වයඹ පළාත් සභාවේ සභාපති තෝරා ගැනීමේ දී රජයේ අපේක්ෂකයා පරාජය කළ ආකාරයෙන් මධ්‍යම පළාත් සභාවේ ද විකල්ප කණ්ඩායම් ආණ්ඩු පක්ෂයෙන් බිහිවන ලකුණු ඇතැයි වයඹ පළාත් විපක්ෂ නායක ජී සී අලවතුවල මහතා කියයි.
විපක්ෂ අපේක්ෂකයකු වයඹ පළාත් සභාපති තරඟයට දෙදෙනකු ඉදිරිපත්ව සිටිය දී විපක්ෂය සහයෝගය දුන් ධර්මසිරි දසනායක මහතා ජය ගත්තේය.
ඔහුට එජාප සහයෝගය හා රජය ඇතුළෙන් ලැබෙන සහයෝගය ගැන ඡන්දය දී අවසන් වන තුරු කිරිවකුටත් දැනගත නොහැකි වී යැයි ද අලවතුවල මහතා පැවසීය.
වැඩ භාර ගැනීමට පෙර මහනුවර දළදා මැදුරටත් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදුටුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයට අරක්ගෙන ඉන්න බහිරවයා මොනවාහරි කරලා ඉක්මනට එලවාගන්න. (නි)
ඉතින් කොහොමද එජාපය නැගිටින්නේ? (නි)
පක්ෂ දෙකේම පක්ෂ බදාගත් මිනිස්සු අපරාධ වලට පෙළඹිලා අහිංසක මිනිසුන්ට සාධාරණය ඉටු කරගන්න ඉඩ දෙන්නේ නැහැ. (නි)
ආණ්ඩු පක්ෂයේම කෙනෙක් දිනුවා කියන එක නෙමෙයි වැදගත්. අළු යට ගිනිපුපුරු වගයක් පෙනුන එකයි වැදගත්. (නි)
මට අදත් කියන්න තියෙන්නේ මේ දෙගොල්ලොම දිනුම් චන්දෙ දීපු අපි පරාදයි අනේ බන්දුල !(නදී)
ඕක නෙමේ වැඩේ. එජාපය බලයට ගෙන ඒමයි. රටේ ප්‍රශ්න අනන්තයි, දුප්පත් අය කපෝති, ඒත් ආණ්ඩුව උඩින් දිනුම් ඇයි මේ? (නදී)
අනේ බන්දුල පෙරේරා, තමුන් ඉන්නෙත් පුපුරා යාමට ආසන්න ගිනිකන්දක් උඩ නිසා ඉක්මනට ආරක්ෂා සහිත තැනක් හොයා ගන්න. (නි)
මේ අදහස් දුටුවිට මට පුදුමත් හිතෙනවා (නි)
හරියට තප්පුලන්නේ විපක්ෂෙන් මේ තනතුරු වලට පත් උනා වගේනේ..හරි හරි ඔහොමවත් කියල සතුටු වෙන්නකෝ.(නදී)
බලය නොතිබියදී විපක්ෂයෙන් කියලා පළමු වතාවට කතා නායක තනතුරට පත් උනේ. වී,ජ.මු.ලොකුබණ්ඩාර ඇමති තුමා පමණයි. දැන් ඔය කියන පුර සාරම් සියල්ල පුහු වෙඩිම තමා.... කියලයි.. අපට කියන්න තියෙන්නේ.(නදී)
ආණ්ඩුවට සියල්ලෝම බනිනවා. නමුත් උතුර හැරෙන්න වයඹ හා මධ්‍යම පළාත් දෙකම ජය පොදු පෙරමුණට. මොනවද වෙන්නේ? කිසි දෙයක් තේරෙන්නේ නැහැ.මෙහෙම තව තවත් ඇමතිවරු පත් කළොත් රටට හා ජනතාවට තව තව බර උසුලන්න වෙනවා මිසක් වෙන දෙයක් නම් වෙන්නේ නැහැ. (නි)
දැන් කළ යුත්තේ සජිත් ,කරු නායකත්වයට ගෙන, රනිල්ගේ උපදෙසුත් පිළිගෙන, අලුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයකුත් පත් කරගෙන සටන කොළඹින් ,දකුණෙන් ඌවෙන් පටන් ගන්නා එකයි. විනය පරීක්ෂණ නවත්වා සියල්ලන්ම නැවත පක්ෂයට බඳවා ගැනීමයි. (නි)
හිත රිදුනද යු.එන්.පී එක නැගිටියි කියලා.(නදී)
වැඩ පෙන්නුවේ වයඹින් පඩුවස්නුවරින් හාරදහසක්ම අරගෙන. තව මදිද? මල්ලි අපේ ලොක්ක වැඩ දාන්නේ ඡන්ද වලින් නෙවේ මේ වගේ රිලා පාර්ට් වලින්. (නදී)
යු.එන්.පී කාරයෙක් පත්කරලා පාක්ෂිකයෝ දිරිමත් කරන්ඩ (නදී)
වසන්ත, යු එන් පී එක ආවිට රටේ ප්‍රශ්න විසදෙනවද ? ඒගොල්ලෝ අවුරුදු 17 ක් මීට කලින් රට පාලනය කළා නේද? (නි)
මේක පුදුම වැඩක්නේ , ඡන්දෙකට සල්ලි වියදම් කරේ බොරුවටනේ (නදී)
ඕවත් වැඩද? මල්ලි ඕවත් වැඩද? රජ වැඩ කිඩ දෙන්නට නුඹ රජ කකුලක්ද? හිතල මතල, හොයල බලල, කෝපී කාලේ මෝඩ තාලේ කොන්ඩෙ බැඳපු චීන්නුන්ට ඕව කියාපන්........! (නදී)