එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීමේ චෝදනා යටතේ වරදකාරිය වූ ශ්‍රී ලාංකික සේවිකාවකට වසර දහයක සිර දඬුවමක් නියම කරමින් ඩුබායි අධිකරණයකින් ලබා දුන් තීන්දුව ඩුබායි අභියාචනාධිකරණය යළි තහවුරු කර ඇතැයි ඩුබායි තානාපති ආරංචි මාර්ග පවසයි.
එම කාන්තාව තමන්ට නියමවූ දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කළ ඇපෑල විභාගය කොට අවසන් කිරීමෙන් පසුව ඩුබායි අභියාචනාධිකරණය අදාළ දඬුවම තහවුරු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.
හෙරෙයින් මත් කුඩු කිලෝ ග‍්‍රෑම් 3.2 ක ප‍්‍රමාණයක් ඩුබායි සිට කුවේටයට ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පසුගිය වසරේ ජූනි 11 වැනිදා ඇය ඇතුළු තිදෙනෙක් ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ශ්‍රී ලංකාවෙන් පිටවෙන ගොඩක් මිනිස්සු ඒ රටවලට යන්නේ කැමැත්තෙන් නෙමෙයි. දරිද්‍රතාවය නිසයි. ණයවෙලා ගොඩක් අය යන්නේ. එහෙම ගිය අයට හරියාකාරව පඩියක් නඩියක් නොලැබෙනකොට හෝ වෙනයම් අකටයුත්තක් සිදුවෙනකොට අපේ රටවල තානාපති නිලධාරීන් නිදි කිරනකොට, ඒ මිනිස්සු අන්ත අසරණ තත්වෙට පත්වෙනෙක අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒවගේ වෙලාවට මේවගේ පහසුවෙන් සල්ලි හම්බකරන දේවල්වලට පෙළඹෙනවා. ඒවාට පොළඹවාගන්න අයත් ඕන තරම් ඉන්නවා. එක්කෝ අපි පිටරට වහල් සේවයට කාන්තාවන් යවන එක නැති කරන්න ඕන. නැතිනම් ශක්තිමත් තානාපති සේවයක් ස්ථාපිත කරන්න ඕනා. (බ)
ඔයින් බේරුනා ඇති.බලු වලිගෙ උන පුරුකේ දැම්මට ඇද අරින්න බැනේ. (අ)
වෙලේ සුදාගේ කවුරුහරිද දන්නේ නැහැ (නි)
මෙත් කාන්තාවක් සාදාරණය දෙයක් වේවා.! (ර)
ඉතින් දැන් කියන්නකෝ යහපාලනය තමයි මේකටත් හවුල් කියලා. (නි)
මොකද ඔය බිස්නස් එක ලංකාවේ කරන්න බැරුවද පිටරට ගිහින් විකුණන්න හැදුවේ? මේ බවලතා ඩුබායි ගියේ ගෘහ සේවිකාවක් විදියටද, නැත්නම් බබාලා බලාගන්නද, එහෙමත් නැත්නම් කුඩු වෙළෙන්දියෙක් විදියටද කියා හොයා බැලුවොත් හොඳ නැද්ද? (නි)
කාන්තා සංවිධාන මේ සම්බන්ධයෙන් විරෝධතා, උද්ඝෝෂණයක් කරන්නේ නැද්ද? (නි)
දඬුවම සාධාරණයි. රට ගියේ කුඩු විකුණන්නද? (නි)
නොයෙකුත් අපරාද කාරයන් මෙහි පැමිණීම රටට අහිතකර වී ඇත. නොහික්මුණ සමාජ තත්වයන්ට ප්‍රදානම දෙය නුගත් කම අද්යාපන ක්‍රමයේ වැරදි, විරැකියාව පහත් සමාජ තත්වයට අත වනනවා රටේ නීතිය තද මදි. (ර)
ශ්‍රී ලංකාවේ දැල්වෙන කුඩු ගින්න ඩුබායි වලටත් අරන් ගිය කාන්තාවක් මරණීය දණ්ඩනයෙන් බේරුනා. (බ)
සමහර අයට මොන විදියකින් හරි කමක් නැහැ සල්ලි ලැබෙනවනම්. මේ වගේ අයවලුන්ව ජීවිතාන්තය දක්වාම හිර ගෙදර දමන්ට ඕනේ. (බ)
ඔය ඇහුණු එක අල්ලනවානම් කොච්චර වැරදි වැඩ කරන ගැණු පිරිමි ඉන්නවාද අල්ලලා දඬුවම් දෙන්න (බ)