මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් වන ඒ හිමියන් අධිකරණයට අපහාස කළැයි කියන නඩුවෙන් පෙරදින ඇප ලැබුව ද සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ නඩුව නිසා අද වනතුරු රිමාන්ඩ් කැරිණි.
ඥානසාර හිමියනට ඇප නියම කරන්නැයි ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා පෙරදින (09) මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අයැද සිටියේය.
මහේස්ත්‍රාත් - ‘සැකකරු ඇප ඉල්ලනවාද?‘
වරලියද්ද - ‘ඔව් ස්වාමීනි‘
මහේස්ත්‍රාත් - ‘එදා නම් කිව්වේ අපි ඇතුළට දාපල්ලා කියලයි. ඇයි දැන් ඇප ඉල්ලන්නේ? සැකකරුවකු තමා රිමාන්ඩ් කරන ලෙස කිව්වත්, නිදහස් කරන ලෙස කිව්වත් නීතිමය කරුණු අනුව පමණයි අප තීන්දුවක් දෙන්නේ. මේ සැකකරු එදා අධිකරණයේ හැසිරුණු ආකාරයෙන් පෙනෙන්නේ මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බවයි. වෙනත් අරමුණක් ඉෂ්ඨ කර ගැනීම සඳහා ඉබේම අත්අඩංගුවට පත්වීමේ තත්ත්වයක් නිර්මාණය කරගෙන සිටි බව පේනවා. එවැනි දේ ඉෂ්ඨ කර ගැනීමට උසාවිය පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකියි. උසාවියට අපහාස කිරීම හා රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම ඇප දීමට සුදුසු වරදක් නොවෙයි. නමුත් සැකකරු වෙනත් ඕනෑකමක් වෙනුවෙන් අධිකරණය භාවිත කිරීමට ඉඩ දිය නොහැකියි. ඒ නිසා කොන්දේසි මත සැකකරුට ඇප නියම කරනවා.
සැකකරු මේ නඩුව හෝ අධිකරණයේ වෙනත් නඩු ගැන හෝ මාධ්‍යය ඇතුළු කිසිම තැනක කතා නොකළ යුතුයි.
එසේ කළහොත් ඇප අවලංගු කරනවා. සැකකරු හැම ඉරිදාවකම උදේ නවයත් 12ත් අතර හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතුයි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිබිරිස්, කොහොමද ?ඇතුලේ කෑම නියමයි සර් ,(කෞ)
ලංකාවේ පෙරකදෝරුවෝ ,(ලොයර්ලා) විතර හොරු රැලක් හොයන්න අමාරුයි.. හොර ඔප්පු ලියල අනුන්ගේ ඉඩම් අල්ලගන්නව. (කෞ)
මහේස්ත්‍රාත් තුමාගේ උත්තම කතාවට ස්තුති වන්ත වෙනවා , මේ අය බොදු බලය ජනප්‍රිය වෙන්නත් උසාවිය නිතිය හෙල්ලූ කරනවා , (කෞ)
මේ අපහාසයට කියනවා නෙමෙයි ... ඔය කියන හාමුදුරුවෝ පිරිසිඳු බුදු දහමටම ලොකු අපහාසයක් කරන්නේ (ම)
කතාව නහනම් . නියම යහපාලනයක් (ම)
මේ ගැන තමාට වුනු අසධාරණය ගැන කතා කිරීමට බැරි තරම් තහනමක් දැමීමට තරම් නිතිය දැන් ලොකු වෙලා. අපේ රටේ නීති කාරයෝ ඔක්කොම දෙස් පාලුවන්ගේ ඔඩොක්කුවේ. ආණ්ඩු මාරු වෙන කොට නීති ත් වෙනස් වෙනවා. (බ)
ඔය නඩුකාරයෝ සේරම ලංකාවේ නිතියටද වැඩ කරන්නේ. හිරුණිකාට, යෝෂිතට, හමුදුරුවන්ට වෙන නිති. (බ)
මෙහෙමත් ඉල්ලන් කෑමක්. කපුවා කපෝති (බ)
ඈ නඩුකර මහත්තඅයෝ අර උසාවියට ගල් ගහපු ඇමැතිටත් ඔය නිතිය ඔබල ක්‍රියාත්මක කළාද (බ)
මේ මහේස්ත්‍රාත් ස්වාධීනකමට වඩා තමන්ගේ ලොකුකම පෙන්වන්න හදන්නේ. ඉස්සරහට උසස් වීමක් ගන්න ලැබේවිනේ. (බ)
සත්‍යා උසාවියට ගල් ගැහැවුවෙ ඔයාල අදහන මහින්ද ලොක්කගේ කාලෙ කියලත් අමතක වුණාද මේ ටිකට. ඒ කලේ නීතිය නිදහසේ ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ කියලත් අමතකද? කොටින්ට උදවු කරපු ජෝනියටත් මහන්දගේ දෑත ශක්තිමත් කළාට පස්සේ සමාව ලැබුන කියල අමතකද (බ)
දැන්වත් හැදෙයිද බලමු (නි)
හොද තීරණයක් කවුරු වුණත් දඩුවම් දිය යුතුයි වැරදි කර ඇත්නම් (ම)
මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ කටේ මසුරන් දාන්න වටින්නවා (ම)
මාර නෝන්ඩිය (බ)
නියමයි. මහේස්ත්‍රාත් තුමා තේරුම් අරගෙන තියෙනවා ගේම් ප්ලෑන් එක. (බ)
කුඩාපොළ හිමිත් නීතියට වැරදිකරුවෙක් (බ)