"පසුගිය වකවානුවේ දී ව්‍යාපෘති ආරම්භ කිරිමේදී ගහකොළ, සතා සිව්පාවා,පරිසරය, මහා පොළාව එවගේම ප්‍රජාව ගැන තැකීමක් තිබුණේ නෑ. මොකද එහෙම කරන්න වුවමනාවක් තිබුණේ නෑ . අපි යුද්දේ දිනලා හිටියේ. යුද්දේ දිනන්න හයියක් තිබුණා. ගෝඨාභය මහත්තයත් ආණ්ඩුවේ හිටියා. මිනිසුන්ගේ හිතේ පොඩි බයකුත් තිබුණා. මිනිස්සු විතරක් නෙවෙයි. අපිත් බයෙන් හිටියේ. ඇමැතිවරුත් බයෙන් හිටියේ. එහෙම යුගයක් තිබුණා. අපිට යාන් ඔය විතරක් නොවෙයි. උමා ඔයත් එහෙමයි. හැබැයි ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කරන්න අපි කරන වැඩෙන් ජනතාවගේ ජිවන තත්ත්වය පහළට වැටෙනවා. පරිසරයට ඇගයීමක් කරන්නේ නැත්නම්. මේ සතා සිව්පාවා, ගහකොළ මහපොළොව,ප්‍රජාව ගැන අපි කල්පනා කරන්න ඕනෑ. පාසල් වැහෙනවා , පාරවල් කැඩෙනවා,මිනිස්සුන්ට තමන්ගේ ජන ජිවිතය කඩාකප්පල් වෙලා යනවා. එහෙම නම් මේ ව්‍යාපෘති වල ඇති ප්‍රතිළුලය කුමක්ද" වාරිමාර්ග ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා යාන්ඔය ව්‍යාපෘතියේ පිඩාවට පත් පවුල්වලට වන්දි දිමේ උත්සවයේ දී පැවසීය. හොරොව්පතාන ගොමරන්කඩවල විදුහලේ දී උත්සවය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාලේ එහෙ නේද හිටියේ. දැන්ද නින්දෙන් අවදි උනේ. (ර)
අනේ මගේ කට.....! කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලම බලන්නකො (නි)
දැන් තමයි කාට කාටත් කට අරින්නවත් නිදහස ලැබිල තියෙන්නේ. (ම)
මෙයාගේ කතා ගැන කවුරුත් දන්නවා ... (නි)
ජනතාවගෙන් පැරදිලාත් ආපසු පාර්ලිමේන්තු විත් පිනට ගත් ඇමතිකමෙන්වත් මොනවාහරි කරන්න. (නි)
අනේ අපි නොදන්න ඔබතුමාගේ කතා... (නි)
යුද්ධය දිනුවට පස්සෙ බයේ හිටියා නම් යුද්ධය තිබෙන කාලෙ සතුටින්ද හිටියේ? (නි)
රටට හෙණ ගැහුවත් කමක් නැහැ, ඇමතිවරු ටිකට බයනැතුව ඉන්න පුලුවන් නම්! (නි)
එදා හිටපු වනජීවී ඇමති මොනවද ඒවාට කලේ ? අඩුම තරමේ ඒ හැදුනු පාරවල් වල මිනිස්සු නිදහසේ යනවා, තදබදයක් නැතිව. (ම)
මෙයාගේ කතා දැක්කාම මතක් වෙන්නේ සමහර ඉස්කෝල කොල්ලන්ව. වැඩක් නොකර නිකම් පාස් වෙන්න බැරිවුණාම ගුරුවරුන්ගේ වැරදි කියනවා. හැබැයි පොත් දිග ඇරලා බැලුවාම අකුරක්වත් ලියලා නැහැ.(ම)
අනේ පවු, හොඳටම බයවෙන්න ඇති (නි)
පහුගිය මැතිවරණයට කලින් දවසේ ඡන්ද වැඩ කටයුතු නවතාල තියෙන මොහොතක මේ ඇමති තුමා, එයාගේ පිරිවර සමග කතරගම නගරයේ ඡන්ද කටයුතු කරමින් යද්දී අපට හමු වුණා. මෙතුමා ඒ වගේ නීතිගරුක පුද්ගලයෙක්...එහෙම කෙනෙක් කියන දේ පිළිගන්න ඕන ජනතාව විදිහට...(බ)
බොහෝවිට නුසුදුසු අය තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඉතින් රටට හරියයිද? (නි)
එතකොට රජරට වැවු, ගල්ඔය සේනානායක සමුද්‍රය, වික්ටෝරියා, කොත්මලේ වගේ ඒවා කළෙත් බයටද. වාරය ළඟයි. (බ)
අප්පච්චි මෙලොවට බිහිකළ අපූරු දරුවෝ,ඔබ ගැන කීමට් ලෝකෙම අකුරු මට මදී. (ම)
අප්පච්චි මැරුනේ නැහැ. දැන් ආයෙත් පණගහලා වගේ බොරු කතා කිය කියා රට හැමතැනම ඇවිදිනවා (නි)
සමරගේ හරියට හරි. මෙයා ගිය ආණ්ඩුවේ කළදේකුත් නැහැ (නි)
ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැනත් ඔහොම තමයි ගොඩක් අය කිව්වේ. වැඩ කරන්න කිව්වමත් සමහරුන්ට හරි මහන්සියි. (ම)
පක්ෂ බෙදා නොසලකා රටට හිතැති ඕනෑම ශ්‍රිලන්කිකයෙකු මෙවැනි පුද්ගලයන්ව කිසිම දේශපාලන පක්ෂයකට වද්දා නොගෙන දේශපාලනයෙන් ඉවත් කල යුතුය. (ර)
ළඟදීම ආයිත් බයෙන් ඉන්න වෙනවා එක තේරිලා වගේ දැම්මම. (බ)
ගම් උදාව හදන කොටත් ඕවා කිව්වා. (බ)
වාසි අතට හෝයියා!
30 අවුරුදු මහවැලි සැලැස්ම 6 අවුරුද්දට බස්සපු ගාමිණී දිසානායක මැතිතුමා ගැන මොනවාද කියන්නේ. අනේ මෙහෙමත් සවුදන් ජෙමා කෙනෙක් තව ඇමතිකමුත් කරනවානේ. (බ)
මේ ඉන්නේ කටින් බතල හිටවන, මිනිසුන් ප්‍රතික්ෂේප කළ යන පැත්තට හෝයියා කියන අය (නි)
මේ මහත්තයා කොච්චර අවංකද බලන්න. (නි)
මේ සියල්ලටම මුල පාර්ලිමේන්තුවට නුගතුන් යාමයි. ඔබටත් පුළුවන් නම් ඔබේ තනතුර උපාධිධාරියෙකුට පුදන්න එය රටට කරන ලොකු සේවයක්. (නි)
මෙයාටත් දැන් තමයි තේරිලා තියෙන්නේ. (ර)
දැන් නිදහස වැඩියි. (ර)
කොන්දක් තියෙන කෙනෙක් නම් ඒ දවස් වලම ඕවා කියන්න ඕනෑ. ඇත්ත වුණත් දැන් කියලා වැඩක් නැහැ (නි)
යන පැත්තට හෝයියා! ප්‍රතිපත්ති නැත රකින්නට (නි)