IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එංගලන්තයත් ඇමෙරිකා පාරේ යයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති හියුගෝ ස්වයර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 25 වන සැසිවාරය අමතමින් පැවසීයග

නිදහස හා විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවත් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මඟින් ශ්‍රී ලංකාව තුළ දිගුකල් පවත්නා සාමයක් ඇති කළ හැකි බවත ඔහු කීවේයග

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බව කී ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සත්‍ය සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ  ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු සැලකිල්ලට ගත යුතු බව ද කීවේයග



අදහස් (0)

එංගලන්තයත් ඇමෙරිකා පාරේ යයි

අමිල කටුනායක Monday, 03 March 2014 09:58 PM

බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

සමරේ Monday, 03 March 2014 10:29 PM

ඉස්සර හමුදා ආක්‍රමණ වලින් කරගන්න බැරි දේවල් දැන් මානව හිමිකම් වලින් කරගන්නයි මේ සුද්දෝ ටික වලිකන්නේ. කිසිම රටකට ස්වාදීනව නැගිටින්න මුන් ඉඩදෙන්නේ නෑ. අපෙත් වැරදි තිබුනා තමයි ඒත් සුද්දෝ තරම් මානව හිමිකම් කඩල නෑ කිසිම රටක්. ලංකාවේ හැම දෙනෙක් ම එකතු වියයුතු මොහොතක් මේක.(නදී)

:       0       0

නිල කමල් Monday, 03 March 2014 10:56 PM

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිට නොකියා.(නදී)

:       0       0

ජානි Tuesday, 04 March 2014 01:05 AM

කොටි තාමත් කරන බලපෑම් ගැන කතා නොකර ඉන්න කොට හැමෝම ඔලුවටම නගිනවා. තානාපති වරුත් මේක කරන්න ඕනේ ආණ්ඩුව වගේම.(අ)

:       0       0

රොස්චින් ද සොයිසා Tuesday, 04 March 2014 03:16 AM

නවනීදන් පිල්ලේ නැතුව වෙන කවුරු හරි ආවනම් ඇත්ත කියයි.(අ)

:       0       0

යෝනු සැලවී Tuesday, 04 March 2014 06:36 AM

අපිට ඕනෙ ආර්ථික සම්බාදක සම්බාදක.....මට නම් හරිම ජොලි....ඇයි අපිට එන්න එන්න අමාරැ වෙනවා......එතකොට ඉක්මනටම මැරිලා යන්න පුළුවන් හු හු හු(දී)

:       0       0

සත්‍යයා Tuesday, 04 March 2014 08:31 AM

ඇත්තෙන්ම මෙය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට එල්ලවන දැඩි ප්‍රහාරයක්. මේ රටට වින කරන්න කුරුමානම් අල්ලන පිරිස් අතර අපේ ඇතැම් දේශපාලන මුග්ධයන් විසින් හඳුනාගෙන ඇත්තේ "ජලයේ පාවෙන අයිස් කන්දේ" මතු පිට කොටස පමණයි. ආණ්ඩුව රිංගාගෙන සිටින පුහු මාක්ස්වාදීන් මුව හමට තලන පහසුවෙන්ම අධිරාජ්‍යයවාදීන්ට තලමින් ඉන්න අතර තුර, බෞද්ධාගම විනාශ කරන්න මාන බලා ඉන්න කොටස ගැන කතා නොකරන්න කවුරුත් වග බලා ගත්හ. ජිනීවා වලට පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් යැවීමට වියදම් කරන්නෙත් චීනයෙන් ණයට ගත්ත සල්ලි වලින්. එසේ යවන අයගෙන් බොහෝ දෙනෙක් සුදුසු රැස්වීම්වල හූ කියන වගේ වැඩවලට. රාජ තාන්ත්‍රිකව කළ යුතු වැඩ චන්ඩිකම් වලින් විසඳන්න යෑමේ ප්‍රතිවිපාක ජනතාවට විඳින්න සිදුවන බව නොඅනුමාන වුවද මේ ප්‍රශ්නය දඩ මීමාකරගෙන ආණ්ඩු කරන අයට අපහසුවකින් තොරව මැතිවරණ නම් දිනා ගත හැකිවනු ඇත. මෙයද ජාතියේ ඉරණම කියා එවිට අපට අසන්න සිදුවනවා ඇත.(අ)

:       0       0

මොහොමඩ් Tuesday, 04 March 2014 09:19 AM

අපි කෝටී ගණන් වියදම් කලේ ඔය ටික අහගන්නද?(අ)

:       0       0

නීල් Tuesday, 04 March 2014 10:51 AM

ඔය කියන බටහිර රටවල් ලංකාව වෙනුවෙන් කඩේ යන දවස වැඩි ඈතක නොවේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site