උසස් ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී පොලිසිය පහර දීම හා සිසු උද්ඝෝෂණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතාට නියෝග කර ඇතැයි රජයේ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ගෝෂණ වලින් විතරද පාර ගමන් බිමන් වලට අවහිර වෙන්නේ.? පාර මැද්දේ තියන දේශපාලන රැස්වීම් වලින් පාර වහලා තියන මහා සංගීත සාජ්ජ වලින් අවහිර කරදර වෙන්නේ නැතිද.? (ර)
අගමැතිතුමා මෙයට සාධාරණ විසදුමක් ලබාදෙනු ඇතැයි විශ්වාසය කරමි.(ම)
පොලිසියේ මේ තුප්පහි ප්‍රහාර හෙළා දැකිය යුතුය මොවුන් හැසිරෙන්නේ හරියට දඩයම් බල්ලෝ වගේ උසී කියපු ගමන් ගහනවා නින්දිතයි .පොලිස් කාරයන්ගේ ළමයි කැම්පස් යන්නේ නැතුව ඇති එකයි මේගොල්ලන් කැම්පස් ළමයි එක්ක මෙච්චර වෛරයක් (ම)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ජනතාවගේ මානව අයිතිවාසිකමක් තමයි නිදහසේ ගමන් බිමන් යාම. අපේ මේ අයිතිය බලෙන් උදුරාගෙන අපිව මහමඟ රස්තියාදු කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට සැරසෙන ආත්මාර්ථකාමී ලෙස හැසිරෙන සිසුන් පාරෙන් ඉවත්කිරීම පොලිසියේ යුතුකමයි. උද්ඝෝෂණය කිරීමට විහාරමහාදේවි උද්‍යානය හෝ ගාලුමුවදොර පිටිය වැනි ස්ථානයක් තෝරාගත යුතුයි (නි)
මම මේ ළමයින්ගේ ඉල්ලීම් මොනවද කියලා දැක්කේ පස්සේ. ගොඩක් සාදාරනයි. ලෝකයේ බොහොමයක් විශ්වවිද්‍යාලවල අවරුදු 3 ක පාඨමාලවකට උපාධියට සමාන පිළිගැනීමක් දෙනවා. මේක සාධාරන ඉල්ලීමක්. මේක මේ දරුවන්ගේ අනාගතයට ලොකු බලපෑමක් එල්ල කරනවා. (ර)
ඔන්න යහපලානේ තවත් බොරුවක්.......හොරාගේ අම්මගෙන් පේන අහන්න හදන්නේ...(බ)
රනිල් ගේ හැටි ඕක තමයි...අලුත්ම ට්‍රෙන්ඩ් එක....කරන්න කියල දැන් වාර්තා ඉල්ලනවා.....ඒ කාලේ කිව්වේ අපි නම් ගහන්නේ නෑ බනින්නේ නෑ රවන්නේ නෑ....සාකච්ඡා කරලා විසදුම් දෙනවා....මේ පාර සාකච්ඡා තියා යූජීසී ළඟට යන්නවත් හම්බ වුනේ නෑ....(බ)
මොන වාර්තාද, ලංකාදීපේ පලවෙලා තියෙන ඡායාරූප ටිකම ඇති පොලිසියේ අයට විරුද්ධව පියවර ගන්න. (බ)
සිල්වා ගේ කතාව හරියට හරි (බ)
වරුණ, සුළු පිරිසකගේ ඉල්ලීම් වෙනුවෙන් දහස ගණනක් මිනිස්සු රස්තියාදු කරන එක සාදාරනීකරණය කරන්නේ එපා... (ර)
ද සිල්වා මහතාණෙනි, ඔබතුමන්ගේ අදහස මමත් එකහෙළාම අනුමත කරනවා අවිවාදයෙන්ම. නමුත් මෙවැනි අමානුෂික පොලිස් පහරදීම් අපි අනුමත කරන්නේ නැහැ. ඔවුන් මහමඟින් ඉවත් කළයුත්තේ මෙවැනි පහරදීම් වලින් නොවේ. පොලිසියට එවැනි අයිතියක් නැත. (නි)
තවත් අමුතුවෙන් වාර්තා මොකටද? මාධ්‍ය මඟින් හෙළිකළ ඡායාරූප සහ වීඩියෝ ප්‍රමාණවත් නැද්ද? (නි)
සිසුන්ට සාදාරණක් කරන්න. (ර)
සිල්වාගේ කතාවට මාත් එකගයි. (ර)
අන්තරේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. (ර)
හැබැයි මහත්තයෝ, මේ වගේ දේවල් කරන්න නෙමෙයි ජනතාව ඔබතුමාලව පත්කළේ. ඔහොම්මම ගියොත් වැඩිකල් යන්න කලින් ජනතාව තීරණයක් ගනීවි. (නි)
වාර්තා මොකටද මේ ඡායාරූප දැක්කම මදිද.? (ර)
ද සිල්වා, අයිතිවාසිකම් වෙනුවෙන් පැය දෙකක් ඉවසන්න බැරිද? (ර)
දැන් මොනවා බලන්නද? අපිනම් ෆොටෝ රාමුවෙන්ම දැක ගත්ත. ඒකාධිපතියව ගෙදර යවපු බුද්ධිමත් ජනතාව තීරණයක් ගනු ඇති. (බ)
රටේ අනාගත පරම්පරාවට, බුද්ධිමත් දරුවන්ට ඔය දීල තියෙන්නේ යකඩ වලින්ම හදපු "බ්‍රේස්ලට්".වෙනසක් පතපු,වෙනසක් හිතපු,ඒ වෙනුවෙන් රෑ නිදි මරාගෙන කැප වුන අපිට දැන් හොදටම සනීපයි. (බ)
8 පාස් නැති දේශපාලකයෙකුට ගොට්ට අල්ලලා හොදින් හෝ නරකින් මුදල් හරි හම්බ කර ගත්තු උදවියට,තමන්ගේ මැටි දරුවන්ට ඉගෙන ගන්න බැරි වුන වෛරයට මේ උගත් දරුවන් මොනවා කරන්නද? (බ)
තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුව අායෝජනය උසස් අධ්‍යාපනය ලබා දීමයි.ඒ රටක් වශයෙන්ද කරනු ලබන හොදම අායෝජනයකි.(නැව් එන්නේ නැති වරායවල්,ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළවල්,ක්‍රීඩා නොකරන පිට්ටනි වලට.. වියදම් කරන මුදල් කෝටි ප්‍රකෝටි ගණන හිතනකොට...) (බ)
අගමැතිතුමා සාධාරණයක් කරයි. (ර)
ලංකාවේ තරඟකාරී අධ්‍යාපනයෙන් සමත්වෙන්න බැරි දරුවන් පිටරටවල ඉගෙනගන්නවා. අසරණ දුප්පත් දෙමාපියන්ගේ උගත් දරුවන්ට මෙහෙම වෙන්න දෙන්න බැහැ (නි)
වාර්තාව බලලා... (ර)
සිසුන් වැඩි ප්‍රමාණයක් එන්නේ අන්තරේට බයට , මෙඩිකල් සහ ලෝ කරන සිසුන් මේවට එන්නේ නැහැ ...(රේ)
අපිට දැන් උද්ඝෝෂණ ඇතිවෙලා. (රේ)
මට නිකමට බටලන්ද මතක් උනා...(රේ)
අපි බලමු අගමැතිතුමා මොකද කියන්නේ කියලා (නි)
සිල්වා මහත්තයෝ,තව ටික දවසකින් ඔබතුමාට ඔහොමවත් පාරේ යන්න බැරිවෙයි. (නි)
වාර්තාවක් ඉල්ලන්නේ සියලු තොරතුරු දැන ගන්නයි. පත්තරේ පින්තුරය එ්කට සාක්කියක් පමණයි. කාටවත් ගහන්න, තලා පෙලන්න පොලිසියටවත්, සිසුන්ටවත් අයිතියක් නෑ. පොලිසියේ අය තැලිලා පොඩි වෙලා ඉන්න නිසා සිසුන්ට ගහන එක හරි නැ. සිසුන් තමන්ගේ තරම දැනගෙන සාමකාමිව වැඩ කළ යුතුයි. අගමැතිතුමනි, ඔබේ යහපාලනයට මඩ ගහන පිරිසක් ඉන්නවා. එ්කට බුද්ධිමත්ව මුහුණ දෙන්න. (බ)
දැන් එතකොට හරිද ඔබතුමාත් බබා පාර්ට් දන්න එපා හැම එකටම වාර්තාව තමයි (බ)
අවම බලය පාවිච්චි කිරීම යනු සිසුවියන්ගේ හිසට බැටන් ප්‍රහාර එල්ල කිරීම නොවන බව අගමැතිතුමා හොඳින් දන්නවා. (ම)
මම නම් කියන්නේ මේකේ වගකීම රජය බාරගත යුතුයි. මේ රට කාගේවත් බුදලයක් නෙමෙයි. රට පාලනය වෙන්න ඕනෑ බහුතරයක් කැමති විදිහට කියලයි මම නම් හිතන්නේ. (නි)
මේ රට කලහකාරී සිසුන්ගේ බුදලයක් නෙමෙයි. රටේ අනෙක් උදවියට නුගතුන් යනුවෙන් පරිභව කරමින් තමන්ගේ ප්‍රශ්න විසඳන්න බැහැ. (නි)
ගරු අගමැතිතුමනි, රජයට විරුද්ධව රජය අපකීර්තියට පත්කරන්න දියත්කළ කුමන්ත්‍රණයක්ද කියලත් හොයලා බලන්න. මින් ඉදිරියට මෙවැනි අවාසනාවන්ත දේවල් නොවෙන්න තිත තැබුවොත් වටිනවා. (නි)
මේ සිසු සිසුවියන් ඔය මට්ටමට ඉගෙනගත්තේ දෙමාපියන් දුක්මහන්සියෙන් උපයාගත් මුදල් ඔවුන් වෙනුවෙන් වැය කිරීමෙන් හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්, ඔවුන් කෙරෙන් ඉමහත් බලාපොරොත්තු ඇතිව මිස යම් යම් මතධාරී කණ්ඩායම්වල උසිගැන්වීම් හා ලනු ගිල්ලවීමෙන් නීති විරෝධී ක්‍රියාවන්හී යෙදී ගුටිකා තම අනාගතය අඳුරු කරගන්නවා දකින්න නොවන බව අවබෝධ කැරගැනීමට අපොහොසත්වීම රටෙත් ජාතියේත් අභාග්‍යක්. රටේ නීතියට පටහැනිව නුසුදුසු තැන්වල, සෙසු පුරවැසියනට අසීරුතා ඇතිකරන නුසුදුසු අයුරින්, නුසුදුසු ක්‍රියාවන්හී යෙදීමෙන් සැමටම ඉමහත් පීඩා ගෙනදේ. මෙවැනි අවස්තාවකදී පිළිකුලට ලක්වන්නේ නීති කඩන අයද, නැතිනම් ජනතාව වෙනුවෙන් නීති රකින්න පත්කැර ඇති පොලිස් නිලධාරීන්ද ? මාර්ගය අවහිර නොකර, සීමිත කාලයකට මග දෙපස සිට උද්ඝෝෂණය කළා නම් මෙහෙම දෙයක් සිදු නොවීමට හොඳටම ඉඩ තිබුණි (බ)