හම්බන්තොට වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට හා මාධ්‍යවේදීනට එහි පරිපාලන ගොඩනැගිල්ල අසළ සිටි පිරිසක් අතින් පයින් හා බිත්තරවලින් පහර දුන්හ.

වරාය අසළ සිටි පොලිස් නිලධාරීහු මන්ත්‍රීන් බේරීමට කිසිත් නොකළ නිසා වරාය නැරඹීම පසෙක දමා මන්ත්‍රීවරු නවත කොළඹ බලා පිටත් වූහ.

පොලිස්පති හමුවී සිද්ධිය ගැන දැනුම් දෙන බවත්, අද රාත්‍රී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවත් මන්ත්‍රීහු කීහ.

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු පිස්තෝලයක් අතැතිව සිටියේය.