කොතරම් කැපවීම් කළත් එක්සත් ජාතික පක්ෂය තුළ තමාට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කියයි.

නුවරඑළිය මන්දාරම් නුවර පැවැති වැඩසටහනකට සහභාගී වූ අතර එහිදි අමාත්‍යවරයා මෙසේද කීය.

 “ මට ප්‍රශ්න තිබුණේ පොදු පෙරමුණේ නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් එක්වී මට ඡන්දේ දෙන්න එපා කිව්වා. කොතරම් අභියෝග තිබුණත් මම ඡන්දය දින්නා. පයින් ගහලා නවීන් දිසානායක එලවන්න බැහැ. මට තියෙන්නේ දිසානායකලගේ ලේ, ගාමිණි දිසානායකගේ පුතා කියලා මට විශේෂ වරප්‍රසාද ලැබුණේ නැහැ. එක කම්මුලකට ගහද්දි අනෙක් කම්මුල අල්ලන්න අපි සූදානම් නැහැ. 

තාත්තා හදපු මිනිස්සු තමයි මට ගහන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා නවීන්ට සහයෝගය දෙන්නැයි කිව්වා. නිදහස් පක්ෂයෙන් මට ගැටලු තිබුණේ නැහැ. එහෙත් මම එක්සත් ජාතික පක්ෂයෙන් බාධා වැඩියි. බෙල්ල තියලා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා කැපකිරීම කරද්දි ඒ පක්ෂයෙන්ම බාධා එල්ල වෙනවා. නායකයා නොකියන දේවල් මෙහේ ඉන්න අය කරනවා. කොතරම් අභියෝග තිබුණත් අපි ඉදිරියට යනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් අපිට පැහැදිලි ගමනක් තිබෙනවා.