අගලවත්ත නගරයේ දී ආරුමුගම් පුෂ්පකුමාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීට දණගස්වා පහර දුන්නැයි කියන එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ගිනි අවි සිද්ධියකට සම්බන්ධ නැතැයි ඔහුගේ නීතීඥ අජිත් පතිරණ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (26) කියා සිටියේය.
එහෙයින් ඔහුට ඇප දෙන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ඔහුට එරෙහි නඩුව මතුගම උසාවියේ විභාග වන නිසා මතුගම උසාවියට එවැනි ඉල්ලීමක් කළ හැකි බවයි.
ඔහු ලබන බ්‍රහස්පතින්දා (29) මතුගම උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
අද නඩුව කැඳවුණේ ඔහුගේ අසනීප ගැන අධිකරණ වාර්තාව සලකා බැලීම සඳහා වුවත් එම වාර්තාව ඉදිරිපත් වී නොතිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් දෙදෙනකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා යළි රිමාන්ඩ බාරයට පත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd