සඳහා ගනේමුල්ල යුද හමුදා කඳවුරට සහ වැලිවේරිය පොලිසියට පැමිනෙන ලෙස ජනතාවට ලිපි මගින් සහ දුරකතන ඇමතුම් මගින් දන්වා තිබූ බැවින් කිංස්ලි පෙරේරා මහතාද ඊයේ වැලිවේරිය පොලීසිය අසලට පැමිණ සිටියේය.
වැලිවේරිය පොලිස් ස්ථානයේ උඩු මහල සාක්කි සටහන් කිරම සඳහා සුදානම් කර තිබුන යුද හමුදාව පැමිණ සිටියේ නැත.
වැලිවේරියේ ජනතාවද යුද හමුදාවට සාක්කි ලබා දීමට අකමැත්තෙන් සිටි අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුහු වැලිවේරිය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ රැඳී සිටියහ.
මේ අතර ජනතාව වෙනුවෙන් නීති ආධාර ලබා දීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුව වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ, හරිෂ්ක සමරනායක, ආසිරි ජයතිලක සහ හේමමාලි පෙරේරා යන නීතිඥවේදීහු කිහිප දෙනෙකුද වැලිවේරිය පල්ලියටද අනතුරුව පොලසිය වෙතද ගියහ.
ඔවුහු ජනතාවද දැනුම්වත් කළ අතර යුද හමුදාවේ ක්‍රියා පටිපාටියද දැඩි ලෙද විවේචකය කළහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ කිංස්ලි පෙරේරා මහතා -
ඔතන තිබුණේ පොඩි උද්ඝෝෂණයක්. මුලින්ම පාර වැහුවේ නැහැ. ටික ටික සෙනග වැඩිවුනා ඒත් මුලින්ම පාරවල් වැහුවේ නැහැ. අන්තිමට සෙනග වැඩි වුනාට පස්සේ නිකන්ම පාර වැහුනා. මොකද සෙනග හත් අට දාහක් හිටියනේ.
එතකොට පොලිසියෙන් ඇවිත් කිව්වා පාර අවහිර කරන්න එපා කියලා. අපි කිව්වා අපි පාර අවහිර කරන්නේ නැහැ මේක පිට්ටනියක් නෙමෙයිනේ සෙනග වැඩි නිසයි අවහිර වෙලා තියෙන්නේ කියලා.
ටික වෙලාවක් යනකොට හමුදාවෙන් ආවා. හමුදාවෙන් ආවේ පොලූ එහෙම අරගෙනයි. අපි එතකොට කිව්වා මෙතන වතුර ප්‍රශ්නයක් තියෙන්නේ අපි මහත්තයලත් එක්ක රංඩු වෙන්න වත් ප්‍රශ්න ඇතිකර ගන්නවත් මෙතනට ආවේ නැහැ ඒක නිසා ගහන්න කරන්න නම් මහත්තයලට ඒ කාලේ බුද්ධ පූජාවල් තියලා සෙත් පැතුවේ අපිනෙ කියලා . අපි සිංහල ජනතාවනේ අපිට එහෙම කරන්න එපා කියලා කියද්දිත් අපේ හමුදාවේ ලොකු මහත්තයට කෝල් එකක් ආවා. එයා කිව්වා මේක සමතයකට පත් වුනා කියලා ඉන් පස්සේ අපි පාර ඉඩ දෙන්න හදනකොට තමයි එකපාරටම මැද්දට පැනලා කගේදෝ කමිසයකින් ඇදලා ගත්තා ඒකෙන් තමයි ගෝරිය අටවාගත්තේ.
ඒත් ඒක්කම අපිට හමුදාවෙන් ගහන්න ගත්තා. ගහන්න එපා කියද්දිම ගැහැව්වා. ගහලා ගහලා පොලූ එහෙම විසිකරලා දැම්මා. ඉතින් අපේ පැත්තේ කට්ටයත් ඒ පොලූ අහුලගෙන මේ ගොල්ලන්ට ගැහුවා. ඊට පස්සේ වෙඩි තිබ්බා.
දිගට හරහට වෙඩි තිබ්බා. වෙඩි තියලා පැන්නුවා. ඒ පාර මටත් වැදුනා. මගේ කටටයි කකුලටයි වෙඩි තිබ්බා ඔතන හතරමං හංදියේම. ඊට පස්සේ කට්ටිය එහාට මෙහාට වුණා.
ඉන් පස්සේ මා රෝහලට ගෙන ගියා. ගමේ කව්රු හරි එක්කෙනෙක් අරගෙන ගියේ මට මතක නැහැ. ස්පිරිතාලට යනකොට අටට විතර ඇති. ඒ අරන් ගියහමත් මගේ සාක්කුවේ තිබුණු දුරකතනයත් ස්පිරිතාලෙදි නැතිවුණා. ඒකත් කව්රු හරි කෙනෙක් ගත්තා.
ඕක තමයි ඉතින් වුණේ වෙඩි තියන්න ප්‍රශ්නයක් නම් වුනේ නැහැ. හමුදාවෙන් තනිකරම වෙඩි තිබ්බා. ගහලා එලෙව්වා නම් ප්‍රශ්නයක් නැහැනේ. සෙනග යනවනේ. එක්කෝ වතුර බවුසර ගෙනත් තිබුණා. ඒවයෙන් විද්දෙත් නැහැ.
කදුළු ගෑස් ගැහුවෙත් නැහැ. ඒවා ගැහැව්වේ පස්සේ . ඉස්සෙල්ලාම එයාලා වෙඩි තිබ්බේ උඩටයි. වයර් වලට වෙඩි තිබ්බේ ලයිට් නැති වෙලා යන්නයි.
ඒ ඔක්කොම වෙඩි තියලා තමයි ඊට පස්සේ සෙනගට වෙඩි තිබ්බේ. ඉතින් අහිංසක ජීවිත තුනක් අපරාදේ නැති වුණා. ඉගෙන ගන්න ළමයි දෙන්නෙක්. ඒවා මහ ජාතික අපරාධ නේද?
හමුදාව මෙහෙම ක්‍රියා කරයි කියලා අපි හිතුවේ නැහැ. නිකන් කොටින්ට ගහනවා වගේ තමයි අපේ මේ සිංහලයට ගැහැව්වේ. කොටින්ට ගහනකොට උන් ලග ආයුද තිබනා ඒත් අපි ලග මොකවත් තිබුනේ නැහැනේ. පොලූ කෑල්ලක් වත් තිබිච්ච මිනිස්සු නෙමෙයිනේ.
මේක මෙතන කිසිම කෝලාහලයක් කරගන්න ආපු ගමනක් නෙමෙයිනේ. ඒ ගොල්ලෝ කෝලාහලයට පරිවර්ථනය කරගත්තා. ඒ ගොල්ලන්ගේ බලපුලූවන්කාරකමි මිනිස්සුන්ට පෙන්නුවා ඒකයි වුණේ.
ඕක ඔහොම දුර දිග යන්නෙත් නැහැ කව්රු හරි බලධාරියෙක් ඇවිත් මේකට ඉදිරිපත් වුණා නම්. ඕක විසදගන්න පුළුවන්ව තිබු දෙයක්. කව්රුවත් ආවේ නැහැනේ. අපි දවස් හයක් අතන පැක්ටරිය ළඟ නිදිමරාගෙන ඉඳලානේ මෙතනට ආවේ. ඒත් ඒ වෙලාවේ ක්‍රියා කළේ නැහැ. දැන් තමයි බොරුවට හොයලා බලනවයි කියන්නේ.
කව්රුවත් ලොක්කෙක් ආවේ නැහැ. ආවේ හමුදාවෙන් නැතන්ම් පොලිසියෙන්. ජනාධිපති තුමත් එක්ක සාක්්ච්ඡාවක් තිබ්බත් ඒ කටිට්ය කර්මාන්ත ශාලාව ඇරගෙන වැඩ කරනවා.
ඒකත් ඉතින් අනිත් දේවල් යට ගියාවගේ යටවෙලා යයි. අපිටත් අතනට එන්න කියනවා කට උත්තර ගන්න මෙතනට එන්න කියනවා. අපිත් අතනට මෙතනට ගිහින් රස්තියාදු වෙනවා. කාට කියන්නද මේවා?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙන් අහනවා මට දරුවන් නැද්ද කියල.දරුවන් නැත.රටට හෙන ගැහැව්වත් මට කමක් නැත.එදා වේල හොයාගෙන කාල මම ජීවත් වෙමි. (අ)
කවුද යකෝ මේ බන්දුල පෙරේරා..... (ස)
එඩිතර කතාවක් (නි)
ඒක තමයි. ඇත්තටම මොකද වුණේ? (නි)
මේ රණවිරුවොද? (නි)
මේක ලංකාවනේ මහත්තයෝ (නි)
මේ තත්වය නිර්මාණය කලේ කව්ද කියන එකයි වැදගත් වෙන්නේ.මොනවා වුනත් අශ්වයා පැනලා ගියාම ඉස්තාලෙ වහගන්න හදන වැඩක් තමයි මේ කරගෙන තියෙන්නේ.දැන්නම් මොන ප්‍රතිකර්මය යෙදුවත් වැඩක් නෑ.අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඉදිරියේදී,ඒ සදහා ඒ අයට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා! (ස)
බන්දුල මහත්මයෝ, දැන්වත් තේරෙනවද තුන්වෙනි පාර්ශවයක් නැහැ කියල. මෙතන ඉන්න එකම තුන්වෙනි පාර්ශවය තමයි බන්දුලලා වගේ අය. (ස)
මොකද වුනේ? (නි)
හමුදාවේ අය අත්අඩංගුවට ගන්න කල් නවත්තන්න හොද නැහැ. පුරුද්දට ගනී.(නදී)
මේ මහත්මය මාද්‍ය ඉදිරියේ එඩිතරව ප්‍රකාශයක් කිරීමෙන් පැහැදිලිවෙනවා ඒ අවස්ථාවේ මිනිසුන්ගේ තිබුන හැගීම් . මොන දේ උනත් ඔබ ඉදිරියේදී ප්‍රවේසම් වන්න. (දී)
ඔයා බබාද.. අපි බබාලාද..? මමනම් නිවුස් වලින් දැක්කා.. කට්ටිය ෆෝන් වලින් කතාවෙලා// අල්ලන්න අල්ලන්න කියලා.. පාර බ්ලොක් කරන හැටි.., වෙඩිකාපු නිසා දැන් මෙහෙම කියනවා.. වෙඩි තියලා මිනිස්සු මරණ එක හරි කියනවා නෙමෙයි,,, දැන් මිනිස්සු මොනවා හරි ප්‍රස්නයක් උණු ගමන් කරන්නේ පාරවල් වහන එක, පාරේ ටයර් දමලා ගින්දර අවුළුවන එක.. වතුර ප්‍රස්නෙන් පීඩාවට පත්උණු ඔයාලා කලේ මේකට කිසිම සම්බන්දයක් නැති.. මාර්ගය භාවිතාකරන පිරිසක් පීඩාවට පත්කරලා ඉල්ලීම් දිනාගන්න හදපු එක.. උද්ගෝෂණ වලදී ගිනි අවි මින්පසු භාවිතා නොවිය යුතු අතර, මාර්ග අවහිර කරමි සිදුකරන උද්ඝෝෂණද මින්මතු සිදුනොවිය යුතුය යන්න මගේ හැගීමයි.. (දී)
ඇයි දේවස්ථානයට රැස් වුනේ ? ඒක නඩු අහන තැනක්ද ? (ස)
මම දැකල නැනේ සත්‍යපාල ඇත්ත කියනවා- නීල් (ස)
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන නිසා රාත්‍රී කාලයේ ඔබව පැහැර ගනීවි.ප්‍රවේශමෙන් ! (ස)
බන්දුල කියන්නෙ හදවතක් තියෙන කෙනෙක් වෙන්න බැහැ, වෙඩි කාපු මනුස්සයා බේරුණ එක නරකයිද? (ස)
මිනීමරුවෝ ඔක්කොම ජිනීව මානව හිමිකම් කොමිසමට යවන්න ඕන. ඉහලින් නියෝගයක් නැතුව නිකන් ආමි එක වෙඩි තියන්නේ නැහැ. සිංහල වුණත් දෙමළ වුණත් මිනීමරුවෝ මිනි මරුවොම තමයි. (ස)
බන්දුල ඔය කතාකරන්නේ හොඳ සිහියෙන්ද? ලේ දකින්න කැමති මර්ජුවන කරයෝ නම් ඔය වගේ කතා කියනවා.මට හිතෙන්නේ බන්දුල වෙලාවකට මර්ජුවන ගහනවා. (ස)
මම නම් දන්නේ එකම දෙයයි. එය නම් මෙම රට රැක ගන්න දිවි හිමියෙන් කැපවුණ ජනාධිපතිතුමා ඇතුළු විරෝදාර රණවිරුවෝ කවදාවත් මිනිස් ජිවිත අහිමි කරන්නේ නැති බවයි.මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක්. (ස)
නියම නීති කමිටුව, බළලුන් ලවා කොස් ඇට බාවනවා.අපි තව මේ පාරත් ඡන්ධය මෙයාලටම දෙමු (අ).
මේ බන්දුල පෙරේරා පෙන්න නැද්ද . (දී)
රටක හමුදාවක් සහ පොලිසියක් තියෙන්නේ රටත් ජනතාවත් රකින්න්නයි. (ස)
දැන්වත් මොලය කල්පනා කරලා චන්දය දෙන්න ..
හුඟ කාලෙකින් කටේ මසුරන් , රන්කහවනු දාන්න ඕන කතාවක් අහන්න ලැබුන ...මේ වගේ බය නැතුව , එඩිතරව සත්‍ය කතා කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නවා නම් ඔය බොරු වීරයන්ගේ හුලන් ඉබේම නැතිවෙලා යයි ...වැඩේ වන වුන හින්දද ජනතාවට සාක්කි දෙන්න එන්න කියල බොරු වීරයෝ ටික ආවේ නැත්තේ ??? (දී)
අපි මේ පාරත් චන්දෙ දාමු අන්කල්. දීල වෙඩි කමු. (දී)
කිංස්ලි පෙරේරා මහතාගේ කතාවට ආණ්ඩුවෙන් මොනවද කියන්නේ..
මිතිල ඔයා ලංකාවෙද ඉන්නේ???? (ස)
මෙම සිදුවීම මම සම්පූර්ණයෙන් හෙළා දකිනවා (නි)
රට මෙතනට ගෙන ආ සියලුම දේශප්‍රේමී ජන නායකයන්ට අපේ උපහාරය. (නි)
තරු ගැහුවට උගත් නැ නිලධාරිවාදය නිසා හමුදාව අපකිර්ති වෙනවා (අ)
යුද්දෙට ගිය නියම රණවිරුවෝ ඔය වගේ බාල වැඩ කරන්නේ නැහැ.(අ)
මෙන්න දැන් ලංකාවේ හැටි. නීතියක් නැහැ. ඔක්කොම දේශපාලනයට යට වෙලා. කාට කියන්නද මේ දුක? (නි)
කොටි මැරුවෙත් සිංහලයන්ව. එදත් අදත් වැඩි වෙනසක් සිංහල ජාතියට වෙලා නැහැ. උතුර වේගෙන් දියුනු වෙනවා. සිංහල යට යන්න වත් බැහැ හිටපු තැන්වලට, එයාලට ඉඩම් ගන්න බැරි නිසා (තේසවලාමේ නීතිය) ඔප්පු නැහැ. පරම්පරා ගණන් හිටියේ කුලියට තමන්ගේ රටේම? දැන් එයාලට ඉඩම් දීල යවන්න ඕනේ නේද? මේවා ගැනත් කතා කරන්න, ඒ අහිංසකයෝ ඉල්ලුවොත් වෙඩි තියයි, අනිත් අය මුල් වෙන්න ඕනේ, සිංහල ජනතාවගේ නැතිවුණ අයිති ඔක්කොම ලබා ගන්න.. වතුර විතරක් නෙමේ. මේ එකාබද්ධව ඉල්ලීම් කරන්න ඕනේ වෙලාවයි. සේරම බෙදලා දෙනකල් බලා හිටියොත් අපේ ළමයින්ට මුදේ පනින්න වෙන්නේ. වෙරලක් අපිට ඉතුරුවෙලා තිබුනොත්? මේවත් ප්‍රශ්න.(නදී)
හිතට එන දුක කියාගන්න බැ. මෙහෙම හමුදාවකටයි අපි සෙත් පැතුවේ කියල හිතෙනවා. මට නම් දරාගන්න බේරී ලැජ්ජාවක් එන්නේ මගේ රටේ හමුදාව ගැන චික් විතරක්. මිනිහෙක්ගේ කකුල් දෙක කඩලා කඩපු ඒකාම කකුල් කැඩුණු මනුස්සයට රෝද පුටුවක් අරන් දුන්නට කකුල් කඩපු මනුස්සයා දෙවිකෙනෙක් වෙන්නේ නෑ. යුද්දේ දිනපු එක ඇත්ත. එහෙම කල කියල මේ වගේ පහත තිරිසන් වැඩ කොහොමටවත් අනුමත කරන්න බැ. සිංහලයන්ටම පෙනී පෙනී මෙහෙම පහර දෙනවනම් , දෙයියනේ අර කාටවත් පෙනුනේ නැති අස්සවල් වල හිටිය සිවිල් වැසියන්ට අගේට සලකන්න ඇති.අපි ජාත්‍යන්තරේට බැන්නට. අපිට වැරදිලා අපි රැවටිලා කියල හිතට දැනෙනකොට. ඇත්තමයි මට නම් මාරම ලැජ්ජයි. (අ)
මේව අහන කොට යුද්දේ තිබුනා නම් හොදයි කියල හිතෙනවා දැන්වත් වෙඩි තියන්න අණ කලේ කව්ද කියල මහජනයාට කියල ඔහුට උපරිම දඩුවම් දෙන්න (අ)
නූගත් කමක මහත (අ)
මෙය තනිකරම කර්මාන්ත ශාලාව පැත්ත අරගෙන මිනිස්සුන්ට විරුද්දව කරපු වෙදිතැබීමක්. මුන්ටනම් සෙත්පතන්න ජීවිතයට මින්පසු " පුජා"තියන්නය් නෑ . (අ)
කෙනකු, විශ්වයට, සොබාදහමට, මනුස්‌සකමට එරෙහිව ගියහොත් එය ඉතා සීමිත දුරක් පමණි. ඒ දුරෙන් කිසියම් ප්‍රමාණයක් දැනටමත් අප ගොස් හමාරය. (ස)
බන්දුල පෙරේරාට අසරණ මිනිසුන් එක්ක තියෙන්නේ බද්ද වෛරයක් (නි)
සියලු විසදුම් හනිය සිදුවූ පසුව ,මේක ලංකාවනේ මහත්තයෝ (අ)
රණවිරුවෝ කියපුවම ජාති දෙකක් ඉන්නවා. යුද්දේ කරපු රණවිරුවෝ සහ රණවිරු ලේබලේ වැදුන අය... (නි)
ආයුබෝ වේවා (අ)
පිට බැද්දර ජයා කියපු අදහසක් මට මතක් වුනා.දැන් ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් වෙනුවෙන් සොයා බලන්න නියෝජිතයන් අපේ දෙපා මුලටම ඇවිල්ලා තිබෙනවා. (නි)
එ රණවීරෝ නෙමේ රණ මරුවෝ. (අ)
කොටින්ව පරද්දපු අපේ නියම රණවිරුවෝ මේ වගේ පහත් වැඩ කරන්නේ නැහැ. ඒ අයට අපි තාම ආදරෙයි. නමුත් මේ කරපු වැඩේ නම් ලොකු චන්ඩි වැඩක් නෙමෙයි (නි)
මේගොල්ල කව්රුත් මහජනතාවගේ කකුල් දෙක ලඟට එන දිනයක් තියෙනවා.එදාට මේ ගොල්ලන්ට විරුද්දව ඡන්ද කතිරයෙන් උත්තර දෙන්න. හැබියි මේ කිසිම එක්කෙනෙකුට දෙගමනක් බලය නම් දෙන්න එපා. දෙවැනි ගමන බලයට අපු ගමන් මේගොල්ලන්ගේ ඔලු ඉදිමෙනවා. (අ)
වෙඩි තියපු එකා හමුදවෙනම් වෙන්න බැහැ..නැත්නම් මේ කටට හරියට තියාගන්න බේරී වෙන්නේ නැහැ මේ වගේ මුසාවාද නොකියන්න.(අ)
බන්දුල කියන්නේ අපරාධකාරයෙක් වගේ පෙන්නේනේ.... (ස)
මේ ගොල්ලෝ සේරම වහල බොරුවක් එලියට දෙවි (අ)
එදා ජෙනරාල් සරත් ෆොන්සේකා යටතේ හිටපු හමුදාව නොවේ අද ඉන්නේ. (නි)
මගේ රටට මම ආදරෙයි. මේ ගැන මට දුකයි (නි)
ඔන්න ඔන්න ඉතින් බයිලා ගහනවා. සෙනග වැඩිකමට ඉබේ පාරවල් වැහෙන්නේ කොයි රටේද? සෙනග ඉන්න ඕනේ පාර අයිනේ. පර පනින විදිය, පාරේ පයින් යන විදිය කියල දීල තියෙන්නේ හෝඩියේ පන්තියේ ඉන්නකොට නේද? පාර මැද හිටගෙන එක්රැස් වෙන එක හරි කියලද කියන්නේ. කමිසෙන් අල්ලන්න නෙමෙයි පස්ස පැත්තට පින් දෙන්න තිබුනේ. ඔන්න පාර අයිනේ ඉද්දි හමුදාව හරි පොලිසිය හරි ඒවගේ ජඩ වැඩක් කලානම් එයාලට පස්ස පැත්තට පයින් දීල එලවන්න තිබුන. (අ)
ආණ්ඩුවක් නැහැ වගේනේ. (ස)
සියල්ල අහිමි වූ ප්‍රදේශවාසීන්ට සාධාරණයක් ලැබිය හැකි වේවිද? විනිශ්චය පිලිබඳ දැනටමත් සැක සංකා ඇති වී තිබේ. ජීවිත අහිමි වූ සහ තුවාල ලත් අය සියලු දෙනා වෙනුවෙන් සියලු ගම්වාසීන් එක්ව කඩ වූ මානව හිමිකම් පිළිබඳ නඩුවක් ගොනු කිරීමෙන් සාධාරණයක් ලබා ගත හැකිවේ යැයි විශ්වාස කරමි. (නි)
මෙම සිද්ධියේදී හමුදාව ක්‍රියා කරපු ආකාරය ගැන දුකක් සහ කලකිරීමක් ඇතිවෙනවා.මින් ඉදිරියටවත් හමුදාවට බෝධි පූජා පවත්තපු තම ජාතිය දෙස මෙලෙස නොබලා, හදවතින් සහ මොලයෙන් වැඩකරන්න (නි)
මෙතන මිනිස්සුත් වැරදියි හමුදාවත් වැරදියි. අනික මේකේ කියන විදිහට සිංහල මිනිස්සු හමුදාවට කියනවා අපි සිංහල නිසා ගහන්න එපා කියලා. එහෙම කියපු කෙනාට තමයි මම හිටියා නම් ඉස්සෙල්ලාම ගහන්නේ (නි)
මේ වගේ අහිංසක මිනිස්සුන්ට ඔය විදිහට පහර දෙන්න මේ රටේ හමුදාවකට ශක්තියක් ලැබුනේ කොහොමද? හමුදාවේ ඉන්නෙත් මේ රටේ අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ නේද? ඒගොල්ලන්ට මේ මිනිසුන්නට වෙඩි තියන්න කියලා නියෝගයක් කවුරු හරි දුන්නත් මෙහෙම වෙඩි තියන්න අහිංසක තුන් දෙනෙක් මරන්න හිතක් කොහොමද ඇති වුණේ මේ මිනිස්සුම නේද දැනට කලකට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට සෙත් පැතුවේ? මේ කළු පැල්ලම කවදාකවත් මේ රටෙන් ඉවත් වෙන්නේ නැහැ. දැන් ඉතින් මේ අහිංසක මිනුස්සුන්ට වන්දි ගෙව්වා කියලා අර අහිංසකයන්ට පණ එන්නේ නැහැනේ. (නි)
බන්දුලලා වගේ කට්ටියව තියන්න වටින්නෙ නැහැ ඇත්ත දැක දැක බොරු දානවට (නි)
බන්දුල මහත්තයෝ, ඔයාගේ කට ගැන වෙන්න ඇති නේද කිව්වේ? නිරායුධ මිනිස්සුන්ට තුවක්කු දික් කරපු උදවියට ආවඩන්නේ ඔයාගේ කටින්නේ. (නි)
වතුර ප්‍රශ්නයට මුලික වී මාරාන්තික උපවාසය කලළ තෙරිපැහැ සිරිදම්ම හිමියන්ගේ අලුත් ජනමාද්‍ය සාකච්ඡාවක් පවත්වන්න බැරි ඇයි? (නි)
මතු උපන් ජාතිවත් මෙහෙම රටක නුපදිවා! අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ... (නි)
හිතට දුකයි, කලකිරීමයි, කමක් නැහැ අපේ යුතුකම කළ යුතු කාලේදී අපි කළා. මතක තියාගන්න යුද්ධය දිනුවේ එයාලගේ හයියෙන් විතරක්ම නොවෙයි. මතකද රණවිරුවන්ට ආධාර දීපු වයසක අම්මා? ඒ වගේ අහිංසක අසරණ සිවිල් ජනතාවගේ සවියත් දස දහස් ගුණයකින් මේ අයට එකතු වුණා. ඔය පළාතේම අම්මලා කීදෙනෙක් දරුවෝ රටට පරිත්‍යාග කරලා ඇද්ද? යුද්දේ දිනුවේ එක අයෙකුගේ ශක්තියෙන් නොවේ. යුද්දෙට අකමැති රටේ සාමයට කැමති කාගේත් සහායෙන්. අද ඒක එක එක්කෙනා එයාලගේ පොකට් වලට දාගන්න හදනවා..ඕවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම ගණයට ඇතුලත් වෙලා ඉවරයි.කාටත් ජය වේවා! (නි)
ඔය බන්දුල පෙරේරා කියන්නේ මනුස්සයෙක්ද ? හමුදාව කියන්නෙත් වැටුපට වැඩ කරන සේවක පිරිසක්.එයාලට ඉහළින් අණ ලැබුනම එහෙම කරන්න වෙනවා.මෙතන එලියට නොඑන කරුණ තමයි කව්ද වෙඩි තියන්න නියෝග දුන්නේ කියන එක.අන්න එයාටයි දඩුවම් කළ යුත්තේ (නි)
බන්දුල පෙරේරා ජනප්‍රිය චරිතයක් වී ඇත . කරුණාකර ඡායාරූපයක් පල කරන්න. වීරයා එතෙර සිට.(නදී)
මහත්තයා, ඔබ මේ වගේ ඉදිරිපත් වෙලා කතා කරන එකට හිස නමා ආචාර කරනවා.ජාත්‍යන්තරයට මේවා ගියාම මොකද වෙන්නේ? (නි)
බන්දුල පෙරේරා බංග වේවා ! (නි)
ලංකාවේ හමුදාවේ ඉන්නේ කොහොම මිනිස්සුද? (නි)
අයියෝ හමුදාව! (නි)
88,89 යුගය මතක් වෙනවා (නි)
මම නොදන්නා නිසා අහන්නේ. බන්දුල කියන්නේ කකුල් කීයක කෙනෙක්ද? (නි)
රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබළුනි, අසනු මැනව! වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය... යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව (නි)
අඬලා වැලපීලා පලක් නැහැ ඇයි කළේ වැරදි ලෝකේ.. ඇයි කළේ වැරදී... (බෙග් මාස්ටර්) (නි)
කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා - එහෙත් මර්දනයට එරෙහිව නම් කට නෑරපල්ලා! (නි)
අද රණවිරුවාට රණවිරුවා කියලා නොවෙයි අමතන්නේ. අනේ හමුදාවට ගිය කල! (නි)
ඔය තියෙන්නේ සාක්ෂි. තව මොකටද? දැන් තේරෙනවනේ කවුද කළේ කියලා (නි)
මේ අසරණ සෙබළු කරන්නේ අකමැත්තෙන් වුවත් ඉහළින් එන විධානය ක්‍රියාවට නැගීමයි (නි)
ඇත්තටම සිදුවුණ දේ අපි ඇස් දෙකින් දැක්කා (නි)
මම මේ කියන්නෙ මගෙ හිතට ගොඩක් වද දෙන දෙයක්. අපෙ හමුදා විරුවො එල් ටී ටී එකත් එක්ක යුද්ද කරද්දි මම ගොඩක් ආඩම්බර වුණා අපේ හමුදා විරුවන් ගැන. ඔවුන් වෙනුවෙන් බෝධි පූජා තිබ්බා. පස් වතාවක් ලේත් දන්දුන්නා.පිට රටකට ගියාම වුණත් ගොඩක් ආඩම්බරෙන් ගෞරවයෙන් කතා කළේ ඔවුන් ගැන. ඒත් ඇස් පනාපිටම අහිංසක මිනිස්සුන්ට පහර දෙද්දි මට පුදුම හිතුනා ඔවුන්මද මේ කියලා.මම දැනගෙන හිටියෙ නැහැ මොකක්ද හේතුව කියලා නම්.සිංහලයෙක් වුණ මට එහෙම හිතුනා නම්, මානව හිමිකම්,යුද අපරාධ ගැන ලංකාවට ලෙඩ දාන්න බලාඉන්න අයට, කොහොම සතුටක් දැනෙන්න ඇද්ද?අද මම දැක්කා හමුදා මේජර් කෙනෙක් ගංජා ගෝනියක් එක්ක අහුවෙලා. පහුගිය ටිකේම වුණ ගොඩක් අපරාද වලට අපේ හමුදාවෙ අය සම්බන්ධයි. කොහොම වුණත් දයාබර විරුවනේ ඔබ හැමදාමත් අපේ හිත්වල ඉන්නවා. අපි ඔබට ණයගැතියි.අපි ඔබට ආදරෙයි.කරුණාකර අප හදවත් තුල ඇති ගෞරවය රැක ගන්න.ඔබ හැදු වැඩු දෙවිවරු දෙපලට ඔබ කරන උතුම්ම පරිත්‍යාගය එයයි. (නි)
බන්දුල පෙරේරා වගේ මිනිස්සුත් ඉන්න රටක වෙන මොනවා බලපොරොත්තු වෙන්නද? (නි)
රවින්ද්‍ර ඔබ හරි.හමුදාව කලේ ඉහලින් ලැබෙන නියෝග අනුව ක්‍රියා කිරීමයි.මෙතන වැරැද්ද ඔබලාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මහජන නියෝජිතයන්ගේ.(ස)
ඇත්තටම මේ කට්ටියට වුණ අසාධාරණයට සාධාරණ විසදුමක් දෙන්න ඕනෑ.කවුරු මොනවා කිවුවත් මෙහෙම කරන එක වැරදියි (නි)
කට්ටිය පාලු ගෙදර වලන් බිදලා ඉවරද? (නි)
ඔය බන්දුල පෙරේරාටත් මෙහෙම වුණාම තේරෙයි.වැලිවේරිය පැත්තෙත් මේ වගේ අය ඉන්න ඇති ඉස්සර (නි)
සමාවෙන්න මෙහෙම කියනවට. " බනිස් ගෙඩියට බීඩි මිටියට නුසුදුස්සන් පෙරහරෙන් පාර්ලිමේන්තුවට ගෙනිච්ච නුඹලාට ඔහොම ගහලා මදි" (නි)
අනේ අම්මේ! කට්ටිය ඔය වැඩට බැහැල තියෙන්නේ.එරමිණිය ගොතා ගෙන කුරා කුඹියෙකුටවත් හිංසාවක් නැතුව කරපු මේ අහිංසකම අහිංසක උද්ගොෂණයට හමුදාව ඇවිල්ල වෙඩි තිබ්බනේ අම්මපා. කාවද මේ රවටන්න හදන්නේ?ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන සාමකාමී මහජනතාවගේ ආශීර්වාදය හමුදාවට හැමදාම තියෙනවා. (නි)
සමස්ත රාජ්‍ය කළමනාකරණයම පිරිහිලා.ජනතාව රැවටිලා. (නි)
බන්දුල පොඩ්ඩක් බලන්න ඔයාට කොන්දක් තියෙනවද කියලා කට තිබුන පලියට කතා කරන්න එපා .(ස)
හමුදාව එතෙන්ට ගෙන්නපු එකත්, ඒ වගේම හමුදා වෙඩි තැබීමත් අපි දැඩිව හෙලා දකිනවා. (නි)
මුළු රටේම ගෞරවයට ආශීර්වාදයට ලක්වූ හමුදාවක් මෙවන් ප්‍රහාරයක් සිදුකිරීම මුළු රටම හමුදාව කෙරෙහි තිබුන විශ්වාසය දැඩි ශෝචනීය තත්වයකට පත් කිරීමක් (නි)
තවත් මේ පුවත ගැන ලේ පුච්චා ගන්න අවශ්‍ය නැහැ. (නි)
ලස්සන කියමනක් තියනවා පණ්ඩිතයින් පය ගහන්න බය වන තැන මෝඩයෝ බඩ පිනුම් ගහනවා කියලා. බන්දුල පෙරේරා බඩ පිනුම් විතරක් නෙමෙයි ගහන්නේ.(ස)
නියම රණවිරුවෝ බොහෝ දෙනෙක් එදා සටනේදී මියගියා (නි)
වීඩියෝ එක යටින් ඉංග්‍රීසි උපසිරසි ටිකක් දාන්නකෝ. (නි)
බොහෝ දෙනෙකුට මේ තුලින් නෙත් පෑදිච්ච එක ලොකු දෙයක්. හමුදාව කියන්නේ හමුදාව. ඊජිප්තුවේ වෙන දේ පේනවා නේද? දැන්වත් කල්පනාවෙන් වැඩ කරන්න. (ස)
එහෙම කරේ ඇයි (අ)
අපරාදේ නැතිවුණ ළමයින්ගේ ජීවිත. (නි)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)
ජාත්‍යන්තරයෙන් පරීක්‍ෂණයක් කරන්න මානව හිමිකම් නියෝජිතයන් එනවා නම් අපි ඔවුන් සාදරයෙන් පිළිගනිමු.(ස)
බන්දුල පෙරේරා.අසරණ මිනුස්සයෙක්. සත්‍ය කියද්දී ඉවසන්න බැරිනම් කට පියාගෙන ඉන්න.ඔහේ හදවතක් නැති කෙනෙක් වුනාට ඒ බව ලෝකෙටම පෙන්වන්න එපා.(ස)