එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීමේ චෝදනා යටතේ වරදකාරිය වූ ශ්‍රී ලාංකික සේවිකාවකට වසර දහයක සිර දඬුවමක් නියම කරමින් ඩුබායි අධිකරණයකින් ලබා දුන් තීන්දුව ඩුබායි අභියාචනාධිකරණය යළි තහවුරු කර ඇතැයි ඩුබායි තානාපති ආරංචි මාර්ග පවසයි.
එම කාන්තාව තමන්ට නියමවූ දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කළ ඇපෑල විභාගය කොට අවසන් කිරීමෙන් පසුව ඩුබායි අභියාචනාධිකරණය අදාළ දඬුවම තහවුරු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.
හෙරෙයින් මත් කුඩු කිලෝ ග‍්‍රෑම් 3.2 ක ප‍්‍රමාණයක් ඩුබායි සිට කුවේටයට ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පසුගිය වසරේ ජූනි 11 වැනිදා ඇය ඇතුළු තිදෙනෙක් ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එතෙර ගොස් කුඩු විකිණීයැයි ලක් කතට සිර දඬුවම්
රොමේෂ් සිල්වා Thursday, 25 February 2016 05:33 AM
අපේ ශ්‍රී ලංකාවෙන් පිටවෙන ගොඩක් මිනිස්සු ඒ රටවලට යන්නේ කැමැත්තෙන් නෙමෙයි. දරිද්‍රතාවය නිසයි. ණයවෙලා ගොඩක් අය යන්නේ. එහෙම ගිය අයට හරියාකාරව පඩියක් නඩියක් නොලැබෙනකොට හෝ වෙනයම් අකටයුත්තක් සිදුවෙනකොට අපේ රටවල තානාපති නිලධාරීන් නිදි කිරනකොට, ඒ මිනිස්සු අන්ත අසරණ තත්වෙට පත්වෙනෙක අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒවගේ වෙලාවට මේවගේ පහසුවෙන් සල්ලි හම්බකරන දේවල්වලට පෙළඹෙනවා. ඒවාට පොළඹවාගන්න අයත් ඕන තරම් ඉන්නවා. එක්කෝ අපි පිටරට වහල් සේවයට කාන්තාවන් යවන එක නැති කරන්න ඕන. නැතිනම් ශක්තිමත් තානාපති සේවයක් ස්ථාපිත කරන්න ඕනා. (බ)
සුමිත්‍රා බස්නායක Wednesday, 24 February 2016 04:43 PM
ඔයින් බේරුනා ඇති.බලු වලිගෙ උන පුරුකේ දැම්මට ඇද අරින්න බැනේ. (අ)
සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 24 February 2016 07:22 PM
වෙලේ සුදාගේ කවුරුහරිද දන්නේ නැහැ (නි)
අමල් Thursday, 25 February 2016 06:49 AM
මෙත් කාන්තාවක් සාදාරණය දෙයක් වේවා.! (ර)
රුවන් Wednesday, 24 February 2016 07:58 PM
ඉතින් දැන් කියන්නකෝ යහපාලනය තමයි මේකටත් හවුල් කියලා. (නි)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 24 February 2016 08:31 PM
මොකද ඔය බිස්නස් එක ලංකාවේ කරන්න බැරුවද පිටරට ගිහින් විකුණන්න හැදුවේ? මේ බවලතා ඩුබායි ගියේ ගෘහ සේවිකාවක් විදියටද, නැත්නම් බබාලා බලාගන්නද, එහෙමත් නැත්නම් කුඩු වෙළෙන්දියෙක් විදියටද කියා හොයා බැලුවොත් හොඳ නැද්ද? (නි)
රොකී Thursday, 25 February 2016 01:53 PM
කාන්තා සංවිධාන මේ සම්බන්ධයෙන් විරෝධතා, උද්ඝෝෂණයක් කරන්නේ නැද්ද? (නි)
ජිම් කුරු Thursday, 25 February 2016 01:45 AM
දඬුවම සාධාරණයි. රට ගියේ කුඩු විකුණන්නද? (නි)
අනුර Thursday, 25 February 2016 07:50 AM
නොයෙකුත් අපරාද කාරයන් මෙහි පැමිණීම රටට අහිතකර වී ඇත. නොහික්මුණ සමාජ තත්වයන්ට ප්‍රදානම දෙය නුගත් කම අද්යාපන ක්‍රමයේ වැරදි, විරැකියාව පහත් සමාජ තත්වයට අත වනනවා රටේ නීතිය තද මදි. (ර)
කලණි විතානගේ Thursday, 25 February 2016 03:07 AM
ශ්‍රී ලංකාවේ දැල්වෙන කුඩු ගින්න ඩුබායි වලටත් අරන් ගිය කාන්තාවක් මරණීය දණ්ඩනයෙන් බේරුනා. (බ)
නිශාර්ඩ් Thursday, 25 February 2016 03:25 AM
සමහර අයට මොන විදියකින් හරි කමක් නැහැ සල්ලි ලැබෙනවනම්. මේ වගේ අයවලුන්ව ජීවිතාන්තය දක්වාම හිර ගෙදර දමන්ට ඕනේ. (බ)
ජේ.පී.සුනිල් Thursday, 25 February 2016 03:29 AM
ඔය ඇහුණු එක අල්ලනවානම් කොච්චර වැරදි වැඩ කරන ගැණු පිරිමි ඉන්නවාද අල්ලලා දඬුවම් දෙන්න (බ)