අගලවත්ත නගරයේ දී ආරුමුගම් පුෂ්පකුමාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීට දණගස්වා පහර දුන්නැයි කියන එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ගිනි අවි සිද්ධියකට සම්බන්ධ නැතැයි ඔහුගේ නීතීඥ අජිත් පතිරණ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (26) කියා සිටියේය.
එහෙයින් ඔහුට ඇප දෙන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ඔහුට එරෙහි නඩුව මතුගම උසාවියේ විභාග වන නිසා මතුගම උසාවියට එවැනි ඉල්ලීමක් කළ හැකි බවයි.
ඔහු ලබන බ්‍රහස්පතින්දා (29) මතුගම උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
අද නඩුව කැඳවුණේ ඔහුගේ අසනීප ගැන අධිකරණ වාර්තාව සලකා බැලීම සඳහා වුවත් එම වාර්තාව ඉදිරිපත් වී නොතිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් දෙදෙනකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා යළි රිමාන්ඩ බාරයට පත් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප මන්ත්‍රී යළි රිමාන්ඩ් : 29 මතුගමට