මත්තල ගුවන් තොටුපොළ බලන්නට අද එහි ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට එහි රැදී සිටි පිරිසක් හූ කියමින් කුණු හරුපයෙන් බැන වැදුණ නමුත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පොලීසිය හෝ ගුවන්තොටුපළ ආරක්ෂකයෝ නොපැමිණීයහ.
එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම,එරාන් වික්‍රමරත්න, අජිත් පෙරේරා, නලීන් ජයමහ හා ආර් යෝගරාජන් මහත්වරු මේ සිද්ධියට මුහුණ පෑහ.
ගුවන්තොටුපොළ නිලධාරීන් සමඟ ගුවන්තොටේ සැරිසරා තොරතුරු ලබා ගැනීමෙන් පසුව පිටත්ව යෑමට බසයට එද්දී එතැන සිටි පිරිසක් ඔවුනට බාධා කළහ.
ගුවන් තොටුපොළ ගැන බොරු ප්‍රචාර ලෝකයට නොදෙන ලෙස ඔවුහු කීහ.
එම පිරිසේ සිටි ඇතැමෙක් මන්ත්‍රීන්ගේ ඇඟට පවා අත තබනු දැක ගත හැකි විය.
මන්ත්‍රීන් ඔවුනට පැවසුවේ තමන් ආවේ රජයේ ආරාධනයක් අනුව බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හිනා යන වැඩ.අනේ කොහොමද පොලිසියේ මහත්වරු එතන නැති උනේ ඒ වෙලාවේම??? (මුදී)
ඔව් ඉතින් හු කියන නරි ඇරෙන්න ගුවන් යානා හෝ වෙන දෙයක් නැහැනේ එහෙ. (මුදී)
ඒ අයත් මේ රටේ පුරවැසියන් බව අමතක වුණාවත් ද?(මුදී)
හූ කියන්නේ නරිනේ. ඕක තමයි කැළෑවල ඕවා හදන්ට එපා කිව්වේ.(මුදී)
රජයේ අරාධනාවකට ගියා නම් කෝ රජයේ නියෝජිතයා? අැයි හොරෙන්ම ගියේ? (මුදී)
මොණරු විතරක් නොවේ නරිත් ඉන්නවා (මුදී)
එයාලට ඕව ගැන හොයල බලන්න අයිතියක් නැද්ද.... කරන හැම දේම බලන් ඉන්න ඕනෙද අපි.(මුදී)
අනේ ඒ අයට හු නොකියා ජය වේවා කීවුවා නම්? (මුදී)
සි සි ටී වී කැමරා තිබේ නම් හූ කියපු උදවිය අඳුනා ගන්න පුළුවන් නේද ? හැබැයි ඉතින් ඒ ගොල්ල පුරුද්දට , ගුවන් තොටුපලට ගොඩබහින මගියන්ට හූ කිව්වොත් සත්තු වත්ත තියෙන්නේ ගුවන් තුටුපලේම කියල සංචාරක ඇත්තෝ හිතා ගනී. (මුදී)
මේ ගුවන්තොටුපොළ සාර්ථක ව්‍යාපෘතියක් නම් ඒකේ අමුතුවෙන් පෙන්නන්න දෙයක් නැහැ. මේක රටේ ආර්ථිකයට තවත් බරක්. ගුවන්තොට ඉදිකිරීමට ගත් ණය සහ පොලිය, නඩත්තුවට යන අතිමහත් වියදම , රේගුව, ගුවන්තොටුපොළ සේවකයන්ගේ වැටුප් ආදිය ගෙවන්නේ මේකෙන් ලැබෙන ආදායමෙන් නොවේ. ඒ සඳහාත් තවත් ණය ලබාගන්නා බව කනගාටුවෙන් උනත් කිව යුතුයි.රටේ දියණුවට අපි ඊර්ෂ්‍යා නොකළ යුතුයි. නමුත් මේවා දියුණුව සඳහා කරපු දේවල් නොවේ.(දී)
මත්තල මොනරුන්ට වෙඩි තියන්න වෙනම කට්ටියක් පත් කරලා කියල පහුගිය කලේ මන්ත්‍රී කෙනෙක් ප්‍රකාස කරලා තිබුන. ඒ වගේ හූ කියන්නත් කට්ටියක් පත් කලාද දන්නේ නැහැ.(දී)
හූ හඬවල් ඇහෙන කොට නරියෝ කවුද කියල හඳුනා ගන්න බැරි වුණද.? (ත)
මොරටුවේ කට්ටියක් එක්ක ගියානම් බිත්තියට තියලා පහර දෙයි. (ත)
දැන් මේ රට හදනවා බොරු. (ත)
එජාප රජයක් යටතේ මත්තල කටු ගෙයක් කරනවා කියල මහලේකම් තුමා පාරම්බැවා. දැන් මේ පිරිස ගියේ ඒකට සක්‍යතා අධ්‍යනයක් කරන්න වෙන්න ඇති. (ත)
මේ වගේ දේවල් අහනකොට ලංකාවේ ඉන්න මිනිස්සු ගැන ලොකු කණගාටුවක් හා වේදනාවක් ඇති වෙනවා. (ත)
වරායට ගියේ නැද්ද? (ත)
පුදුම පොලිසියක්නේ. (ත)
අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවගේ දේට තමයි. (ත)
ඒ අය හොරෙන් ගියේ නැහැ. ඒ අය යන බව අපි නම් පුවත් පත් වලින් කලින්ම දැක්කා. අනිත් එක ගුවන්තොටුපොළකට හොරෙන් යන්නේ කොහොමද? (ත)
මේ අය යනවා කිව්ව වෙලේම මට හිතුනා මේ ටික වෙයි කියලා. (ත)
මෙම සිදුවීම ගැන මමනම් කනගාටුවෙනවා. නමුත් විරුද්ධ පක්ෂයේ උදවියට ආණ්ඩුවේ වැරද්දක් දකින සෑම අවස්ථාවකම එයට විරුද්දධව නැගී සිටීම ඔවුන්ගේ වගකීමය. නමුත් සමහර ප්‍රකාශයන් යහපත් දේවල් හෑල්ලුවට ලක්කරන සුළුය. එවැනි දේවල් නිසා සිදුවෙන විපාක තම මේවා. (දී)