බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය අද පරාජයට පත් විය.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා පළාත් ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් ඉදිරිපත් කැරුණු මේ වැය ශීර්ෂයට සන්ධානයේම පිරිසක් විරුද්ධව ඡන්දය දුන්හ.
එක්සත් ජාතික පක්ෂය පක්ෂව ඡන්දය දුන්නේය.
පක්ෂව ඡන්ද 23ක් ද, විපක්ෂව ඡන්ද 45ක් ද ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණෙ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විරුද්ධව ඡන්දය දුන්නේය.
බස්නාහිර පළාත් සභා ඉතිහාසයේ වැය ශීර්ෂයක් පරාජය වූ මුල්ම අවස්ථාව මෙය බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු, මහා පාවා දෙන්නාට හොඳම වැඩේ. (ම)
ඕව හොඳ වැඩ. ජය වේවා.(කෞ)
හොද ආරම්භයක්. අනාගතය පැහැදිලි වෙනවා (ම)
අයියෝ මොකද වුනේ.(හේ)
තාම අනාථයෝ හොල්මන් කරනවා ඊලග පාර විසා එක හම්බවෙයි. (ර)
කීයටවත් ලගදී පළාත් සභා ජන්දයක් එන එකක් නැහැ. (ර)
අන්න කොන්ද කෙලින් තියන මිනිස්සු. (ර)
ඔහොම යමු, ඔහොම යමු... (ර)
තව සෙල්ලම් ඉදිරියට බලමු. (ර)
එහෙනම් ඉතින් හංසයා හාන්සි. (ර)