ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබූ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම වෙනුවට අලුත් ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට කැමැති බව බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද(21) කීවේය.
ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබූ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට රට තුළ විශාල විවේචනයක් එල්ල වූ බවත් එම ගිවිසුමට වෙනුවට අලුත් ගිවිසුමක් සකසන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ගුණවර්ධන මහතා කීය.
‘අලුත් ගිවිසුමකට අත්සන් තබනවා, එම ගිවිසුමට අත්සන් තැබීමට පෙර එහි කරුණු අධ්‍යයනය කර සාකච්ඡා කරන්න අපි කැමැති. එහෙත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැරැණි ගිවිසුමටම අත්සන් තබන්න යනවා නම් ඒ පිළිබඳ අපි පාර්ලිමේන්තුවේදී අපේ විරෝධතාව පළ කරනවා. එම ගිවිසුමේ ඇති අහිතකර කරුණු ගැන සියලු පාර්ශව අදහස් දක්වා තිබෙනවා. ආර්ථික විද්වතුන් එහි ඇති අහිතකර බව පෙන්වා දී තිබෙනවා.‘ යැයිද ඒ මහතා පැවසීය.

COMMENTS
ඔය තියෙන්නේ. තවත් මොනවද? නම වෙනස් කරන්නකෝ ප්‍රශ්නේ ඉවරයිනේ?.(හේ)
පවු අනේ! මේගොල්ලෝ මෙච්චරකල් එ්කට විරුද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා අපිට තේරෙනවා (නි)
ඒ කියන්නේ පසුගිය රජයට වාසිවෙන විදියේ ගිවිසුමක්ද? (නි)
මොකක්ද මේ අලුත් කතාව? (නි)
අලුත් ගිවිසුමට විවේචන එල්ලවෙන්නේ නැද්ද? කොහොමද සහතික දෙන්නේ? (නි)
එකත් එකටම අත යට ගනුදෙනුවක් ,එහෙම නැත්නම් ආණ්ඩුවට එන්න බලාගෙන වෙන්න ඕනේ (බ)