කොළඹ වොඩ් පෙදෙසේ පැවැති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු උද්ඝෝෂණයේ සිසුන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළ නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් සාක්කි කොමිසම හමුවේ ඉදිරිපත් වී නොමැති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කීවේය.
එම නිසා එම නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව පියවරක් නොගැනීමට අද පැවැති සාකච්ඡාවක දී තීරණය ගත් බව ද කුරේ මහතා පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සතියකට පෙර නිර්දේශ කළේ පහර දීමට අන දුන් හා පහර දීම සිදුවන අවස්ථාවේ අධීක්ෂණය කළ නිලධාරීන්ට එරෙහිව ද පියවර ගන්නා ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරාන්, මම ඔබගේ අදහස අනුමත කරමි. අපේ රටේ මිනිසුන්ට වාතයක් නොගියොත් එකටත් උද්ඝෝෂණ දන්නා කට්ටිය ඉන්නවා. නමුත් මේ උද්ගෝෂණ නිසා සාමාන්‍ය මහජනයා මුහුණපාන අවහිරතා වලට එරෙහිව උද්ඝෝෂණ කරන්න කවුරුත් නැහැ (ම)
පහත් තැනින් යයි ගලා ජලේ ..(බ)
විජේලතා රාජපක්ෂ, මේක සිද්ධවුණේ යහපාලන ආණ්ඩුවෙන්. රාජපක්ෂ ආණ්ඩුවෙන් නෙමෙයි. (නි)
පහළ නිලධාරීන්ට පමණක් දඬුවම් දීමට අපිත් විරුද්ධයි (නි)
අපෝ! එදා පාර වහලා අපේ අම්මාට රෝහලට යන්න බැරිවෙලා ඒක කල්ගියා. දවස් 2 කට පස්සේ අම්මා මියගියා. මේ වගේ උද්ඝෝෂණ කරන අයට ගහන්න ඕනෑ මඩුවලිගෙන්. (නි)
මෙන්න බලන්න ආශ්චර්ය ගලා යන හැටි! (නි)
පුළුවන් ආකාරයකින් දඬුවම් කරන එක තමයි හොඳ. නැත්නම් ළඟදීම තවත් අයගේ ඔලු පළන්න පුළුවන් (නි)
මෙහිදී කරන ලද ක්‍රියාවලට අවශ්‍ය නියෝග හා අණ ලබාදීම සම්බන්ධයෙන් අපි උසස්වීම් දෙමු ඉහළ නිලධාරීන්ට. (ම)
ඒක හොදයි , මීට පස්සෙවත් උඩින් නියෝගයක් ආවහම හිතන්නේ බලන්නේ නැතුව ක්‍රියාත්මක කරන එක නවතී (ම)
නීතියට ගරු කිරීම සහ නීත්‍යානුකූල පැවැත්ම (රූල් ඔෆ් ලෝ) යහපාලනයක ගුණාංගයකි. නීතියේ සීමාවන් ඉක්මයන උද්ඝෝෂකයන්ට මෙන්ම නිලධාරීන්ටද සුදුසු දඬුවම් පැමිණ වීමත් යහපාලනයක ගුණාංගයකි. තරාතිරම අනුව දඬුවම් පැමිණවීම යහපාලනයක ගුණාංගයක් නොවේ. (ම)
අපි නම් හිතුවා මේවා මෙහෙම වෙයි කියලා (නි)
ඇයි අර පහළ තනතුරේ ඉන්න පොලිස් පරීක්ෂකට දඬුවම් දීලානේ තියෙන්නේ. ඒ හොඳටම ඇති. (නි)
ඔය ලොකු ලොකු නිලධාරීන් මාධ්‍යයට ඇවිල්ල කිව්වා නේද කිසිම පහරදීමක් වුණේ නැහැ කියලා? එයම මදිද සාක්කියට? (නි)
මේක ඉතින් ශ්‍රී ලංකාවනේ (නි)
උසස් නිලධාරීන්ට නීතිය අදාළ නැද්ද? (නි)
කොහොමත් ඉතින් ඒක මේ රටේ සාමාන්‍යයෙන් වෙන හැටිනේ (නි)
මොකට පඩි දී දී තියාගෙන ඉන්නේ ? පන්සල්වලටම අනුයුක්ත කරන්න . මල්වඩම් රජතුමාගෙන් බණ අහල යන තැනකට පාර කපාගන්න පහසුකම් සලස්වන්න (බ)
" මිටි තැනින් ජලය ගලා යයි.. " (බ)