මත්තල දී ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට මත්තල දී හිරිහැර කිරීම සැලවීමෙන් පසු හම්බන්තොට වරායේ දී ඒවැන්නක් සිදුවීම වැළැක්වීම සඳහා තමා ඒහි ගිය බවත්, එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා තමාගේ හොඳ මිත්‍රයකු බවත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.
තමා හම්බන්තොට වරායට එන විට එහි සියයක පමණ පිරිසක් රැස්ව සිටි බව ද, ඔවුන්ගෙන් එජාප මන්ත්‍රීවරුනට කිසියම් හිරිහැරයක් වීම වැළැක්වීමට තමා ඉක්මන් ගමනෙන් එහි ගිය බව ද පුරපති පවසයි.
තමා ප්‍රහාරයක් සැළසුම් කළැයි දැනටම ඇතැම් පුද්ගලයන් ගෙන යන ප්‍රචාරයේ සත්‍යතාවක් නැති බව ද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණකොල පොඩ්ඩක් කපන්න හිතුනා ගහට ගිහින් (ස)
ඒ. ජා.ප. මන්ත්‍රීවරු වරාය,ගුවන් තොටුපල පැත්තේ ගියේ,රජයේ වැඩ බලා රජයට එකතු වෙන්නද? නැත්නම් ගැටුමක් නිර්මාණය කර ගන්නද? වර්තමාන දේශපාලනය ගැන මේ දෙගොල්ලන්ම ලැජ්ජා විය යුතුයි (නි)
පද්මිනී, මෙපමණ කලක් ඔය හිතාගෙන හිටියේ හම්බන්තොට ඉන්නේ උපාසක මහත්වරු කියලද? (නි)
ඉතින් රටේ මානව හිමිකම් කඩ නොවනවා කියා කාටවත් කිව හැකිද? (නි)
නුදුරු අනාගතයේදී ඉතා සුභ ආරංචියක් අසන්නට ලැබේවි (නි)
රෝහිත මොනවා කතා කරනවාද මන්දා! (නි)
අනේ මන්දා! (නි)
මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය (නි)
[මේවා බලන්න අපි ඔබතුමන්ලාට ඡන්දෙ දීලා පුරපති කළේ] අපි කාටවත් ඡන්ද දුන්නේ නැහැ. අපි ඕගොල්ලන්ට වෙන දේ බලා ඉන්නවා පමණයි (නි)
කිසිදේකට කලබල වෙන්න එපා. මෙහෙම තමා අපේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් රැකීම, නීතිගරුක වීම. (නි)
ලෝකයේ සම්බාදක දාන එක අහන්න දෙයක්ද ? රටේ විපක්ෂයට තමන් කැමති තැනකට යන්න නිදහස නැති රටේ අනිත් කෙරුම් ගැන කුමන කතාද ? (නි)
මදැයි... (නි)
හමබන්තොට කියන්නේ කොහොම අය ඉන්න පුරවරයක්ද කියලා ඔප්පු වෙලා අවසානයි. (නි)
ජනතාව හිනස්සන වැඩ කරන්න එපා (නි)
මේ වගේ දේවල් ගැන තොරතුරු තත්පර ගානක් ඇතුලත ජිනීවා මානව හිමිකම් කොමිසමටත් ලැබෙනවා. මේ වැඩ වලින් සිද්ධ වෙන්නේ ලංකාව තවත් අනතුරට ලක්වීමයි. (නි)
අර පිස්තෝල කතාව ගැනත් පොඩ්ඩක් හොයමු නේද? (නි)
වැරදි කෝණයෙන් බලන්න එපා. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් හොදක් අහන්න බැරි කාලයක්නෙ... (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සහිත කණ්ඩායමක් මෙලෙස සංචාරයක යද්දී ගුවන් යානයක නැඟීමට යන මඟියෙකු වාගේ යනවාට වඩා කල් තබා පොලිසි වලට දන්වා සාමාන්‍ය ආරක්ෂාවක් හෝ ඉල්ලා සිටීම කවදත් කෙරුණු දෙයක්. අඩු තරමින් ගුවන් තොටුපොල බලධාරීන්ටවත් දන්වා යා යුතුයි කියලයි මම හිතන්නේ.මන්ත්‍රීවරුන්ට තම ආරක්ෂාව සඳහා දෙදෙනා බැගින් යොදා සිටින පොලිස් නිලධාරින් මෙම සිදුවීමේදී මැදිහත් වෙලා නැහැ. මේ ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුයි කියා මට හිතෙනවා. (නි)
අල්විස්ට හිතුන දෙය එකම එක දවසකට කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට හිතිලා තියෙනවනේ.(නදී)
මතක නැද්ද ජේ ආර් කිව්වා විනිසිරුකරුවන්ගේ ගෙවල් වලට ගල් ගැහැව වෙලාවේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී වැඩක් කියලා. (නදී)
කිතුල් ගහට නැංග මිනිහත් ඔහොම කිව්වා. (ත)
වැඩේ හොඳට කරලා තියෙනවා (දී)
කුණු බිත්තර ගහන්න කියලා බෙර ගන්න යන එක හරි නැහැ නේද? (දී)
මෙන්න නියම පිළිතුරු,දීපල්ලකෝ ඕවට උත්තර (දී)
මෙහෙමයි ලංකාදීප කලින් පුවතේ ඇති ෆොටෝ වලින් 4වෙනි ෆොටෝ එකේ තියෙන්නේ මෙයා එ.ජා.ප. මන්ත්‍රීවරයෙක්ව ආරක්ෂා කරගෙන අරන් එන දර්ශනයක්. ඒ නිසා මෙයා කියන කතාව හරි වෙන්නත් පුළුවන්. එත් මේ ලංකාවේ නිසා දකිනදේ විශ්වාස කරන්නවත්.... අහනදේ විශ්වාස කරන්නවත්... ටිකක් අමාරුයි.(දී)
ඇට නැති දේසපාලන දිව නොව.....................(දී)
නියම යාලුවෙක් නේ......(දී)
බඩුත් එක්ක හොරු අනිත් නිව්ස් එකේ ඉන්දැද්දී ..... අනේ මගේ කට (දී)
අනේ ......., මන්ත්‍රිරිලා බේරගන්න යන්න ඕනේ පොලිසිය මිසක් ගිනි අවි අර ගත්ත නගරාධිපති නෙමේ. කිතුල් ගහට නැගපු මිනිහගේ කතාව වගේ.(දී)
එවැනි සියයක පමණ පිරිසක් සිටීනම් එය අයුතු ජන රාශියක් වන අතර විසුරුවා හැරීමට පොලීසියට අවශ්‍ය පමණ බලයද තිබේ. නගරාධිපතිවරයකුට මේ සඳහා ඇති බලය නොදනී. මෙවැනි දැ පුර්වාදර්ශ වන අතර ඉදිරියේදී මහජනයා නීතිය අතට ගැනීම සාමාන්‍ය දෙයක් වනු ඇත.(දී)
එක සෙල්ලම් පිස්තෝලයක් ලු (අ)
එතකොට පිස්තොලේ අරන් දිව්වේ තමන්ගේම අයට වෙඩි තියන්න වෙන්නැති.....අනේද කියන්නේ. (දී)
කොන්දක් නැති වීරයෝ (අ)
මේවා බලන්න අපි ඔබතුමන්ලාට චන්දෙ දීලා පුරපති කලේ
හම්බන්තොට පුරපතිද ? නගරාධිපති ද ? (ස)
පිස්තොලේ මාළු බාන්න වෙන්න ඇති කාටද කියන්නේ. (ස)
මේ විදියට හැසිරුණාට මෙයාට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. (ස)
මෙයාගේ කතාව ඇත්ත වන්ටත් පුළුවනි. නමුත් හම්බන්තොට මෙවැනි අශිලාචාර ජන කොටසක් ඉන්නවා කියා දැනගත්තේ අද.(ස)
කපන්න බැරි අත ඉඹිනවා (ස)
දේශපලනෙට කව්ද එන්නේ ඒ අපු දා ඉදන් කියන්නේ මොනාද..? බොරුනේ ඉතින් කවද්ද මේ දේශපාලකයෝ ඇත්ත කියපු දවස. (ස)
ජනාධිපතිතුමනි, ඔබතුමාට මේවා පෙන්නේ නැද්ද..? ඇයි මේවා නවත්තන්නේ නැත්තේ . කෝ නිතිය ..... (ස)