අමාත්‍යංශය මඟින් සිදුකෙරෙන උත්සව එක්සත් ජාතික පක්ෂයට අවාසි වන අයුරින් සංවිධානය කරන බවට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා එම අමාත්‍යංශයේම ලේකම් පී.රණේපුර මහතාට ලිපියක් යවමින් චෝදනා කර සිටී.
කලක් තිස්සේ මෙම තත්ත්වය දිගින් දිගටම සිදුවන බවට චෝදනා කරන හෙතෙම අනිද්දා(14) පැවැත්වීමට නියමිත වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ බටංගල මණ්ඩපය විවෘත කිරීමේ උළෙලේදී රංජිත් සියඹලාපිටිය හා මහින්ද සමරසිංහ යන ශ්‍රීලනිප පාර්ශ්ව ඇමැතිවරුන් දෙදෙනාට පමණක් කතා පැවැත්වීමට සංවිධාන කටයුතු මෙහෙයවීමෙන් එය යළි තහවුරුව ඇතැයි පවසයි.
ඇමැතිවරයා තම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් අගමැති ලේකම්වරයාට හා ජනාධිපති ලේකම්වරයාටත් යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දැන් පටන් අරන් තියෙන්නේ නියම ජාතික ආණ්ඩුවේ ස්වභාවය පෙන්වන්න. (අ)
අලුත්ම සමීක්ෂණය. දැන් ආණ්ඩුවට විරුද්ධ ජනමතය 78% යි.(ම)
මේ දේ ඉදිකර ඇත්තේ මහජන මුදලින් මිස කාගේවත් පක්ෂ අර මුදල් වලින් නොව මෛත්‍රි මැති තුමා නොවන්ට කිසිදා එජාප ආන්ඩු හදන්ට හො බලයට ඒම සිහිනයක් පමනයි. (අ)
මහ ජනතවගේ බදු සල්ලි වලින් කරන වැඩ වලට නම දාගන්න පොර කන්නේ හරියට මස් කට්ටකට පොර කනව වගේ. (අ)
මහින්දරත්න එජාපය නොවන්නට සිහින දකින්නවත් මෛත්‍රී මැති තුමා නොඉන්න තිබුනා. අපි ජනාධිපතිතුමා කරපු සේවය හෑල්ලු කරන්නෑ. තමුන්නාන්සේලත් අවුරුදු දහයක් විපක්ෂයේ ඉඳගෙන බැට කාපු මිනිස්සුන්ව හෑල්ලු කරන්න එපා. (බ)
ගරු ... රංගේ බණ්ඩාර ඇමති තුමනි විදේශ රටවල ශාඛා වලටත් ඒ .ජා . ප ..ඇමතිලාගෙන් කුඩම්ම ටත් එහා ගිය සැලකිලි . කනගාටුයි .මැතිවරණ පොත වහලා වගෙයි මෙයාලා විදේශ සංචාර වලදී ක්‍රියාකරන්නේ (බ)
කතාව ඇත්ත සමහරු පක්ෂය ගැන නොසිතයි තමන්ගේ සාක්කුව ගැන සිතයි උත්තරය මැතිවරණ පරදී (බ).
අපිට නම් ලැජ්ජාවේ බැහැ මේ කතා වලට (නි)
රොහාන් දයාදර පැරිස්, ඔබතුමාට අපේ ප්‍රණාමය. ඇත්ත කතාකරන්න ඔබතුමාට හොඳ කොන්දක් තිබෙනවා (නි)
ගරු නායකතුමනි, මහලේකම්තුමනි, ඔබතුමන්ලාගේ කාරුණික අවධානය පක්ෂයේ අනාගතය හා ජය පතා යොමුකරන මෙන් අපි සියලුම විදේශිය ශාඛා ඉල්ලා සිටිමු. (නි)
මෙහෙම දිගටම ගියොත් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ජය නියතයි (නි)
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු (නි)