කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කරමින් බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද (2) පෙරවරුවේ බදුල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.
බදුලුපිටිය සිට බදුල්ල නගරයට පැමිණි 1000 ක් පමණ සිසුහු සටන් පාඨ කියමින් නගර මධ්‍යයේ විරෝධතාවයේ යෙදුණහ.
පොලිසිය නගරයේ ආරක්ෂාව තර කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණය කරන්න. අනෙක් අයට අපහසුවක් නොවෙන විදිහට. සාමකාමිව ඉල්ලීම් දිනාගන්න බලන්න.රටේ නිතිය තවම වල්බිහි වෙලා නැති බව වටහාගන්න මේ උද්ඝෝෂකයොත්. (බ)
කාටද වල්බිහි නොවූ නීතියෙන් පිළිසරණක් ලැබුනේ? අාසන්න සිද්ධියක් කියන්න බලන්න. (ස)
මේගොල්ලන් ඉහේ කෙස් සුදු වෙනකන් උද්ගෝෂණය කරනවා. දියුණු රටවල ළමයි අර්ධ කාලින රැකියා කරමින් දුක් විඳිමින් අවුරුදු 21 වෙනකොට උපාධිය සමත්. ඉන්පසු එදිනෙදා වියදමට සුළු රැකියාවක් සොයාගෙන පසුව හොඳ රැකියාවක් සොයා ගන්නවා. අපේ උදවිය අවුරුදු40 පනින කන් ආණ්ඩුවට බැන බැන උද්ගෝෂණ කරනවා. (ර)
අපහසුව ගැන කතා කළාට මේ ශිෂ්‍යයන් පාරට බහින්නේ රටේ අනාගතය වෙනුවෙන් ,නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් .මේ සදහා උපාධි හිමිකම අනිවාර්යයයෙන්ම හිමිවෙන්ට ඕනේ (බ)
දරුවනේ ඔබලාගේ උද්ගෝෂණය අපිට තේරුම් ගන්න පුළුවනි. එත් මෙහෙම උද්ගෝෂණ කරනකොට අහිංසක මහජනතාවට අවහිරයක් නොවෙන හැටියට මහා පාර අවහිර නොකර ඒක කරන්න. (ර)
අපේ පෞද්ලික අංශයෙන් නම් මය සරසවි වල සිසුන්ට රැකියා නැහැ. මෙහෙම ඉගන ගන්න කාලයේ හැසිරෙනවා නම්, රැකියාවට ආවමත් මය සන්තාසියම තමා.රජයේ රැකියාවක් හොයා ගන්න. (ස)
එහෙම කියන්නේ ස්මිත් ඔයත් බයයි නේද වැඩ කරන අය කවද හරි තමන්ට විරුද්ධව නැගිටියි කියල. (ස)