‘චීනය සම මාගම්පුර වරාය අශ්‍රිතව නව කර්මාන්ත පුරයක් හදන්න ගිවිසුමකුත් ගසා ඒ අයට ඉඩම් දෙන බව අගමැති කියලා තිබුණා. පිහිනුම් තටාකයක් දාන්නේ නැතිව ගල් තියනවා කියන්නේ නැතිව වැඩක් කිරිමට කටයුතු කිරීම හොඳයි’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරවිල අටේ කොලණියේ එකමුතු වැඩිහිටි සමිතියේ වාර්ෂික උත්සවයේ දී කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෑ බෑ මට එන්න බැහැ , නෑ නෑ මම එන්නේ නැහැ , විමලේ බනියි එනිසා මට බැහැ (අ)
මහින්ද රාජපක්ෂ නව රජයට එකතුවන්නේ නැත්තෙ ඔහු කළගුණ අමතක නොකරන කෙනෙක් නිසයි (නි)
එජාපෙ 18 ක් අරගෙන 2005 -2010 දක්වා ආණ්ඩු කළ කාලේ අමතක වෙලාවගේ..නිකම් අය නොවෙයි...කරු ඇතුළු ඒ කණ්ඩායම ගත්තේ කොහොමද කියල අපිට හොඳට මතකයි ලොක්කෝ.....ඔය කළ හැම දෙයක්ම දැන් නොකළා වගෙයි කතා කරන්නේ.....හැමදාම මිනිස්සුන්ව අන්දන්න බැරි බව ගිය මැතිවරනයෙන්වත් ඉගෙන නොගත් එකයි ප්‍රශ්නේ..(බ)
හැමදාම මහින්දට බැන්නා. කෝ එත් හොද මිනිස්සු තාම කරපු වැඩක් නම් නැහැ. කරපු දේවල් වලින්වත් දැන් ප්‍රයෝජන ගන්න හිතනෙකත් ලොකු දෙයක්. (ර)
මහින්දට නැවත එන්න ලැබෙන්නේ නැත (බ)
ඔබ තුමා සමග කළගුණ දත් අය සිටිනවා (බ)
පරණ කරපු දේවල් වලට කොක්කක් ගහලවත් ලකුණු ටිකක් දාගන්න උත්සාහ කරනවා වගෙයි. (බ)
මේ යන විදිහට මහින්ද මහතා ලබන මාසේ එන විදියයි පෙනෙන්නේ. (නි)
රොකී, පරම්පරා ගණනකට ගෙනහින් තිබෙනවා නම් ඒවා ආපසු ගන්න පුළුවන්. නමුත් රට පාවා දුන්නොත් එය ගන්න බැරි බව හිතට ගන්න. 2005 මෙතුමා නාවා නම් ප්‍රභාකරන් තාම ඉන්නවා. අපට වෙන්නේ වකුටුවෙලා නිදාගන්න. සිංහලයාට සුමාන දෙකෙන් සියල්ල අමතකවෙන බව ප්‍රභාකරන් කියා තිබුනා. රොකීලා දිහා බැලුවහම එය හරියට හරි. (නි)
මහින්ද වැඩ කළා කියන්නේ එයා ගෙදරින් ගෙනල්ලා කළා නෙමේ. කිසිම සැලැස්මක් නැතුව නිකන් ණය අරගෙන කරපු වැඩ (බ)
එකමුතු වැඩිහිටි සමුළුවේ වාර්ෂික රැස්වීම කිව්වට මට වැඩිහිටියෝ නම් පේන්නේ නෑ (බ)
ඉට්කා ගිවිසුම ගැන කතා කරන අය එය කියවා තේරුම්ගෙන තිබෙනවාද ගැන සැකයි. මෙම ගිවිසුම තුළින් ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවට පැමිණියත් ඔවුන් එන්නේ තොරතුරු තාක්ෂණය පිළිබද විශේෂ දැනුමකුත් සමඟයි. මුළු ලෝකයේම අයිටී සම්බන්ධයෙන් ඉන්දියාවට ඇත්තේ ඉතා ඉහළ ස්ථානයක්. එමනිසා ඔවුන් ලංකාවට පැමිණීම ලංකාවේ අයිටී ක්ෂේත්‍රය අලුත් ස්ථානයකට ගෙනයාවි. තවද, විදේශිකයන් පැමිණීම නිසා වක්‍රාකාරව නවාතැන්, ආහාර, ප්‍රවාහන ක්ෂේත්‍රයන්ගේ දියුණුවක් ඇතිවේවි. (නි)
මට පේන්නේ චන්දන ඕස්ට්‍රේලියාවේ හිටියට අවුරුදු එකොළහකින් ලංකාවේ පස් පාගල නෑ වගේ. (බ)
චන්දන මහතා ලංකාවට කාලෙකින් ඇවිත් නැහැ වගේ . කොයි කවුරුවත් ගෙදරින් සල්ලි ගේන්නේ නැහැ , මේ වතාවේ නිවාඩුවට ලංකාවට ඇවිත් යන්න . සිදු වූ වෙනස අත් විදින්න . බලන්න මේ ආණ්ඩුව අවුරුදු 23 කට පස්සේ බලය ගත්තේ , මාස හයෙන් මිනිසුන්ට එපා වෙලා . කොහොමද වෙනස ? (බ)
දැන් ඉන්නේ අනුන්ගේ ඒවා විවෘත කර කර දුවන මෙලෝ රහක් නැති අගමැති නේ (බ)
චන්දන මහින්ද කොහෙන් ගෙනැල්ලා හරි කළා මෙයාල මොනවද කරන්නේ කටින් බතල නම් හිටවනවා. බලන්න තව අවුුරුදු හතරකින් කරපු දේවල් නුවර හයිවේ එක පටන්ගෙනවත් නෑ (බ)
රුපියල් 1000 යන වැඩේට රුපියල් 5000 ක් ණයට ඉල්ලගෙන ඉතුරු 4000 සාක්කුවට දා ගන්න දෙනවා නම් මමත් සංවර්ධනේට බහිනව. (බ)
අපි සැමදා ඔබතුමා සමඟයි (නි)
මොන ගිවිසුම් ගැහුවත් මට පෙන හැටියට රට දුවන්න ඉතුරුවෙන්නේ මහින්ද මහත්තය අරඹපු සංවර්ධන ව්‍යාපෘති ටික විතරයි වගේ...(හේ)
බමුණු, රට පාවාදීලා තියෙන්නේ කවුද, රට උගස් තිබ්බේ කවුද කියන කතා ඔහොම යනකොට හෙළි වේවි. මෙලෝ හසරක් දන්නේ නැතුව වන්දිභට්ටකම් කරන කටුලෙවකන්නන්ට ඒවා තේරුම් ගන්න බැරි බව අපි දන්නවා (නි)
අගමැතිතුමා මටනම් පෙනෙන්නේ දුර දිග නොබලා වැඩකරන ඔළුවට එන ඕනදෙයක් දෙසාබාන කෙනෙක් හැටියටයි. ගමේ ඉස්කෝලේ මතක් වගේ ළමයින්ට කොටුවක් අරගෙන දඩුවම් මහත්තයෙක් විදියටයි. මගේ මතය.නිදහස් දිනය ජාතිය සංකෙත්වත්වන සංස්කෘතිය පිලිබිඹුවන දිනයක් එතැනදී ගයන ගී.අපේ රටේ හැමටම අගය කළ හැකි වෙන ලෙස ඉදිරි පත් කළ යුතුයි.(බ)
දැන් ඉන්න අගමැතිගෙයි මෙයා යටතේ හිටිය අගමැතිගෙයි වෙනස නේද? (ර)
නයන, ලියන්නකෝ ඉට්කා වල සිවූ වැදෑරුම් රාමුව ඔබතුමා දන්නවා නම්. ලියන්න මගේ නමින්ම, මේ තීරුවේ බැරි නම් ඊළඟ තීරුවේ හරි. දැන් ඉට්කා වලට මුළු රටම විරුද්ධව කතාකරන්නේ ඇයි? (නි)
මහින්ද මහත්තයාට මොනවා වෙලාද දන්නේ නෑ.(හේ)
මහානාම මහත්තයෝ, කවුරුවත් සල්ලි ගෙදරින් ගෙනෙන්නේ නැහැ තමයි. එ්ත් ඔහේගේ ලොක්කා නම් පරම්පරා ගානකට ඇතිවෙන්න ගෙදරට ගෙනිහින් තියනවා කියලයි ආරංචිය. චන්දන ඕස්ට්‍රේලියාවේ තියා කොහේ හිටියත් කියන කතාව ඇත්ත. මහින්ද මහත්තයා එජාපය සමග එකතු වුනොත් ඒකත් කපෝති! (බ)
බොහොම හොඳ තීරණයක්. (ර)
නයන, ඔබ දන්නවද ඉන්දියානුවන්ගේ තරම මැදපෙරදිග රැකියාවල් කරන අයගෙන් අසා දැනගන්න. (ර)
චන්දන මොන ලෝකෙට ගියත් කඩේ යන එක පුරුද්දක් කරගෙන. (බ)
මැටි පහන දෙන්නගේ වෙනස ලිවුවොත් මේකේ පල කරන්නේ නැහැ.පුද්ගලිකව හමු වෙන්න පුළුවන් නම් වෙනස කියල දෙන්න තිබුන. මැටි නිසා තේරෙයිද දන්නේ නැහැ. (බ)
සමහරු ඉන්නවා තමන් අකමැතිනම් කෙනෙක්ට හොදක් කියන්නෙත් නැ හොදක් දකින්නෙත් නැති පිරිසක්... කෙරුවනේ මේ වෙනකන් හිටපු නායකයෝ මේ රටේ සංවර්ධනයක්..යුද්දේ මුලට දාල සැප ගත්ත අැරෙන්න වෙන වැඩක් ...(බ)
මිස්ටර් රොනී. මට නම් ලොක්කෝ නැහැ. ඔබතුමා කියන්නේ මාධ්‍ය ය සංදර්ශන හරහා එන ප්‍රතිපල. එතකොට මහා බැංකු මංකොල්ලේ වහන්න හදන්නේ අැයි. ඔබතුම එජාපෙ ඩයස්පෝර හවුලට සුදු හුණු ගානවා . ඉට්කා ගිවිසුමෙන් මුළු රටේ ම ආර්ථිකය ඉන්දියාවට දෙන්න යනවා. ඔබතුමා මහින්ද ගේ වැරදී හොයා හොයා ඉන්නවා. දාන්න මහින්දව හිරේ හැබැයි රණවිරුවෝ ඇතුලට දාන්න එපා ඩයස්පෝර ව සතුටු කරන්න. මේ උගත් සබාවට උචිත ලෙස අදහස් දාන්න පුරුදු වන්න (බ)
රොනීටත් ඩුබායි වලට හරි ඔස්ට්‍රේලිය යන්න වේවි අගමැති බලෙන් ම ඉට්කා ගැහුවා ම. (බ)
අපට ඕනෙත් නෑ.(හේ)
උපාලි,රොකී,චන්දන ඔයාල වගේ මෝඩයෝ නිසා තමයි ලංකාව තවමත් එක තැන පල් වෙන්නේ. මහින්ද එහෙම හරි කළා. ඔයාලගේ යූඑන්පී ලොක්කෝ මොනවාද කළේ?
මහින්ද හැම කෙනාම. බලන්නේ ඔයාව ඉස්සරහට. දමලා ඒ. අයගේ ගේම ගෙනියන්න. අනේ. ඔය සේරම දමල. ගහල එන්න. අපිදෙන්නා වෙනම. ගමනක් යමු. ඔලුවටත් හොඳයි වෙනසක්. වෙනවනම් (බ)
මහානාම මහත්තයා, ඔබේ දිග සටහනේ "රණවිරුවෝ ඇතුළට දාන්න එපා" කියන කෑල්ල ගැනයි මේ. ඔබේ මහින්ද මහත්තයා තමන්ට එරෙහිව ඡන්දෙ ඉල්ලුවට පළිගන්න ලොකුම රණවිරුවා ඇතුළට දාලා කරපු හරිය ගැන මතක් වුණේ නැද්ද ඕක ලියනකොට? (නි)
එන් නැති තරමට හොදයි. (ර)
මැටි පහනටම හරි යන නම.(බ)