ජනතා ගැටළු වෙනුවට  දේශපාලනය පමණක් ක‍්‍රියාත්මක කළ පාසල් පවා ඒ යුගය අවසන් කිරිමට  නව රජය සමත්වී යැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. කහවත්ත රුවන්පුර විද්‍යා පීඨ ශ‍්‍රවණාගාරයේ සාහිත්‍ය කලා උත්සවයේ දී ඕ එසේ පැවසුවාය.

"පහුගිය කාලයේ හැමදේම දේශපාලනීකරණය වුණා. ඒ බව කාර්යාල වලදි අපි දැක්කා. සමහර නිළධාරීන්ගේ ඔළුවේ තිබුණේ දේශපාලනේ විතරයි. රජයේ නිළධාරීන් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ට අයිති වැඩ කොටස මිසක් රාජකාරියට අවුත් දේශපාලනය කිරිම නොවේ."

කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් අවන්ති සේනාරත්න මහත්මිය, කහවත්ත ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක ශාන්ත ගුරුගේ, අතුකෝරල මහත්මියගේ පෞද්ගලික ලේකම් උපුල් වීරසුරිය ඇතුළු පිරිසක්  මේ අවස්ථාවට  සහභාගි වුහ.

2 4 5 6 9 img_151022

(ජායාරූප හා විඩියෝ ළහිරු හර්ෂණ)