SAN_7669    

 

ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම පදක්කම ලද ශ්‍රී ලාංකීය ක‍්‍රීඩිකාව වන්නේ ඇයයි. ඇය සුසන්තිකා ජයසිංහ නමින් අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවේ. සුසන්තිකා මේ සමරන්නේ 15 වසරකට පෙර ලැබූ ඒ පදක්කමේ අභිමානයයි. ඒ වෙනුවෙන් එනම් ඔලිම්පික් පදක්කම ලබා 15 වසරක් ගෙවුණු පසුගියදා ඇය වෙනුවෙන් උපහාර උළෙලක්ද පැවැත්විණි. මෙලෙසින් මතක අලූත් වූ මොහොතක අද දවසේ සුසන්තිකාගේ ජීවිතය ගෙවෙන හැටි මොනවගේද කියා විමසීමට පසුගිය දිනෙක ඇය හට සඳැල්ල කතාබහට අපි ඇරියුම් කළෙමු.

 


button සුසන්තිකා කොහොමද මේ දිනවල වැඩ කටයුතු එහෙම?
ඇකඩමියේ වැඩ කටයුතු සහ දරුවන්ගෙ කටයුතු එක්ක තමයි කාර්යබහුලවෙලා තියෙන්නෙ.

 


button එදාටත් වඩා ඔබ අද කාර්ය බහුලයි කියන්නේ ඇයි?
මලල ක‍්‍රීඩාව වෙනුවෙන් පටන් ගැනීමට යන මෙම ක‍්‍රීඩා අධ්‍යයන ආයතනය ඇත්තටම ජාතික කටයුත්තක්. ඒ වෙනුවෙන් ඉඩම වෙන්කර ගන්න, සල්ලි හොයාගන්න, නිලධාරීන් එක්ක කතාකරලා ඉදිරිය සැළසුම් කරන්න, ඒ වගේ බොහෝ වැඩ බහුලයි. අපේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කිසිම ක‍්‍රමවේදයක් නැහැ, ක‍්‍රීඩාව කඩා වැටුණු ගාණයි. මේ වෙනුවෙන් එක් එක්කෙනාට දොස් කියනවාට වඩා අපි අපට පුළුවන් දේ කරන්න  ඕනෑ. කවුරු සභාපති වුණත්  ඕනෑම කෙනෙකුට එය කරගෙන යා හැකි ජාතික කටයුත්තක්. සෑම ක්ෂේත‍්‍රයකම අයගේ සහයෝගය අරගෙන මෙය දියුණු කිරීම මගේ පරමාර්ථයයි.

SAN_7661

 


button දරුවන් ගැන කිව්වොත්?
පුතා පාසැල් යනවා දැන්. එයා පළමු වසරේ ඉගෙන ගන්නෙ. දුවට තවම අවුරුද්දයි මාස 8යි. දුව ටිකක් දඟවැඩ කරන වයස. ඒ නිසා අපේ අම්මා - තාත්තා මා එක්ක හිටියත් මම නිතරම දරුවන්ගෙ වැඩවලට තමයි මුල් තැන දෙන්නෙ.

 


button සුසන්තිකා කියන ලෝ ප‍්‍රකටවූ මලල ක‍්‍රීඩිකාව සතුටින්ද කාලය ගෙවන්නෙ?
ඇත්තෙන්ම පුදුමාකාර සතුටකින් මම සිටින්නෙ.

 

button ඒකට හේතුව?

මම මගේ උපරිමය රට වෙනුවෙන් කළා කියන සතුට මට තියෙන්නෙ. අසතුටක් නැතුවාමත් නෙවෙයි.

 


button ඒ අසතුටට හේතුව?
ඔලිම්පික් පදක්කමේ සිට ලෝක පදක්කම් තුනක් රටට ගෙනැල්ලා දුන්න සුසන්තිකා නිකම් ඉන්නෙ. ගෙදර නිදි කිව්වොත් හරි. සුසන්තිකා ජයසිංහ ක‍්‍රීඩා ඇකඩමිය ආරම්භයට මුල් පිරුව බව ඇත්ත. නමුත් මේ තරම් ගෞරවයක් ගෙනැල්ලා දුන්න සුසන්තිකාට ඇයි ක‍්‍රීඩා අමාත්‍යාංශයේවත් තනතුරක් නොදෙන්නෙ? මට මෙහෙම නම්? අනෙක් අයට කොහොම වේවිද? ඉතින් ඒ ගැන මට දුකක් තියෙන්නෙ. වර්තමාන ඇමති වුණත් කිව්වාට තවම යතාර්ථයක් වෙලා නැහැ. මම ආසයි ක‍්‍රීඩාවට සේවය කරන්න.

 


button මුලින් කිව්ව දේට අමතරව අද දවස ඔබ ගෙවන්නෙ කොහොමද?
යාළුවන්ගේ විශේෂ අවස්ථාවලට වගේම රටේ විවිධ ආයතන සහ ස්ථාන, සමිති වෙතින් ලැබෙන ආරාධනාවලට සහභාගී වෙනවා. උත්සව අවස්ථාවලට සහභාගී වෙනවා. මගේ ජීවිතේ එහෙම සංකීර්ණ නැහැ.

 


button ජිවිතයේ වින්දනය මොනවගේද?
මම කලාවට වගේම කලාකරුවනට ආදරෙයි. බොහෝ වෙලාවට චිත‍්‍රපට සහ වේදිකා නාට්‍ය මුල්ම දර්ශනය සඳහා ආරාධනා ලැබෙනවා. ඒවාට කොහොම හරි කාලය හදාගෙන යනවා. ජනතාව මට කරන ආදරයට මම ගෞරව කරන්නෙ එහෙමයි. කලාවේ නියැළුණේ නැතත්, මාත් කලාවකට ජිවත් වන කෙනෙක්.

SAN_7674

 


button විලාසිතා ගැන හිතන්නෙ සහ ඔබගෙ විලාසිතා තේරීම මොන වගේද? 
විලාසිතාවලදී නම් මම මට ගැළපෙන දේ විතරයි තෝරාගන්නෙ. ගමකින් ආකෙනෙක් ලෙස මම එය ආදර්ශවත් ලෙස කළ යුතුයි.

 


button ඔබ වඩා ගරු කරන කාන්තාව කවුද?
සෑම කාන්තාවකටම ගරු කරනවා. සෑම කාන්තාවක්ම රැජිණක්. ඇයට බොහෝ දේ කළ හැකියි.

 


button ඔබ අද දරු දෙදෙනෙකුගේ මවක්, ඒ හැඟීම මොන වගේද? 
ඉතාම උත්තරීතරයි. මගේ මව ගැන හිතනකොට මම ප‍්‍රාර්ථනා කරන්නෙ ‘‘මව මතු බුදුවේවා’’ කියලයි.

SAN_7702

 


button ඔබ කතාවට දක්ෂයි. එහෙම නේද? 
ඔය අහන්නෙ මගේ කට ගැන නේද? කට වගේම වැඩ, වැඩ වගේම කට කිව්වොත් හරි.

 


button උයන - පිහන වැඩත් කරනවද?
මොනවද මේ අහන්නෙ? ඒවා කාන්තාවක් දැනගත යුතුමයි. නැත්නම් ගැහැණියක් වෙන්නෙ කොහොමද?

 


button ආදරය ඒ ගැන අද හැෙඟන්නෙ කොහොමද?
සතා සීපාවාගේ සිට හැමෝටම උතුම් දේ එයයි. හැමෝම ආදරය මත රැකෙන්නෙ. ආදරයේ ස්වභාවයන් විවිධාකාරයි. කොහොම වුණත් ඒක ශ්‍රේෂ්ඨ දෙයක්

 


button දරු දෙදෙනාගේ අනාගතය ගැන කොහොමද හිතන්නෙ?
මම හැමදාම උදේට ඒ දෙන්නාගෙ හිසට අත තබා ප‍්‍රාර්ථනා කරන්නෙ, ශ්‍රේෂ්ඨයෙක් -  විශිෂ්ඨයෙක්. නායකයෙක් වෙන්න කියලයි. රාත‍්‍රියට නින්දට යද්දීත් එම ප‍්‍රාර්ථනාවම කරනවා.

 


button සමකාලීනයින් දැන් හමුවන්නෙ නැද්ද?
ශ‍්‍රියානි, දර්ශා, මම මේ හැමෝම දැන් අම්මලානෙ. නිතර හමුනොවුණත්, අපි හමුවන අවස්ථා තියෙනවා.

sadun-gamage