වැඩිවූ විදුලි බිලට විරෝධය පළ කරමින් ඇලයාපත්තුව මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනුර බණ්ඩාර මහතා අමුඩයක් ගසා පන්දමක් සුරතින් ගෙන මානියම්ගමුවේ සිට ඇලයාපත්තුව ප්‍රාදේශීය සභාව දක්වා අද ගමන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන පී හැරිසන් හා චන්ද්‍රාණි බණ්ඩාරද පන්දම් රැගෙන ඔහු ද මහජනයාද සමග ගමන් කළේය.
ප්‍රදේශීය සභාව අසලදී සභාපති අනින් එහි ගේට්ටුව වසා දැමුණු අතර මන්ත්‍රීවරයාට දැන්වූයේ ඔහුගේ ඇඳුම ප්‍රාදේශීය සභා රැස්වීමට නුසුදුසු හෙයින් ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුඩෙත් නැතුව ආවා නම් තමයි හොඳ. (නි)
එයාට ලැජ්ජා නැත්ද?(ස)
ඕක ඇඳගෙන පාර්ලිමේන්තුවට යන්නකෝ (නු)
බඩුමිලත් අඩුකරන්න කියන්න..!(නු)
අමුඩය කියන්නේ හෙලයාගේ අනන්‍යතාවය එහෙම නැතිව ටයි කෝට් නෙමේ(නු)
අමුඩෙ ගහගෙන මිනිස්සු මහපාරේ යන්නේ නැහැ. ඒකවත් දන්නේ නැතුවනේ මෙයාලා අමුඩෙ ගහන්නේ. (නි)
අමුඩයට හූ කිව්වනම් එකා සිංහලයෙක් නොවෙයි. (ස)
එජාප පක්ෂේ අය රටේ නැති විරෝධ ප්‍රකාශ කරනවා සෑම දෙයකටම, නමුත් එයාලා කියන්නේ නැහැ කිසිම ප්‍රශ්නයකට විකල්ප මාර්ගයක්. (නි)
අමුඩේ ඇන්දේ අපේ ගොවියට අපහාස කරන්නටද? අපිට ඕනෑ කරන්නේ ආධුනික නාඩගම් නෙමෙයි , විදුලි බල මණ්ඩලයේ නාස්තිය දුෂණය නවත්වා එය ජාතියට සේවය කරන ආයතනයක් බවට පත් කල හැකි ඤානාන්විත දේශපාලන හැකියාවකුයි.(නු)
මෙයා අමුඩේ ගැහුවට අපි නම් කැමති නැහැ. නමුත් එයාගේ නෝනා සමහරවිට කැමති ඇති (නි)
අමුඩේ නොව අඹුඩේ විය යුතුයි.. (නු)
අර පිටිපස්සේ තියෙන කෙහෙල් කොලයක් දෙකක් කඩා ගත්තා නම් මේ ඇඳුමටත් පොඩි මෝස්තරයක් එහෙම දාලා ගන්න තිබුණා. (නි)
ඇයි ප්‍රියා? අවුලක්ද? අමුඩේ කියන්නේ අපේ රටේ ගොවි මහත්වරුන්ගේ ඇඳුමනේ.(ස)
ඕකත් නැතුව ගියා නම් මීටත් වැඩිය හොඳයි නේද? (නි)
ඔය පන්දම් අරන් යන්නේ විදුලි බිලට එරෙහිවද?(නු)
ළමයි නෙවෙයි , අම්මල තාත්තලටයි හු කියාගන්න වෙන්නේ විදුලි බිල් අවම..(ස)
දැන් ඉන්න නායකයෝ හැම ප්‍රශ්නෙකටම අමුඩ පිළිතුරු තමයි හොයන්නේ.(නු)
පුරුද්දද දන්නෙ නැහැනේ (නි)
අමුඩේ ගහලා මදි.මුකුත්ම නැතිවුණොතින් නම් හොඳට එලිය තියෙයි (නි)
අමුඩෙයි විදුලි බිලෙයි තියෙන සම්බන්ධය මොකක්ද ?(ස)
මාලා, ප්‍රියා, ඔයාලයි ලැජ්ජ වෙන්න ඕනේ.(නු)
අමුඩේ සහ විදුලි බිලේ සම්බන්දෙ තමා, හම්බකරන පඩිය විදුලි බිල ගෙවන්න වියදම් කලාම ඇදුම් ගන්න සල්ලි නැතුව අමුඩේ අදින්න වෙන එක.(නු)
අමුඩෙයි බිලයි අතර සම්බන්ධය මෙන්න. බිල ගෙව්වාම පඩියේ ඉතිරියෙන් අඳින්න වෙන්නේ අමුඩයක් හෝ නැත්නම් නිරුවතින් ඉන්න වෙන්නේ. ඕන්න කීවා. (නි)
එක දාගන්න කරන වැඩ.අපේ අය මේවට අහුෙවනවා. (ස)
මාලා ලංකාවෙද? (ස)
මාලා, ලැජ්ජා වෙන්න ඕනෑ බිල වැඩිකරපු අයට ඡන්දේ දීපු අයයි. (නි)
නෑ රවීන්ද්‍ර, වැඩි හරියක් දෙනා කන්නේ බත් නොවේ. (ස)
කොහොමත් අමුඩ ගහපු නුගත් අය තමා ගොඩක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු. මේකේ අලුත් දෙයක් නැහැ. මෙයාගේ බලන්න.(නදී)
ඉන්දික, විදුලි බිල ආවාම අමුඩෙවත් ඉතිරිවෙයිද දන්නෙ නැහැ. (නි)
ඒත් විපක්ෂ නායකතුමා කිව්වෙ අමුඩය වෙනුවට ගොවින්ට ඩෙනිම් අන්දනවා කියලනෙ. මේක ඒ කියමනට ගැළපෙන්නෙ නැහැනේ (නි)
ඇයි ඇඳුම් අයන් කරන්න යන වියදම අමුඩෙ නිසා පිරි මැහෙනවා නේ. ඒකයි ඔය අමුඩෙ අඳින්නේ.(ස)
අතීසාරයට අමුඩ ගහලා වැඩක් තියෙයිද? (නි)
නියම ඇඟ.මයික් ටයිසන් වගේ.(ස)
අමුඩෙ නරක එකක් නොවේ. ඒත් මේ හැමෝම අවස්ථාවාදියෝ. ජනතාව රවට්ටනවා මාරුවෙන් මාරුවට (ස)
මේ විදුලි බිලක් හින්දා එක පක්ෂයක ලාංඡනයට නම් මේ දිනවල ලොකු ප්‍රසිද්ධියක් නොමිලයේම ලැබෙනවා. කියලවත් කරගන්න බැරි දෙයක් ... (නි)
ඇයි මේ මහ දවල් හුළු අතු පත්තු කරන් යන්නේ.(ස)
රවින්ද්‍ර, අමුඩේ කියන්නේ ඉතාම ප්‍රාථමික ඇඳුමක්. ඔය වගේ අදින්නේ අප්‍රිකාවේ ගෝත්‍රික මිනිස්සු විතරයි. අපි ලෝකෙට යන්න නම් මේ වගේ යල් පැනපු, නවීන ලෝකෙට කිසිසේත් සුදුසු නැති දේවල් ඉවත් කළ යුතුයි. තායිලන්තේ ගොවියෝ අමුඩේ අඳින්නේ නැහැ. එහෙ තියෙන්නෙත් මේ දේශගුනේම තමයි. එයාලා අඳින්න ලස්සන බුට් සහ ලස්සන දිග කලිසම්. (නි)
දැන ගනිල්ලා. ඒ අය අමුඩෙට බැස්සේ උබො වෙනුවෙන් කියලා (නි)
අමුඩේ ගහන අයට ඡන්දෙ දුන්නම වෙන දේවල් (නි)
කොහොම හරි විදුලි බිල අඩුවුනොත් කොයි කාටත් හොඳයි නේද. (ස)
මේවට මොනවා කියන්නද හොඳද ??? නරකද ????(නු)
චන්ද්‍රාණි, බණ්ඩාරට නම් ඒ පන්දම දැක්කාට අමුත්තක් නැහැ. ඒත් අනික් අයට මෙය අමුත්තකි. (නි)
මාලා ඔයා කාගේද කියන්නකෝ ? මාලා මම ඔබ ගැනම සිතාලා ...අමුඩේ ගහගෙන කුඹුරු කොටාලා....... (නි)
ඉක්දිකගේ දැනුමේ තරම, (නු)
එහෙනම් දැං විදුලි බිල අඩුවෙයි..!(නු)
මේවා නිකම් මිනිසුන් රවටන්න කරන වැඩ. විරුද්ධ පක්ෂය පැහැදිලි ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරනවා නම් කොයි තරම් හොඳද? (ස)
මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය කියලා කිව්වේ කට කහනවට නොවේ. දැන් ඉන්න පාලකයන්ගේ ඇදුම් සුදු වුණාට හිත් වල තියෙන්නේ පල් වෙච්ච මඩ ගදටත් වඩා ගඳක්. (නි)
මෙවෙනිදෙවල් ජනතාව වෙනුවෙන් කරනදෙයකට වඩා හුදෙක් අවස්ථාවාදී සහ පටු දේසපාලන අරමුණක් තකා කරන්න්ව් රගපෑමක් පමණි (නු)
ඔය වැඩ තමයි එයාලා කොහොමත් කරන්නේ. ඒකනේ තවමත් විපක්ෂයේ ඉන්නේ (නි)
නියමයි ,මේ පෙරපුහුණුවක් තමා. මොකද මේ අය දන්නවා රට යන්නේ අමුඩ යුගයට බව. අනාගතේ රට යන්නේ අමුඩ සහ පන්දම් යුගයටම තමා ,කට්ටියම අමුඩේ ඇන්දානම් තමා වඩා හොද . (නි)
හොදටම පිස්සු වගේ (ස)
ගොවිමහතුන්ටත් කරන අගෞරවයක් මේ විදියට හැසිරීම..!(නු)
මෙයා පන්දමක් අරන් ගිය නිසා විදුලි බිල වැඩිකරන එක නවත්තයි..!(නු)
අමුඩෙත් නැති වුණා නම් තමයි මම සතුටු (නි)
පක්ෂ පාට කණ්නාඩි දාගෙන මේ දිහා බලන අයට පෙනෙන්නේ අමුඩේ ඇද කුද විතරයි. සමහර උදවිය අමුඩෙ ගැන කතාකරන්නේ බොහොම සෝපාහාසයෙන්. මොනවා වුණත් මෙවැනි දේවල් මගින් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව මහඡන මතය තවත් ශක්තිමත් වෙනවා. අන්න ඒක ගැන හිතන්න. නිකන් අමුඩෙ ඇද කුද හොයන් නැතිව. (නි)
මේ අමුඩෙයි විදුලි බිලෙයි සම්බන්ධය මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කව්ද දන්නේ එයා ගෙදරත් අමුඩේ ගහගෙනද ඉන්නේ කියලා..... (නි)
ප්‍රදේශීය සභාවට සුදුසු අමුඩය තමා. කලිසම හොඳ කුඹුරට. ගොවිතැන වැදගත් රැකියාවකට. අහෝ විදුලිය.. වැඩිද සිරිලිය.. හවස ඇඳිරිය..කනා මැදිරිය.. (නි)
කොහොමත් මෙයාලට ලැජ්ජාවක් නම් නැහැනේ..!(නු)
ඇයි අවහිර කලේ. ගාල්ලේ දහනායක මහත්තයා එදා ගාළු මුවදොර පාර්ලිමේන්තුවට අමුඩයක් ඇදගෙන එන්නට ඉඩක් ලැබිලා තිබුනා නේද?(නදී)
විදුලි බිල වැඩි කරපු එකටත් වඩා අමාරු මයික්‍රෙපෝන් වට කරගෙන ඇමතිවරු කියන ඔලමොට්ටල කතා අහගෙන ඉන්න එක. එයාලා හිතන් ඉන්නෙ මේ රටේ හැමෝම අර දුමින්දගේ හෙන්චයියෝ වගේ මෝඩයෝ කියලා.(නදී)
අයියෝ අඹුඩේ .. ළමයි හු කිවේ නැද්ද? (ස)
ඉන්දික, අමුඩේ සහ ව්දුලි බිල දෙකම හිටපු ගමන් උඩ යනවා (නි)
එක එක විදියට දගලලා වැඩක් නැහැ. බිල ගෙවන්න බැරිනම් ගෙදර පන්දම් පත්තු කරන එකනේ තියෙන්නේ. (නි)
බිල ගෙවන්න බෙරිනම් ගෙදර පන්දම් පත්තු කරන එකනේ තියෙන්නේ. මේ විදියට දගලන්නෙ නැතිව.!(නු)
මේකේ අදහස් දක්වන සමහර අයටත් අමුඩෙ ගහලා යවන්න තිබුණේ. (නි)
කෝකටත් සුදානම් ශරිරේ කියලා පන්දම හදලා තියෙන්නේ අඟල් දෙකේ යකඩ බටයකින්! (නි)
රටම එකතු වෙලා මේවට විසදුම් සොයන්න ඕන....!(නු)
සමහර අයට, මාලා වගේ අයට මේවට තමයි ලැජ්ජා. මහා දවල් මිනිස්සු මරපු අය නිදහස් වෙනකොට ලැජ්ජා නැහැ, මිනිස්සු එකමුතු නොවුණොත් වටු කුරුළු රෑනට වෙච්ච දේ වෙයි. (නි)
එයාලා එක එක කාලෙට එක එක විදියට හැසිරෙනවා. ජාතික අඩුම සුදුපාටින් අදිනවා.පිරිත් නුල් අගලක් විතර ඝනකමට බදිනවා.අමුඩේ ගහනවා.ඔරු පදිනවා.නියරේ ඇවිදිනවා.උදලු අරන් කොටනවා.මේසෙන් හැදි අරන් මුල් ගල් හිටවනවා. අපි රැවටෙනවා. (නි)
අර ලංකාවට 17 වන සියවසේ ආපු රොබට් නෝක්ස් කිව්වා වාගේ "මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු"...(නු)
දැං විදුලි බිල අඩු කළාද?(නු)
විදුලි සංශෝධනයක් සම්පුර්ණයෙන්ම කළ යුතුයි. (නි)
මොනවා කියන්නද මේවාට..!(නු)
මන්ත්‍රීතුමිය කොතනද ඉන්නෙ..!(නු)
වෙන වැඩ නැතිවට හොදයි..!(නු)
අනේ රටකට ගිය කලක්.!(නු)
මේකේ අදහස් දාන අය දන්නේ නැතිව ඇති වතාවක් දහනායක මහත්තයා අමුඩේ ඇදගෙන පාර්ලිමේන්තුවට ආවා....ලුම්බිණි ...කියන්නකෝ බලන්න ඔයාගේ පැහැදිලි ප්‍රතිපත්තිය මොකක්ද කියල..... (නු)
ඇයි මිනිසුන් මේ විදියට කාලය නාස්ති කරන්නේ නිශ්ඵල දේ වලට...!(නු)
මන්ත්‍රීතුමිය කෝ..!(නු)
දැන් මේ මහත්තයගෙන් ප්‍රකාශයක් ගන්න් එතුමන්ලාගේ අය බලයට ආවිට මෙවැනි දෙයක් උනොත් මෙවැනි විදියටම කරනවාද කියලා? (නු)
අමුඩේ ගලවල එයාගෙම ඇගට ගිනි තියාගෙන ගියා නම් සමහර විට විදුලි බිල අඩු කරන්න ඉඩ තිබෙනවා. වෙන මොනවා කියන්නද ඉතින් මේවට? (නි)
මෙයාලට ජන්දේ දුන්න අයට ගහන්න ඕනේ (ස)
පිස්සු වැඩ.අමුඩය ඇන්දා කියලා විසදුමක්ද විදුලි බිලට. (නු)
අමුඩේ කීවහම ලැජ්ජද ? අපේ තාත්ත අපට කන්න දුන්නේ අමුඩේ ගහල කුබුරු වපුරලා ගොවී තැන් කරලා තමා .අපේ තාත්ත ගුරුවරයෙක්. ඕක වැඩ කරන්න පහසු සිංහල ඇදුමක් අපේ අය දැන් සිංහල නෙවේනේ . කන්නේ රට කෑමනේ..(ස)
අමුඩය සහ විදුලි බිල අතර සම්බන්ධයක් තියෙනවා එහෙනම්..!(නු)
අමුඩය ගලවා බලබ් එකක් සම්බන්ධ කළා නම් විසදුම ඉබේම ලැබෙනවානේ... (නි)
මිනිස්සු හිනස්සන්නේ නැතුව ලෝකෙට විහිලු සපයන්නේ නැතුව දැනෙන දෙයක් කරන්න. බහින්න පාරට ඊජිප්තුවේ වගේ (නි)
ඔහොම නොවෙයි කොහොම ආවත් වැඩක් වෙන්නේ නැහැ..!(නු)
හෙට ඉදලා විදුලිය වැඩි කරන එකක් නැහැ..!(නු)
පිටුපස පැත්තෙන් ගහපු ෆොටෝ එකක් නැද්ද ඔයාලා ළග? (නි)
මෙයාලට ඇයි මේ විදියට කාලය නාස්ති කරන්න දෙන්නේ..(නු)
විශිෂ්ඨයි. (ස)
මට පුදුම මෙයාට ආදාර කරුවනුත් ඉන්නානේ.. මෙයාලට වෙන වැඩ නැද්ද?(නු)
ඔලිම්පික් පන්දම ගෙනියන්න හොදයි (නි)
ළමයි අමුඩයට හූ කියන්නේ නැහැ. (ස)
විපක්ෂයට අති නවීන සුපිරි අමුඩ තොගයක් මේ කළ විස්කමට පිරිනැමීම දැක බලාගන්නට සියල්ලෝම ගාලු මුවදොරට එක්රැස් වෙත්වා! (නි)
ගොඩ මඩ මාරුවෙලා ද? (ස)
මේ අමුඩයක්ද කොට කලිසමක්ද ? (ස)
ලයිට් බිල වැඩිවෙලා අන්දුන් කුන්දුන් වෙලා ඉන්න ජනතාවව මෙයා තවත් අන්ධකාර කරන්න හදනවා. (නි)
ඉක්මන් විසදුමක් ලැබේවා! හැමෝටම සතුටක් ලැබේවා! විදුලි ගාස්තු අඩුවේවා! (නි)
ඕවට අපේ පැත්තේ කියන්නේ විකාර කියලා..!(නු)
කණගාටුයි අපේ රට ගැන මේ විදියට කාලය නාස්ති කරනවා දැක්කාම.. (නු)
අමුඩේ නොගහම බැරිද ඔය වැඩේ කරන්න..!(නු)
අමුඩෙ අන්දාම ඔක්කොම හරියයි..!(නු)
ලංකාවේ කාන්තාවන්ට බිකිනි ඇදලා ෆොටෝ ගහන්න හොදයි. සිංහලයෙක්ට අමුඩේ ගහලා පාරේ බැහැලා යන්න තමයි ලැජ්ජා වෙන්න ඕනෑ. අනේ මෙහෙමත් මුල අමතක ජාතියක්? හොදට මතක තියා ගන්න, අපේ අතීත මුතුන් මිත්තෝ රට ජාතිය බේරාගත්තේ අමුඩේ ගහගෙන තමයි. අමුඩේ අදින්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. (නි)