(යොහාන් භාසුර , බැංගලෝර් සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ එංගලන්ත පිලේ නායක ජෝස් බට්ලර්  පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්  සහ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කැඳවා සිටින අතර චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්තට ස්ථාන අහිමි වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම:

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , ධනංජය ද සිල්වා, මහීෂ්  තීක්ෂණ, ලහිරු කුමාර, ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත

එංගලන්ත කණ්ඩායම:

ජෝස් බට්ලර්, ජොනි බෙයාස්ටෝ, ඩේවිඩ් මලන්, ජෝ රූට්, මුයින් අලී, ක්‍රිස් වොක්ස්, බෙන් ස්ටොක්ස්, ඩේවිඩ් විලි, අදිල් රෂීඩ්, මාක් වුඩ් සහ ලියාම් ලිවින්ස්ටන්