ඉන්දියා සමාගමක් මගින් ශ්‍රී ලංකාවේ රෝහල් ආශ්‍රිත සේවා ඇතුළු තවත් අංශ කිහිපයක් සම්බන්ධයෙන් අත්සන් කිරීමට යෝජිත ඉන්දු - ලංකා ‘එට්කා‘ ගිවිසුමට විරෝධය පා ඒ පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට අක්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (29) කොළඹ කොටුවේදී ක්‍රියාත්මක කළේය.
ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ඇතුළු වෛද්‍යවරු රැසක් එම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති සහ ආණ්ඩුවේ අය කියනවා නම් ඉන්දියන්කාරයෝ ලංකාවට එන්නේ නැහැ කියලා, ඇයි මෙයාල මෙච්චර කෑ ගහන්නේ? අනිත් එක ඔය කියන ගිවිසුම තාම හදලාවත් නැහැ. කොහෙන්ද මේ ගොල්ලෝ ඒ ගැන හොයා ගත්තේ? (නි)
වෛද්‍යවරු තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමකට වඩා ආණ්ඩු පෙරළීමේ උත්සාහයක යෙදෙන බවකි අපට පෙනෙන්නේ. වෛද්‍ය වෘත්තිය යනු කුමක්ද යන්න මෙම සංගමය තේරුම් ගත යුතුය. වෛද්‍ය සේවය දේශපාලනය වන්නේනම් රටට අහිතකර වුනත් පාලකයන් ජනතාව වෙනුවෙන් යා යුතු ගමනක්ද ඇත. (ර)
දොස්තරලා පත්ව ඇති තත්ත්වය ගැන දුකයි. අහෝ දුකකි! මේ මාෆියාව නැවැත්විය යුතුයි (නි)
පර්මිට් එකක් වෙනුවෙන් අහිංසක ම්න්සුන්ගේ ජීව්ත උගසට තබන මෙවෙනි සමහර ම්න්සුන්ගෙන් අසරණ ජනතාව බේරා ගැනීමට ආණ්ඩුව කොහෙන් හරි දොස්තරල ගෙන ඒම ආණ්ඩුවේ වගකීමක් (කෞ)
මේකේ අදහස් වල හැටියට අපේ රටට දෙවියන්ගේම පිහිටයි. වෛද්‍යවරුනි, මේ වගේ කතා වලට සැලෙන්න එපා. (නි)
මේ ගිවිසුම කව්ද කියවලා තියෙන්නේ ? නිකම් බොරුවට කාගේ හරි කීමකට කඩේ යන තත්වෙකට මේ ගොල්ලෝ පත් උනාට ලෙඩකට දුකකට ප්‍රතිකාර කරන බහුතරයක් "දොස්තරවරු "කියන මහත්වරුන් මේ වගේ අඳ බාල වැඩවලට අනුබල දෙන්නේ නැහැ . (ර)
ලොව දියුණු රටවලට සමාන ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙලක්, පවුල් සෞඛ්‍ය සේවයක් සහ දිනකට සියගණනක් රෝගීන් පරීක්ෂා කරමින් දුප්පත් ජනතාවට යහපත් සෞඛ්‍ය සේවයක් සැපයුවේ ඉන්දියානුවන්ද ? (බ)
අද දකින හෙට අනතුර (බ)
ප්‍රදීප්, ඔයා වැස්සකටවත් ඉස්කෝලයකට ගිහිල්ල නැද්ද? නිකන් දන්නේ නැති නිසයි අහන්නේ (බ)
වෙදතුමනි; ඔබට මනා ඉදිරි දැක්මක් ඇත. සියලු බුද්ධිමත් වෘත්තිකයින් ඔබ සමගයි (බ)
පොකට් එකට තට්ටුවෙයි කියලා බය හිතිලා වගෙයි. ඔක්කොටොම ඉස්සරවෙලා රජයේ රෝහල් වල වෙෙද්‍ය වරු නියම වෙලාවට රාජකාරියට වාර්තා කරනවද කියලා හොයලා බලන්න. මේ පවතින වෙෙද්‍යවරුන්ගේ හිගයට ඉන්දියාවෙන් වෙෙද්‍යවරු ගෙන්වීමට අපි නම් කැමතියි. ඒ අයගෙන් මුදල් ගෙවලා බෙහෙත් ගත්තට අපට දුකක් නැහැ. ඒ අය ඉගෙන ගත්තේ අපේ මුදල්වලින් නොවන නිසා. (ර)
සල්ලි ගෙවලා චැනල් සෙන්ටර් එකට ගියාමත් පැය ගණන් රස්තියාදු වෙන්න ඕන දොස්තර එනකම්. ඉන්දියාවේ දොස්තරලා එනවට අපි නම් කැමතියි. (ර)
අපේ දොස්තරලා වාගේ නෙමේ ඉන්දියාවේ අය නම් අපේ ඔලුවත් අතගාලා බෙහෙත් දෙයි , එත් අනෙක් පෑත්තෙන් වකුගඩුවකුත් ගලවාගනියි. (ර)
පර්මිට් එකක් වෙනුවෙන් අහිංසක ම්න්සුන්ගේ ජීව්ත උගසට තබන මෙවැනි සමහර ම්නිසුන්ගෙන් අසරණ ජනතාව බේරා ගැනීමට ආණ්ඩුව කොහෙන් හරි දොස්තරලා ගෙන ඒම ආණ්ඩුවේ වගකීමක්. මේ ගිවිසුම කව්ද කියවලා තියෙන්නේ ? නිකම් බොරුවට කාගේ හරි කීමකට කඩේ යන තත්වෙකට මේ ගොල්ලෝ පත් උනාට ලෙඩකට දුකකට ප්‍රතිකාර කරන බහුතරයක් "දොස්තරවරු "කියන මහත්වරුන් මේ වගේ අඳ බාල වැඩවලට අනුබල දෙන්නේ නැහැ සහෝදර ප්‍රදීප් , සැම් ඔබ දෙන්න එක්ක මාත් එකගයි. (ර)
ඉන්දියාවෙන් හෝ කොහෙන් හෝ සුදුසුකම් ලත් දොස්තරවරු එමෙ වැරද්දක් නෑ. මගේ පියාගේ බයිපාස් හෘර්ධය සැත්කම කලෙත් කොලබ පෞද්ගලික රෝහලක ඉන්දියානු වෙෙද්යවරයෙක්. දැන් පියා සනීපෙන් ඉන්නවා. මේ අයට තියෙන්නේ තමන්ගේ උද්දච්චාකම පහත වැටෙයි කියන අමාරුව. (ර)
දොස්තරලගේ වැරදි තියෙනවා . නමුත් රට ප්‍රපාතයට ගෙනියන වැඩ ආණ්ඩුව කරනකොට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා . හරියට කෙටුම්පතක් ගහලවත් නැති ගිවිසුමක් කොහොමහරි ජුනි වල අත්සන් කරනවා කියලා කියනකොට වෙන මොනවා කරන්නද.? (ර)
වෛද්‍යවරු කියන අය නමට ගෙන්නන්න පුලුවන්. ඒත් වෛද්‍ය වෘත්තිකයන් ව බෑ. මෙතැන මේ වෛද්‍යතුමන්ලාට බණින කට්ටිය ඒ ගැනත් හිතුවොත් හොඳයි. (ර)
අද අපි මෙහෙම ඉන්නෙ ඔබ තුමන්ලා නිසා , ඒකට පින්. දේශපාලකයො කොච්චර වැරදි කරත් එයාලව පත්කරන් මෝඩ ජනතාවක් ඉන්න රටක උඩින් තියන වඩා වැඩියමක් බලාපොරොත්තු වෙන්න එපා. ඒත් නොසැලී ඉන්න. (ර)