පාර්ලිමේන්තු නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10 කින් සැදුම්ලත් ජාතික බලය සංවිධානය උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට පහර දුන් පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කිරිමට අද (30) මානව හිමිකම් කොමිසමට පැමිණියහ.
ජාතික බලය සංවිධානයේ නායක ආරියවංශ දිසානායක , එක්සත් ලංකා මහ සභා පක්ෂයේ හිටපු සභාපති ජයන්ත කුලතුංග සහ උලමා සංවිධානයේ නායක අබ්දුල් මජිඩ් එම අවස්ථාවට නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරු සහභාගි වුහ.
(ජායාරූප හා විඩියෝ ඉෂාන් සංජිව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කරන්න දෙයක් නෑ.(හේ)
ලංකාවේ බල කියියක් තියනවද.? (ර)
මේ ගොල්ලෝ හදන්නේ අර තැටිය රත් වුන වෙලාවේ රොටිය පුච්චනවා වගේ වැඩක්.දරුවන්ට ගහපු එක වරදක් නමුත් මේ දරුවන්ව උසි ගන් වන අයට විරුද්දව මේ ගොල්ලෝ මොකද කියන්නේ. මේ දරුවෝ කරන උද්ගෝෂණ වෙන කොහේ හරි කළොත් නේද හොඳ පාරේ කරන්නේ නැතුව.(අ)
සරත් සහ කට්ටිය ගේ වීඩියෝ එක බැලුවා නම් හොඳට පෙනෙයි මේ අය එතනට ඇවිත් නවතින්න බලාගෙන ආපු එක. කට්ටිය ගානට උස අනුව හදාගෙන ප්‍රචාරයටත් අවශ්‍යඅයව ගෙන්නලා වගේ බවයි මගේ නම් හැඟීම.අනික මම සරත් ව පුද්ගලිකව හඳුනනවා.. එයා ගැන මම මේකේ ලියන්නේ නැත. (අ)
එතකොට තමන්ට ඕනෑ විදිහට ප්‍රධාන පාරක් වහගෙන හිටියට කමක් නැද්ද? රෝහලට යන ලෙඩ්ඩු කීදෙනෙක් යන්න බැරුව හිටියද? (නි)
ඔව් ඒක ඇත්ත. රතුපස්වල වුනෙත් එහෙමයි. මේ ආණ්ඩුව බලයට පත් වෙන්න ඉස්සෙල්ල කිව්වේ ඕනෙම ප්‍රශ්නයක් සාකච්ඡාවෙන් විසඳනවා කියල. පොලිසිය ලව්වා ගැහැණු දරුවන්ගේත් ඔලු පලවනවා කියල කිව්වේ නැහැ නේද ප්‍රදීප්. (බ)
මගී ජනතාව වෙනුවෙන් මේ පාරවල් වහල උද්ඝෝෂණ කරන,ඒවාට නායකත්වය දෙන කාලකන්නින්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට යන්න එකෙක් නැද්ද?මානව හිමිකම් තියෙන්නේ එයාලට විතරද? මිනිස්සු කොතරම් පිඩාවක් කොළඹ නගරයේ මාර්ගයක් ජනාකීර්ණ වෙලාවට අවහිර වුනාම විදිනවද? මුන්ට ගැහුවා මදි මටනම්..(බ)
තමන්ගේම දරුවන්ට කාලකන්නි කියන මහත්වරුන්ගේ හදවත ගල් වෙලා නම් ??? (ම)
ප්‍රදීප් හරියට හරි.. (ර)
මහජනතාවගේ බදු මුදල් සහ අහිංසක දෙමාපියන් අහෝ දුක්විඳලා උපයන සල්ලිවෙලින් ඉඟන ගන්නවා වෙනුවට කාලේ කන අයට ශෝක පාඩම. (ර)
මෙහෙම බලයක් ගැන අපි ඇහුවේ අදමයි.(ම)
කැම්පස් කාලෙදි කෑගහන, ඊනියා නායකයො, පාස් අවුට් වෙල හොඳින් ජීවත් වනවා. උන්ගෙ හොරි කසන මේ අඳ බාලයින් පොලීසියෙන් අම්බානක් කනවා. කොලඹ නගරයෙ‘ ගෝල් ෆේස් වගෙ තැනක් විරෝධතා සඳහා වෙන්කරල දෙන්න. පාරවල් වල පෙලපාලි යෑම සපුරා තහනම් කරන්න. (ම)
ප්‍රදීප් ඔය පාරේ මොන රෝහලටද යන්නේ කියලා ඔබ දන්නවද? (ම)
මෙහෙම ගෑනු ළමයින්ට ගැහැණු ළමයින් කියන නමත් හොද වැඩියි. ඉගෙන ගෙන උඩට ගියාට ගැහැණු ගතිය නැති වුණාම ජිවිතේ එක තැනකදී නම් අවතක්සේරු වෙන එක ස්ථිරයි. (ම)
ගැහැණු ළමයින් ගැහැණු ළමයින් හැටියට ඉන්නේ නැතිව පිරිමි වෙන්න ගියාම තමයි පිරිමි කියලා හිතලා දීපු පාර කන්න වුනේ. කෝ දියුණු පිටරටවල ඉන්න සිසුවියන්ට මෙහෙම කරදර වෙනවද.? (ර)
තමන්ගේ දෙමව්පියන්ට, උගන්වන ගුරුවරුන්ට, රටට තියා තමන්ගේ අධ්‍යාපනය සඳහා බදු ගෙවන රටේ මිනිසුන්ගේ වත් නම්බුව නොතියන කල, අර යහපාල කියපු නම්බු නාමය ඉබේම ලැබෙනවා නේද ? (ර)