(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා දැනටමත් අතරමං කර තිබෙන ස්වරූපයක් දක්නට ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) පැවැසීය.
එහෙත් එක එක්කෙනාගේ ප‍්‍රතිරූපය පිම්බීම වෙනුවෙන් ආණ්ඩුව මහජන මුදල් වැය කරමින් සිටින බව ද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
මජන මුදල් භාවිතා කරමින් රජයේ වැඩකටයුතු වෙනුවෙන් සෑම තැනකම ප‍්‍රචාරණ පුවරු සවිකිරීම නොකරන බව ප‍්‍රකාශ කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සෑම නගරයකම ප‍්‍රචාරක පුවරු සවිකර තිබෙන බව අබේවර්ධන මන්ත‍්‍රීවරයා කීය. ඒ අනුව ගම්පෙරළිය, ව්‍යවසාය ශ්‍රී ලංකා, උදාගම් ව්‍යපෘතිය, ඉන්න හිතෙන රටක්, මත්ද්‍රව්‍ය නිවාරණය, ටැබ් පරිගණක යන්ත‍්‍ර බෙදාදීම වැනි ආණ්ඩුවේ ප‍්‍රධාන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 750ක අධික මුදලක් දැනටමත් වියදම් කර තිබෙන බව කීය.
ඒ අතරින් ගම්පෙරළිය ව්‍යාපෘතිය වෙනුවෙන් පමණක් දැනටමත් රුපියල් මිලියන 490ක් වියදම් කර තිබෙන බව පැවසූ මන්ත‍්‍රීවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ ජුනි මාසය දක්වා උදාගම් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලිය 75 පමණ මුදලක් වියදම් කර තිබෙන බවද කීය. ප‍්‍රචාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කරන ලද සම්පූර්ණ මුදල සම්බන්ධයෙන් තමන් මේ සතියේදී පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන බවද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයා පැවැසීය.
කේබල් කාර් ව්‍යාපෘති, මොනෝ රේල් ව්‍යාපෘති ආදි කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබදව ප‍්‍රචාරණය වෙනුවෙන් කෝටි ගණන් මුදල් කෝටි ගණන් මුදල් වියදම් කරන වත්මන් ආණ්ඩුවට වත්මන් ආණ්ඩුව විසින් වැඩ ආරම්භ කළ මධ්‍යම හා දක්‍ෂිණ අධීවේගී මාර්ග ව්‍යාපෘති අවසන් කිරීමටවත් නොහැකිව තිබෙන බවද සදහන් කළේය.
එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා දොරට වැඞීම නිමිත්තේන් මංගල සමරවීර අමාත්‍යවරයා විසින් පසුගියදා මාතරදී සංවිධානය කර තිබූ උත්සවය නයකත්වයේ නියෝග මත සම්පූර්ණයෙන්ම වෙනස්වූ බව ද මන්ත‍්‍රීවරයා කීය. ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධානීන් කිසිවෙක් සහභාගි නොවූ බව කී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා දැනටමත් අතරමංව තිබෙන බව ඉන් මනාව පැහැදිලිවන බවද හෙතෙම කීය.
මේ වනවිට රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැක්මක් නැති බව සදහන් කළ අබේවර්ධන මන්ත‍්‍රීවරයා අන්තවාදී ප‍්‍රශ්නය විසදීමට වත්මන් ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවයක් නැතැයිද සදහන් කළේය. කොතරමි මිනිස්සු මියගියද ඒ ගැන තැකීමක් නොකර ඡන්ද එකතු කිරීමේ ක‍්‍රියාවලියක ආණ්ඩුව නිරතව සිටින බවද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
කලුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ කුමාර දිසානායක යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිගෙන් ඇමතිකම් ගත් ඔබලා එතුමාව අතරමං කරලා පැන්නා නේද? බලමු, කොයි අපේක්ෂකයාද අතරමන් වෙන්නේ කියලා.. කේස් එකපිට එක අදින කොට ..
මේ දෙකක් නැහැ ලංකාවේ දියත්කරන සංවර්ධන වැඩ බලාගෙන ඉන්න බැරිව කරන කතා. මදූෂ් හැමදාම කුඩු එව්වා නම් හොඳයි කියලද දන්නේ නැහැ කියන්නේ...
ඇයි ඉතින් ඔයගොල්ලන් එකතුවෙලා පත්කළ එක්කෙනා මුළු රටම ඔල්මොරොන්දම් කලේ? මෑන්ස් ආයේ අපිව අන්දන්න වගේ හදන්නේ. අනුන්ගේ කිල්ලෝට ගැන හොයහොයා ඉන්නවට වඩා තමන්ගේ කිල්ලෝටේ හුණු තියනවාද කියලා බැලුවනම් නේද හොඳ? " අනුන්ගේ වැඩ ගැන හොය හොය ඉන්නවාට වඩා... තමන් දන්නා දේ හරියට කරපන් කීවා දෙනෙත අයා /// ....... දිවංගත ප්‍රෙඩී සිල්වා ගායකයාණනි, ඔබට නිවන් සුව.
ලංකා ඉතිහාසයේ පහළ වූ පජාතම ආණ්ඩුව හෙවත් යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් වශයෙන් ඔබත් හිටියා අපට මතකයි. නමුත් මහබැංකු වංචාව පිළිබඳ ඔබ කල හෙළිදරව් නිසා කිසියම් දුරකට ඒ පවෙන් මිදෙන්නට ඔබට හැකිවුණා...
අතරමන් පක්ෂ අපේක්ෂකයෝ නෙමේ. උඹලට ඡන්දෙ දෙන මේ අපි...
දැන් මෙයා මේ දොස් කියන්නේ ජනතාවගේ අඩුපාඩුකම් සපුරන්න වියදම් කරපු හැටි පෙන්වමින්... කොහොමහරි කමක් නැහැ. ජනතාවගේ මුදල්... ඒ දේවල් වෙනුවෙන් වියදම් කරන්න ඕනෑ දැන්. මෙයාට ඕනේ මේ සේරම දේවල් නතර කරන්න. රජ්ජුරුවෝ අාවාම මුදල් ඉවර වුණොත් පිල්ලි ගහන්න මුකුත් නැහැ නේ... තමන්ගේ නායකයා ගැන හොයන්නේ නැතිව... අනිත් පක්ෂවල නායකයින් ගැන ඇයි හොයන්නේ? මුළු ලෝකෙම දන්නවා මෙයාගේ පක්ෂ නායකයා ජනාධිපති අපේක්ෂක හිරේ යන්න ඉන්න කෙනෙක් කියලා.. නමුත් අපේ රටේ අලුගෝසුවෝ යන්නේ මේවගේ උන්ගේ කරපිටින්... ළඟදීම පුංචි සිරියාව ලංකාව...
තම පක්‍ෂයේ වැඩක් බලා ගත්තොත් හොඳ නැද්ද?
ගමට කිසිම හානියක් කරලා නැති මධූෂ් ජනපති කරමු. තමුන්නාන්සේට අගමැතිකමක්වත් ලැබෙන්නේ නැහැ.