IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජාප නායක උසාවි කැදවයි

එක්සත් ජාතික පක්ෂ  පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල්  ලක්තිලක  යන මහත්වරුන්ගේ  පක්ෂ සාමාජිකත්වය  අහෝසි කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්වීම  සදහා ලබන  සැප්තැම්බර්  10 වැනිදා අධිකරණයෙන් පෙනී සිටින්න ලෙස එක්සත්ජාතික පක්ෂ  නායක රනිල් වික්‍රමසිංහ සහ එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය අතුළු අනුහතර දෙනකුට නියෝග කරමින්  අභියාචනාධිකරණය නියෝග නිකුත් කළේය.

නොතිසි භාෂා තුනෙන්ම පළවන පුවත්පත්වල පළ කිරීම සදහා  අභියාචනාධිකරණය  අවසර ලබා දුන්නේය.

 එසේම මෙවැනි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිම සම්බන්ධයෙන්  පෙත්සම  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදි  සළකා බැලීම කළ යුතු බව  නීතීයේ  සදහන් වන බවද පෙත්සම සලකා බැලු  අභියාචනාධිකරණ විනිසුරු  එස් ශ්‍රී  ස්කන්ධරාජා  මහතා කියා සිටියේය.

 පෙත්සම්කරුවන් වෙනුවෙන්  ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනි සිටියේය.

 

 



අදහස් (0)

එජාප නායක උසාවි කැදවයි

ප්‍රිය Friday, 26 July 2013 12:23 AM

රනිල් මහත්තයෝ දැන්වත් පක්ෂය බේර ගන්න. අනික් අයත් ගියොත් පක්ෂයක් නැතිව යයි. ඉක්මන් පිය වරක් ගන්න. ඔක්කොම උගත් අය ගියානේ. බන්දුල, රජිත්, උගත් අය. දැන් කාලය ඇවිත් වෙනසකට.(නදී)

:       0       0

මර්සි ලංකා Friday, 26 July 2013 01:15 AM

මොනවා උනත් එජාපයේ වැඩක් කළ හැකි තරුණ පාර්ශවය එලවා දැමිම සුදුසු නැත. (නදී)

:       0       0

උපාලි Friday, 26 July 2013 01:15 AM

මාත් හිතනවා අංජන කියන දේ කිරීම තමයි දැන් නම් ඉතුරුවෙලා තියෙන්නේ කියලා. අර ප්‍රකාශය කරනකොට ඕන නම් පක්ෂනායක තුමාට බැනලා එන්න. එයත් එක්ක මේ ගමන යන්න බැරි නිසා දැත් ශක්තිමත් කරන්න එනවා කියලා.(නදී)

:       0       0

ආකල්ප Friday, 26 July 2013 12:53 PM

දයා ගියා විතරනේ අනේ තාම... මෙච්චර ඉක්මනට කොහොමද එජාපය ඉවර වෙන්නේ. (නි)

:       0       0

මොහමඩ් Friday, 26 July 2013 01:12 PM

අනෙක් කට්ටියත් දයාසිරි මහත්තයව ආදර්ශයට ගත්තොත් හොදයි නේද? (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Friday, 26 July 2013 06:24 AM

දයාසිරි ගියාවගේ ඔයාලටත් බැරිද තීරණයක් ගන්න?(නි)

:       0       0

රන් හොටී Friday, 26 July 2013 07:11 AM

රනිල් මහත්තයටයි, තිස්ස මහත්තයාටයි දැන් ඉතින් ටිකක් මහන්සි වෙන්න වේවි.(නදී)

:       0       0

සමිත් Friday, 26 July 2013 07:43 AM

ඡන්දයක් ලං වෙනකොට නඩුවක් දාල පක්ෂයට අපහාස කරනවා. අර මාධ්‍ය ජාලයෙන් පුළුවන් තරම් මඩ ගහනවා. මේවට සිග්නල් එක එන්නේ කොහෙන්ද කියල මොලේ තියෙන ඔන්න කෙනෙක්ට තේරෙනවා . අන්තිමට පක්ෂය කාලා නායකයට බැනලා ආණ්ඩුවට එළිපිටම යනවා. ඡන්දයක් ඉවර උනාම මේ නඩු, මඩ ඔක්කොම ඉවරයි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 25 July 2013 07:10 PM

පක්ෂය පිහිටුවන්න,නගා සිටුවන්න ඩි.එස්. සේනානායක ,ඩඩ්ලි සේනානායක, ආර්.ප්‍රේමදාස වැනි නායකයින් ,දුප්පතාගේ දුක හඳුනාගෙන ජීවිත කාලයම,ගැමි ජනතාවත් සමග ඉතාමත් ලඟින් සිටියා. (නි)

:       0       0

වරුණ Friday, 26 July 2013 08:27 AM

කොහොම හරි ටී එන් ඒ විපක්ෂෙට එන තැනට කටයුතු සලස්වනවා. මෙතුමා අන්තිමට එයා දන්නේ නැතුව එයාගේ විපක්ෂ නායකකමත් ගහලා යාවි තව දෙතුන් දෙනෙක් ආණ්ඩුවට ගියොත් (නි)

:       0       0

ශානි Friday, 26 July 2013 02:55 PM

තේරෙයි රනිල්ට කවදහරි යන්න වුන දවසට (නි)

:       0       0

අනුර Thursday, 25 July 2013 08:13 PM

මොනවා කලත් තව ටික දිනකින් මේයාලටත් පක්ෂය එපාවෙලා අර පැත්තට යන එක නවත්තන්න අමරුයි (අ)

:       0       0

චුටියා Friday, 26 July 2013 09:20 AM

එන පොට නම් හොද නෑ.(නදී)

:       0       0

සුකිරියා Friday, 26 July 2013 09:23 AM

ඕනෑවට වඩා බලය යොදවන්න ගියා මදැයි (නි)

:       0       0

පිටිගල Thursday, 25 July 2013 08:34 PM

94 දෙනෙක් තව ඉන්නවාද? මම හිතුවේ ඉවරය කියලා දැන් සේරෝම ඉන්නේ ආණ්ඩුව පැත්තේ නේද? 94 දෙනෙක් ඉන්නවා නම් මේ ලොකු පක්ෂයක් නේ. අර අනික් සමහර පක්ශ එක්ක බලන කොට.(දී)

:       0       0

සුද්දා Friday, 26 July 2013 09:35 AM

මෙහෙම අවලාද විදින්න වෙන්නේ නැහැනේ කල්පනා කරලා වැඩ කළා නම් (නි)

:       0       0

ටිකිරි Friday, 26 July 2013 09:34 AM

ඉතුරු අයත් ෂුවර් නැහැ (නි)

:       0       0

අංජන Thursday, 25 July 2013 09:24 PM

රනිල් මහත්තය ආණ්ඩුවට එන්නේ කවද ද? ඔන්න ඔහේ ප්‍රකාශයක් කරලා දාල එන්න අනේ.(අ)

:       0       0

සුරංග Friday, 26 July 2013 10:48 AM

සුදු අසු පිට නැගලා මංගල රතේ තියා එන්නේ කට්ටය එක්කන් සන්ධානේටා.(නදී)

:       0       0

හේමන්ත Friday, 26 July 2013 11:33 AM

සම්පත් මල්ලි හරි. (ස)

:       0       0

පැහැසර Thursday, 25 July 2013 11:55 PM

94 දෙනාම පාර්ලිමේන්තුවේ නැහැ පිටිගල. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site