මංගල සමරවීර විදේශ ඇමැති හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ප්‍රධානි හෙලන් ක්ලාක් අතර හමුවක් නිව්යෝක් නුවර දී අද (23) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමන් මඟ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ශක්තිමත් කිරීම පිළිබද සාකච්ඡා විය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ සිය වැඩ කටයුතු ආරම්භ කළේ 1967 දීය. ඒ මහවැලි සංවර්ධන සැලසුම වෙනුවෙන් වැදගත් කාර්යභාරය ඉටු කිරීම සදහාය.හෙලන් ක්ලාක් එහි ස්වර්ණ ජුබිලියට සහභාගී වීමට පැමිණ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
හෙලන් ක්ලාක් කියන්නේ 2009 වසර දක්වා නවසීලන්තයේ අගමැතිනියයි. බුද්ධිමත් කාර්යසූර නීතිගරුක කාන්තාවක්. (බ)
මහවැලි ව්‍යාපාරය ලංකාවට විශාල සේවයක් සැපැයුවා.(හේ)