‘නොකළ වරදවල්වලට අද හිරේ දානවා. ඒක තමා එක්සත් ජාතික පක්ෂය බලයට ආවම වෙන දේවල්. එදා විජය කුමාරතුංග සමය හා අද එක සමාන යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
‘අද අගමැති ප්‍රසිද්ධියේ මාධ්‍ය ආයතනවල නම් හා පුද්ගලයන්ගේ නම් කියමින් ඔවුන්ට බනිනවා. ලසන්ත වික්‍රමතුංග ගැන පරීක්ෂණ කරන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ පරීක්ෂණ කරද්දී පාර්ලිමේන්තුවේ තිබෙන හැන්සාඩ් වාර්තාව කියවා බලන්න. මම හිතනවා අද විජය කුමාරතුංග හිටියානම් අපේ පැත්තේ ඉඳන් මේ වගේ දේවල්වලට විරුද්ධ වෙනවා.‘ යැයි විජය කුමාරතුංග 28 වැනි ගුණසමරුව අද කොළඹ නව නගර ශාලාවේදී පැවැති අවස්ථාවේ රාජපක්ෂ මහතා එසේ කීවේය.
ඊට සමගාමීව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 32වැනි සංවත්සරය ද පැවැත්විණි.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු පිරිස පැමිණ සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මහජනතාවගේ බදු මුදල් වලින් විශාල කොටසක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සදහා වියදම් කෙරෙනවා. මේක ජනතාවට විශාල බරක්. රජයට අයත් වගා නොකළ මුඩු බිම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ ඉඩම්වල විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ උදව්කරුවන් එක්ව නව තාක්ෂණික උපකරණ භාවිත කොට වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළහොත් ජනතාවට බරක් නොවී විපක්ෂය මන්ත්‍රීවරුගේ වියදම් පියවා ගැනීමට පුළුවන . ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසු නම්, රජකමට සුදානම් වන අය ගොවිකමට නුසුදුසු වන්නේ කෙසේද?. (ර)
දැන්ද විජය මතක්වුණේ? (නි)
පුදුම ආදරයක් විජයට තියෙන්නේ. අනේ විජය මේක දකින්න හිටියා නම් (නි)
එක පැත්තකින් මාධ්‍ය මර්දනය, අනිත් පැත්තෙන් භික්ෂුන් වහන්සේලා මර්දනය. මේ සැරසෙන්නේ කුමකටදැයි හොඳින් සිතා බලන්න. (නි)
මහින්ද ජනතා අනුකම්පාව දිනා ගැනිමට දරන උත්සාහය රටටම පැහැදිලියි. යුද්ධය දිනු නායකයා වශයෙන් අනුකම්පාව ලැබුනත් හෘද සාක්ෂිය විසින් ඔහු මැරි මැරී උපදියි. බුද්ධ ධර්මය අනුව රජකම් කළත් කළකම් පළදේ. (නි)
මැරිලා ඉපදුනා වගේනේ කතා කරන්නේ. මිනිසුන්ගේ බුද්ධිය ඔච්චර අවතක්සේරු කරන්න පුලුවන්ද? (නි)
රාජපක්ෂ මහත්තයා හොඳ මනුස්සයෙක්. හොර බොරු නොකෙරුවා නම්, අන් අයට සල්ලි ගසාකන්න නුදුන්නා නම්, තමන්ගේ පරම්පරාව දුරින් තියාගත්තා නම්, වටේ එල්ලෙන්න වැල් නැතුව ඉන්න අය කිට්ටුවට නොගත්තා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැති බව මට නම් ඉර හඳ වගේ විශ්වාසයි (නි)
විජය කියන්න මහා ලොකු උගතෙක් නෙමෙයි. හැබැයි අපේ රටට නිවැරදි දේශපාලනික ප්‍රතිපත්ති මුලින්ම ඉදිරිපත් කළේ විජය. ඒකයි ඇත්ත. ඔහුට ඕනෑවුණේ සිංහල දමිළ හැමෝම එකා වගේ ජීවත්වෙනවා දකින්න. මහින්ද මහත්තයයි විජයයි ප්‍රතිපත්ති අතින් අහසයි පොළවයි වගේ. (නි)
විජය මහත්තයා කියන්නේ දුප්පත් ලෙඩුන්ට තමුන්ගේ වාහනය දීලා බස් එකේ යන මනුස්සයෙක්. පුතුන්ට දුප්පත් මිනිසුන්ගේ බදු සල්ලි වලින් ලැම්බෝගිනි අරගෙන දුන්න මනුස්සයෙක් නෙමෙයි. චන්ද්‍රිකා ගැන අපි දන්නේ නැහැ. හැබැයි විජය වගේ මිනිස්සු එකිනෙකාගේ පහත් දේශපාලනයට පාවිච්චි කරන්න එපා. (නි)
කවුරු මොනවා කිවුවත් විජය හොරෙක් නෙමෙයි. (නි)
අද දේශපාලනය පොරපිටියක් ඇතිවී තිබෙන්නේ ඇයි? අලුත් පක්ෂ හදමින් ගහමරා ගනිමින් බලය ලබා ගැනීමට විවිධ පිරිස් උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරයට නොවේ. වෙනත් රටවල දේශපාලකයන් සිය දේපල මුදල් ජනතාව වෙනුවෙන් කැපකරයි. විජය වැනි මහත්වරු එවැන්නෝය. දුප්පත් ජනතාවගේ සංවර්ධනය සදහා පොදු අරමුදලක් අවශ්‍යය. මේ අරමුදලට කාර් පර්මිට් වලින් ලැබෙන ආදායම්, මැතිවරණ සමයේ ඉතිරිවන මුදල් සහ වෙනත් පුද්ගලික මුදල් පරිත්‍යාග කිරීමට දේශපාලකයනට අවස්ථාව දියයුතුය. එවිට මැතිවරණ සමයේදී මේ පරිත්‍යාගශීලීන්ගේ නම් පරීක්ෂා කිරීමෙන් රටට ජනතාවට හිතැති සැබෑ ජනතාවාදී දේශපාලකයන් ජනතාවට හඳුනාගත හැකිවනු ඇත. (නි)
දැන් කරුණාකර ගෙදරට වෙලා ඉන්න. රට කරන්න මෙහෙම අය නැතුවාට කමක් නැහැ (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
දැන් බලනකොට බලය නැතිකොටත් සමහරුන්ට මොළය නැහැ වගේ. (නි)
රට බේරගත්තට හැමදාම මෙයාට කලගුණ සලකමු. අපි පිස්සෝ වගේ මරාගමු. අපි එකිනෙකාට දොස් කියාගමු. මුන්ව පොහොසත් කරමු. රට ආපස්සට අරන් යමු. විජයට ජය වේවා. විජය සදා විරුවෙක්, හොඳ මහත්මයෙක්, මානුෂිය ගති ඇති චරිතයක්. අපි 1980, 1990, 2000, 2010 සහ දැනුත් ඉන්නවා, අපිට ඔක්කොම මතකයි හැමෝම කරපු දේවල් මතකයි. ලංකාවේ මිනිස්සු ආකල්ප වෙනස් කරගන්නකන්, හැමදාම එකිනෙකා මරාගන්න, ජාතියක්ම වේවි. (බ)
විජය කුමාරතුංග සමරන සමහර අය දැක්කහම විජය හිටියා නම් කොහොම හිතයිද? (නි)
මොනවද මේ කතා? (නි)
මොහොමඩ්,හොරුත් සමග හෙළුවෙන් කියල තේරුණු එක ලොකු දෙයක්. (බ)
ඔක්කොම එකතුවෙලා අපිට විහිළු කරනවා. (නි)
නුවන්, සමීර, කමල්, වින්සන්ට්, විජයගේ ගුණ සමරුව කරන්න චන්ද්‍රිකා මැතිනිය ලංකාවෙත් නැති කාලයක් තිබුණා. ඒ කාලෙත් මහජන පක්ෂය විජය ගුණ සමරුව ඔය විදියටම කළා. මහින්ද මහතාත් ඒවාට සහභාගි වෙලා තියනවා. මහජන පක්ෂය කියන්නේ විජය පිහිටවපු පක්ෂය. චන්ද්‍රිකා මැතිනිය ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නිදහස් පක්ෂයට ගියා. නමුත් ඒ පක්ෂය රැකගත් පිරිසට විජය ගුණසමරුවක් තියන්න බැහැ කියලද ඔයාලා කියන්නේ. (නි)
නුවන්, සමීර, කමල්, උපාලි, සඳුන්, මේවගේ උත්සවයක් සංවිධානය කළ පළමුවෙනි වතාව මෙය නෙමෙයි. අනික මෙතන කතාකළ එකම කෙනත් මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි. (නි)
මේ අනුකම්පාව ගන්න කරන දේවල් (නි)
නීතියෙන් දඬුවම් ලැබෙන බයට විකාර දොඩවනවා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
මේ ඔක්කොම හදන්නේ අපිව අන්දන්නද? (නි)
මෙතන අදහස් දාලා තියෙන බොහොමයක් ඉපදිලා තියෙන්න පසුගිය අවුරුද්ද ඇතුළත වෙන්න ඕනෑ. නැත්නම් මේ වගේ දේවල් ලියන්න පහසු නැහැ මහින්දට එරෙහිව, පොඩ්ඩක්වත් මතක ශක්තිය තිබුණා නම් (නි)
ජයන්ත, අපේ හුඟක් අයට දවල්ට කන්න බඩගිනිවෙනකොට උදේට කෑවද කියලත් මතක නැහැනේ. ඇත්තටම මෙතන ලියන්නේ 2009 වෙනකොට 8 වසර පාසල් ගිය උදවිය. ඒ අයගේ දෙමවුපියෝ ඇගේ ලේ වතුර වෙවි, වැඩට ගිහින් ඇවිල්ලා මේ අයට කන්න දුන්නනේ. ඒක දැන් ඒ අයට මතක නැහැ (නි)
දැන් ඔය කතා මිනිස්සු පිළිගන්නේ නැහැ මහත්තයෝ (නි)
දේසපාලන බංකොලොත්කම උග්‍රවෙලා වගේ පෙනෙන්නේ. විජයගේ ඝාතනය ගැන සොයන්න උවමනාව තිබුනා නම් මෙයාටත් අවුරුදු 10 ක් තිබුනා. ජනතාව මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ. (නි)
සීයට සීයක් කතාව ඇත්ත. එතුමාගේ කාලේ මානව හිතවාදය රජවෙලා තිබ්බේ. කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් ආණ්ඩුවෙන් සිද්ධ වුනේ නැහැ. රට කරපු උදවිය බෝධිසත්වයෝ වගේ ක්‍රියා කළේ. (බ)
මහින්ද හෝ ශ්‍රීලනිපය විජයේ ගේ මරණය හෙළාදකිමින් කළ කතාවක් හෝ පුවත්පත් නිවේදනයක්වත් පෙන්නන්න පුළුවන්ද ඔය කිඹුල් කදුළු හෙලන අයට.. එදා එය නිහඩව අනුමත කරපු අය දැන් මේ මොකද හිටපු ගමන් වේදනාවක්. (බ)
මිනිස්සු පිළිගන්නේ මොනවද? (නි)
විජයව දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරන්න එපා (නි)
බලය ඇති කාලෙ නොකළ දේ දැන් මොටද (බ)
විලිලැජ්ජා නැද්ද ඔය මහත්වරුන්ට අවරුදු 20ක් බලයේ ඉන්න කාලේ කළේ නැති ගුණ සැමරුම් පැරදිලා ඉන්න පලවෙනි අවුරුද්දේම කරන්න. ඔයගොල්ලෝ හිතන් ඉන්නේ මහජනතාව මෝඩයෝ කියලද? විජයට අපි ආදරේ කළේ ඔහුගේ තිබුන ආකර්ශනයටයි හොඳ මනුස්සකමටයි. විජය විකුණගෙන කන්න ලජ්ජා නැද්ද ??? විජයට ආදරය කරන්න අපිට පක්ෂ භේද තිබුනේ නැහැ මනුස්සයෝ. (බ)
ඔබට බලය තිබෙන විට යුක්තිය නිතිය රජකරන රටක් ගොඩනැගීමට කාලය අවකාශය තිබුණා දැං පරක්කුයි (බ)
පරාදවුණාමනේ විජයව සමරන්නත් මතක්වෙලා තියෙන්නේ. කමක් නැහැ එහෙමහරි සමරනවානේ. (නි)
විකිණිය හැකි හැම දෙයක්ම විකිණීම දේශපාලකයන්ගේ උපන් පුරුද්දකි. මළගිය ඇත්තන් හෝ විකුණා බඩවියත රැක ගැනීමට ගන්නා උත්සාහයන් පිළිකුල් සහගතය. ප්‍රවීන සහ ජෙෂ්ඨ මාධ්‍යවේදීන් වශයෙන් පෙනීසිටින අයද මේ ගෝස්තරවාදින් පසුපස දකින්නට ලැබීම කණගාටුවට කරුණකි. අඩුම වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිරේ දැමීමට කටයුතු නොකළ කෙනෙක් මෙවැන්නක් ප්‍රකාශ කළා නම් ඉවසන්නට පුළුවන. (බ)
විජයගේන් හරි වාසියක් ගන්න. (ර)
මේගොල්ලන්ට දැන් තමයි විජය මතක්වෙලා තියෙන්නේ. (ර)
විජය කුමාරතුංග සමය කියලා සමයක් තිබුනද? (නි)
ඉතින් එක්සත් ජාතික පක්ෂයද බලයේ ඉන්නේ දැන්? ඇයි, ඔබ තුමාගේ පක්ෂේ ඇමතිවරු බර ගානක් ඉන්නවා නේද? ජනාධිපතිතුමාත් ඔබේ පක්ෂයෙනේද? (බ)
විජය නාමය සදාකාලිකයි (නි)
විජය විකුණන එකටනම් හිත ඇතුලෙන් පුදුම වේදනාවක් එන්නේ. මොවුන් මිනිස්සුද? (බ)
මහින්ද රාජපක්ෂ අවරුදු 10 විධායක ජනාධිපති වී හිටයා ඔබට මතක ඇති ඒ කිසි දිනක මෙවෙනි ආකාරයක විජයගේ සැමරුමක් දෙක නැත මෙවනි දේශපාලන අද බාලයෝ අපට සිටීම කනගාටුවකි (බ)
එතුමාටත් අමතකවීමේ රෝගය හැදිලා වගෙයි (නි)
සමහරුන්ට නම් තවමත් මහින්ද භීතිකාව වගෙයි (නි)
පුතාට අච්චර සල්ලි ලැබුනේ කොහොමද කියල කියන්නකෝ. ඔක්කොම කතා ඉවරනේ එතකොට. (බ)
මේවා ඔක්කොම ජනතාව තවත් රවටන්න කරන ජවනිකා නොවේද? (නි)
මෙන්නෙ හිත පරිසිදු නායකයෝ. (හේ)
විජයව විකුණගෙන කන්න එපා මහත්තුරුනේ. වෙන පාරකින් ගොඩ එන්න බලන්න.(හේ)
ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි ලු.(හේ)
විජයගේ ප්‍රතිපත්ති වලට ඔබ එකඟද මහින්ද මහත්තයෝ. එහෙමනම් ඔතන සිටිය හැකි එකම පුද්ගලයා වාසු විතරයි. අඩු ගානේ ඔබටවත් මෙතන සිටීමට යුතුකමක් නැහැ. මේ සුදානම් වෙන්නේ නැවත වටයකින් ඔබේ පාක්ෂිකයින්ව ගොනාට අන්දවන්නයි.ඒක සාර්ථක වුනත් සමස්තයම ගොනාට අන්දවන්න ඔබට බැහැ. (බ)
අනේ මගේ කට ! මෙයා මේ විදියට කියන්න හදන්නේ මෙයාගේ මාංචු පිටින් හිරගෙදරට අරන් ගිය පුතා ගැන වෙන්න ඇති : " නොකළ වරදවල්වලට අද හිරේ දානවා " !!! ඉන්න හලෝ පොඩ්ඩක් කලබොල නොවී. නඩු අහල වසර ගණනකට ඒ ගොල්ලෝ ආණ්ඩුවේ බෝඩිමට ගියාම ඔය වචන වමාරන්න වේවි ඕක කියන්නත් විජය විකුනම් කන්නත් තරම් මෙයා වැටිච්ච වැටිල්ලක්.(බ)
අපිට නම් එහෙම සමානකමක් පෙනෙන්නේ නැහැ (නි)
අනේ මැරිලත් ඉන්න නැ විජය වත් විකුණනව පව් (බ)
විජය කුමාරතුංග මහතා සමඟ ඔබතුමාව සමාන කරන්න එපා. (නි)
අනේ අනේ මහත්තයෝ! (නි)
බලය තිබෙනකොට මතක්වුණේ නැද්ද? දැන් වටේ ඉන්න අයගේ අදහස් වලට අනුව වැඩ කරන්න පුරුදුවෙලා වගෙයි (නි)
අහන්න තියෙන්නේ එකම එක පුංචි ප්‍රශ්නයයි, ඔබතුමා බලයේ ඉන්න කාලේ අවුරුදු කීයක් විජයව අනුස්මරණය කලාද? (ර)
ඔබ කොහොමද ඔහොම කතාකරන්නේ? (නි)
විජයට සිරබාරයට ගත්තේ විජයට තිබුන බයට. ඔය කියන අයත් එදා කටවහගෙන හිටියේ. ඔතන එක අයෙක් අඩු මොකද දන්නෙ නැහැ (නි)
ඔහු කළදේවල් අද ඔබට මතක නැහැ (නි)
අපිට නම් ලැජ්ජයි මේවා දකිනකොට (නි)
ඔය පරාජිතයෝ සමඟ අගාධයට යන්නේ නැතුව නම්බුකාරකමට කුරුණෑගල මන්ත්‍රී වුණා නම් එහෙට ගිහින් වෙන වැඩක් කරන්න. කුරුණෑගල ටවුම අපිරිසිදු වෙලා. හදලා පෙන්වන්න. (නි)
එක කාලයක් සරත් මහත්තයා ප්‍රමුඛ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ලබාදුන් යුධ ජය තමන් කළ එකක් වගේ කියෙව්වා. දැන් විජයව අල්ලාගත්තද? (නි)
ඒකත් එහෙමද? (නි)