ශ්රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති හියුගෝ ස්වයර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 25 වන සැසිවාරය අමතමින් පැවසීයග
නිදහස හා විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවත් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මඟින් ශ්‍රී ලංකාව තුළ දිගුකල් පවත්නා සාමයක් ඇති කළ හැකි බවත ඔහු කීවේයග
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බව කී ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සත්‍ය සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු සැලකිල්ලට ගත යුතු බව ද කීවේයග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ.(නදී)
ඉස්සර හමුදා ආක්‍රමණ වලින් කරගන්න බැරි දේවල් දැන් මානව හිමිකම් වලින් කරගන්නයි මේ සුද්දෝ ටික වලිකන්නේ. කිසිම රටකට ස්වාදීනව නැගිටින්න මුන් ඉඩදෙන්නේ නෑ. අපෙත් වැරදි තිබුනා තමයි ඒත් සුද්දෝ තරම් මානව හිමිකම් කඩල නෑ කිසිම රටක්. ලංකාවේ හැම දෙනෙක් ම එකතු වියයුතු මොහොතක් මේක.(නදී)
පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිට නොකියා.(නදී)
කොටි තාමත් කරන බලපෑම් ගැන කතා නොකර ඉන්න කොට හැමෝම ඔලුවටම නගිනවා. තානාපති වරුත් මේක කරන්න ඕනේ ආණ්ඩුව වගේම.(අ)
නවනීදන් පිල්ලේ නැතුව වෙන කවුරු හරි ආවනම් ඇත්ත කියයි.(අ)
අපිට ඕනෙ ආර්ථික සම්බාදක සම්බාදක.....මට නම් හරිම ජොලි....ඇයි අපිට එන්න එන්න අමාරැ වෙනවා......එතකොට ඉක්මනටම මැරිලා යන්න පුළුවන් හු හු හු(දී)
ඇත්තෙන්ම මෙය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට එල්ලවන දැඩි ප්‍රහාරයක්. මේ රටට වින කරන්න කුරුමානම් අල්ලන පිරිස් අතර අපේ ඇතැම් දේශපාලන මුග්ධයන් විසින් හඳුනාගෙන ඇත්තේ "ජලයේ පාවෙන අයිස් කන්දේ" මතු පිට කොටස පමණයි. ආණ්ඩුව රිංගාගෙන සිටින පුහු මාක්ස්වාදීන් මුව හමට තලන පහසුවෙන්ම අධිරාජ්‍යයවාදීන්ට තලමින් ඉන්න අතර තුර, බෞද්ධාගම විනාශ කරන්න මාන බලා ඉන්න කොටස ගැන කතා නොකරන්න කවුරුත් වග බලා ගත්හ. ජිනීවා වලට පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් යැවීමට වියදම් කරන්නෙත් චීනයෙන් ණයට ගත්ත සල්ලි වලින්. එසේ යවන අයගෙන් බොහෝ දෙනෙක් සුදුසු රැස්වීම්වල හූ කියන වගේ වැඩවලට. රාජ තාන්ත්‍රිකව කළ යුතු වැඩ චන්ඩිකම් වලින් විසඳන්න යෑමේ ප්‍රතිවිපාක ජනතාවට විඳින්න සිදුවන බව නොඅනුමාන වුවද මේ ප්‍රශ්නය දඩ මීමාකරගෙන ආණ්ඩු කරන අයට අපහසුවකින් තොරව මැතිවරණ නම් දිනා ගත හැකිවනු ඇත. මෙයද ජාතියේ ඉරණම කියා එවිට අපට අසන්න සිදුවනවා ඇත.(අ)
අපි කෝටී ගණන් වියදම් කලේ ඔය ටික අහගන්නද?(අ)
ඔය කියන බටහිර රටවල් ලංකාව වෙනුවෙන් කඩේ යන දවස වැඩි ඈතක නොවේ. (අ)