එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ලබන සැප්තැම්බර් 10 වැනිදා අධිකරණයෙන් පෙනී සිටින්න ලෙස එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය අතුළු අනුහතර දෙනකුට නියෝග කරමින් අභියාචනාධිකරණය නියෝග නිකුත් කළේය.
නොතිසි භාෂා තුනෙන්ම පළවන පුවත්පත්වල පළ කිරීම සදහා අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.
එසේම මෙවැනි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිම සම්බන්ධයෙන් පෙත්සම ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදි සළකා බැලීම කළ යුතු බව නීතීයේ සදහන් වන බවද පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු එස් ශ්‍රී ස්කන්ධරාජා මහතා කියා සිටියේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයෝ දැන්වත් පක්ෂය බේර ගන්න. අනික් අයත් ගියොත් පක්ෂයක් නැතිව යයි. ඉක්මන් පිය වරක් ගන්න. ඔක්කොම උගත් අය ගියානේ. බන්දුල, රජිත්, උගත් අය. දැන් කාලය ඇවිත් වෙනසකට.(නදී)
මොනවා උනත් එජාපයේ වැඩක් කළ හැකි තරුණ පාර්ශවය එලවා දැමිම සුදුසු නැත. (නදී)
මාත් හිතනවා අංජන කියන දේ කිරීම තමයි දැන් නම් ඉතුරුවෙලා තියෙන්නේ කියලා. අර ප්‍රකාශය කරනකොට ඕන නම් පක්ෂනායක තුමාට බැනලා එන්න. එයත් එක්ක මේ ගමන යන්න බැරි නිසා දැත් ශක්තිමත් කරන්න එනවා කියලා.(නදී)
දයා ගියා විතරනේ අනේ තාම... මෙච්චර ඉක්මනට කොහොමද එජාපය ඉවර වෙන්නේ. (නි)
අනෙක් කට්ටියත් දයාසිරි මහත්තයව ආදර්ශයට ගත්තොත් හොදයි නේද? (නි)
දයාසිරි ගියාවගේ ඔයාලටත් බැරිද තීරණයක් ගන්න?(නි)
රනිල් මහත්තයටයි, තිස්ස මහත්තයාටයි දැන් ඉතින් ටිකක් මහන්සි වෙන්න වේවි.(නදී)
ඡන්දයක් ලං වෙනකොට නඩුවක් දාල පක්ෂයට අපහාස කරනවා. අර මාධ්‍ය ජාලයෙන් පුළුවන් තරම් මඩ ගහනවා. මේවට සිග්නල් එක එන්නේ කොහෙන්ද කියල මොලේ තියෙන ඔන්න කෙනෙක්ට තේරෙනවා . අන්තිමට පක්ෂය කාලා නායකයට බැනලා ආණ්ඩුවට එළිපිටම යනවා. ඡන්දයක් ඉවර උනාම මේ නඩු, මඩ ඔක්කොම ඉවරයි.(නදී)
පක්ෂය පිහිටුවන්න,නගා සිටුවන්න ඩි.එස්. සේනානායක ,ඩඩ්ලි සේනානායක, ආර්.ප්‍රේමදාස වැනි නායකයින් ,දුප්පතාගේ දුක හඳුනාගෙන ජීවිත කාලයම,ගැමි ජනතාවත් සමග ඉතාමත් ලඟින් සිටියා. (නි)
කොහොම හරි ටී එන් ඒ විපක්ෂෙට එන තැනට කටයුතු සලස්වනවා. මෙතුමා අන්තිමට එයා දන්නේ නැතුව එයාගේ විපක්ෂ නායකකමත් ගහලා යාවි තව දෙතුන් දෙනෙක් ආණ්ඩුවට ගියොත් (නි)
තේරෙයි රනිල්ට කවදහරි යන්න වුන දවසට (නි)
මොනවා කලත් තව ටික දිනකින් මේයාලටත් පක්ෂය එපාවෙලා අර පැත්තට යන එක නවත්තන්න අමරුයි (අ)
එන පොට නම් හොද නෑ.(නදී)
ඕනෑවට වඩා බලය යොදවන්න ගියා මදැයි (නි)
94 දෙනෙක් තව ඉන්නවාද? මම හිතුවේ ඉවරය කියලා දැන් සේරෝම ඉන්නේ ආණ්ඩුව පැත්තේ නේද? 94 දෙනෙක් ඉන්නවා නම් මේ ලොකු පක්ෂයක් නේ. අර අනික් සමහර පක්ශ එක්ක බලන කොට.(දී)
මෙහෙම අවලාද විදින්න වෙන්නේ නැහැනේ කල්පනා කරලා වැඩ කළා නම් (නි)
ඉතුරු අයත් ෂුවර් නැහැ (නි)
රනිල් මහත්තය ආණ්ඩුවට එන්නේ කවද ද? ඔන්න ඔහේ ප්‍රකාශයක් කරලා දාල එන්න අනේ.(අ)
සුදු අසු පිට නැගලා මංගල රතේ තියා එන්නේ කට්ටය එක්කන් සන්ධානේටා.(නදී)
සම්පත් මල්ලි හරි. (ස)
94 දෙනාම පාර්ලිමේන්තුවේ නැහැ පිටිගල. (නි)