‘ජර්මනිය සහ ඔස්ට්‍රියාව කියන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය දුන් රටවල් දෙකක්. ඒත් අපේ ජනපතියි අගමැතියි දෙන්නගේ සුසංයෝගය නිසා දැන් ඒ දෙරටම අපිට පූර්ණ සහයෝගය දෙන්න සූදානම්‘ යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.
පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේදී ඇමැතිවරයා එසේ කීය.
මුදල් ඇමැති රවී කරුණානායක එහිදී කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ජනපති ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ විවිධ ආයෝජකයන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් නැවත ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීමට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැල යන පැත්තට මැස්ස ගහන අය ගෙන් එක්කෙනක් තමයි මෙයත්,(බ)
අපිට වෙන්නේ බලන් ඉන්න තමයි.(හේ)
එතකොට මේ පාරත් ...ජී එස් පී ප්ලස් එකට බාලගිරි දොසේද?????ගිය ආණ්ඩුවේත් ඔබතුමා....ඔය කවුන්සල් වලට රට නියෝජනය කලා නේද ....ඇත්තටම එදාට වඩා අද වෙනස හොදයිද (හේ)
ඇසළ, අපිට වෙනස්කම් ගොඩක් පෙනෙනවා , ඔයාගේ අැස් දෙක සාටකයෙන් වහලනේ, ඒක නිසා මේ රජයෙන් කරන දේවල් පෙනෙන්නේ නැහැ .(බ)
ඔවුන් නියෝග කරන හැම දෙයක්ම එයාකාරයෙන්ම ඉටු කරන රජයකට ඔවුන් කවදත් මනාපයි! 88-89 කෙතරම් මිනි මරලත් ඔය එක රටක්වත් ආණ්ඩුවට විරුද්ධ වුනාද, නැහැ නේද? මහින්ද කෙතරම් හොඳ කළත් ඔහුට සුළු හරි බුරුලක් දුන්නද මේ රටවල්, නැහැ නේද? (බ)
අපිට පම්පෝරිය. හැබැයි අයිඑම්එෆ් එකෙන් ගලවාගැනීමේ මුදල් හිඟා කනවා... අච්චර හොඳට දියුණු වුන ආර්ථිකේ එක අවුරුද්දෙන් බිමටම එලා දාල. ඔච්චර සහය තියෙනවනම්, දැන් හොරත් නැතිනම්, අපේ ආර්ථිකේ දැන් කොච්චර දියුණු වෙන්න ඕනද? කිසි දියුණුවක් තියේද, කිසි සංවර්ධනයක් වේද? දැන් හදල ඇමතිලා රංචු පිටින් ගිහින් විවෘත කරන්නේ කානු, මාර්ග සංඥා කුළුණු 1ක් වගේ සරල දේවල්. හරිම සරලයි! (බ)
වැදගත් පුවතක්.(හේ)
හොඳ ආරංචියක් (හේ)
සුවච කීකරු ගෝලයින්ට මොකට විරුද්ධ වෙනවද?(හේ)
මේක හොඳ ප්‍රවනතාවක්, හැබැයි එය රැකගැනීම තමයි අසීරු කාර්යය.(හේ)
දැක්කා නේද වෙනස/ (හේ)
හරි වෙන මොනාද ? (ර)
ඔවුන් අප සමග එක්වෙන්නේ අප ඔවුන් කියන දේට එකග නිසානේද ? ඉතින් අපි ඔවුන් සමගද? ඔවුන් අපි සමගද ? මට මේවා තේරෙන්නේ නම් නැහැ. මාරු වෙනස.(හේ)
එයාල රූකඩ වලට කැමතියිලු.(හේ)
දැක්ක නේද අැමතිතුමාගේ වෙනස.. මාධ්‍ය සාකච්ඡා .... මාධ්‍ය සාකච්ඡා.... විතරයි.(හේ)
කටින් බතල කොළ හිටවීම ඇර වෙන මොන වෙනසක් වත් පේනවද කාටවත්.(ම)
හිටපු ජනපති තුමාගේ කාලයේදී කියපුවා අමතක කරන දැන් මේවා කියන්නේ කටෙන්ද? දැන් මේ රට විදේශිය අතකොළුවක්,රූකඩයක් නිසා එදා කොටි සුරතල් කරපු විදේශිය බල වේග දැන් සිරි ලංකාවට හරිම ආදරෙයි. ඕක හරියටම හරියන්න නම් අර වෙල්විදාන් වත් අධිකරණයට ගෙන යා යුතුය,එදාට තවත් ආදරේ කරාවි.(බ)