
(අංජුල මහික වීරරත්න)
සියලු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට ඇතුළු විය හැකි තත්ත්වයක් එජාප නව ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අගෝස්තු මාසයේදී පක්ෂ සම්මේලනයක් කැඳවා මේ නව වෙනස කරන බව කී එජාප සභාපතිවරයා එහිදී නව ලෝකයට ගැලපෙන පරිදි පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන බව සඳහන් කළේය.
කිසිවකුට හෝ රට වට්ටන්න අවශ්‍ය නම් කළ යුතුව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය වැට්ටීම බව කී අබෙිවර්ධන මහතා එජාපය වැටුණු නිසා මුළු රටම කඩාවැටුණු නමුත් එජාප නායකයා ජාතිය වෙනුවෙන් පෙරට පැමිණි බැවින් නැවත රට ගොඩ ගොඩ නැගීමට හැකියාව ලැබුණු බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කලවාන ආසන බල මණ්ඩලය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහ කියන්නෙම ගොන් කතා. එජාපයේ ඉතුරු ටිකත් (පක්ෂයේ නම) ඉවර කරලා තමයි මුන් නවතින්නේ.
රත්තරං වජිර කොහොමත් ඕන කෙනෙකුට අරින්න පුළුවන් විදියට තමයි ඉන්නේ.