IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


එජාප- සජබ ආදරය තවත් ඵල දරන යෝජනාවක් සම්මත වෙයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද  එහිදී පියවර ගැණින.

සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර නිසා යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.



අදහස් (6)

එජාප- සජබ ආදරය තවත් ඵල දරන යෝජනාවක් සම්මත වෙයි

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 17 September 2025 12:41 PM

හොරු ටික එක මිටට. තාප්පෙට හේත්තුකරලා ගෙදරට දක්කපු හොරාකාපු අයට ස්තූතිය පළකරන යෝජනාවකුත් සම්මත කරගෙන

:       7       13

සෙනෙවිරත්න Wednesday, 17 September 2025 01:33 PM

මම දැනගන්න කැමතියි සජිත්ගෙ පක්ෂ සාමාජිකත්වයත් තහනම් කලාද කියල. එතුම එයිද රෙදි ඇඳගෙන ඔය සන්දානයට, එතුම කීව මට තියෙන ලොකුම ලැජ්ජාව හොරුන් සමග ගිය එජාපය හා එක්වීම බව.

:       4       6

සෙනෙවිරත්න Wednesday, 17 September 2025 01:39 PM

මේ නමින්ම ජයට මඩගහන දෙමාපියන් තබපු නම රාජපක්ෂලට උකස් කරපු අය දාන කමන්ට් නොසලකා හරින්න.

:       0       4

අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 01:39 PM

ඒක හොදායි ....... ඉතාමත් හොදායි, දෙපිළකට වෙලා බොරුවට ගහ මරා ගත්ත කට්ටියට දැන් එක පිළකට එන්න සිද්ධවෙලා. රට වැනසු, රට හොරා කෑව හා රට විනාශ කෙරුව කට්ටිය එක තැනකට රැස් උනාම සාමාන්‍ය ජනතාවට ඇදුනා ගන්න පහසු වෙයි

:       2       5

Ex JVP Wednesday, 17 September 2025 01:59 PM

1500 ඩොබිලා බරටම වැඩ වගේ. හිගන්නෝ හොයනවා ඔයිට වැඩිය... කලවැද්දාගේ පිටිපස්ස හෝදන්න ලැජ්ජා නැද්ද?

:       2       1

Jayasekara Wednesday, 17 September 2025 02:28 PM

ඡන්දයක් එන්න ඕනේ බලන්න... දික් කසාදේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30954 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13087 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 864 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site