IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එංගලන්තය ලකුණු 261 ක් ඉදිරියට එයි

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ අද (12) පස්වරුවේ ක‍්‍රීඩාව නරත කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 326 ක් ලබා ලකුණු 261 ක් ඉදිරියෙන් සිටියේය.

තෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඉයන් බෙල් (නොදැවී 95) සහ ස්ටුවට් බ්‍රෝඞ් (නොදැවී 47) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් සිටියහ.

ඉයන් බෙල් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 228 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 95 ක් රැස් කිරීමට සමත්ව සිටියේය.  

ඕස්ටේ‍්‍රලියානු අංක 11 පිතිකරු ලෙස ලෝක වාර්තාවක් පිහිටුවූ කෝඩුකාර වමතින් පා දග පන්දු යවන ඇෂ්ටන් ආගර් ලකුණු 82 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.
 
එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215 (ජොනතන් ට්‍රොට් 48, පීටර් සිඞ්ල් 50/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 326 (ඇලෙස්ටියාර් කුක් 50, කෙවින් පීටර්සන් 64, ඉයන් බෙල් නොදැවී 95, මැතිව් ප‍්‍රයර් 31, ස්ටුවට් බ්‍රෝඞ් නොදැවී 47, මිචෙල් ස්ටාක් 66/2, ඇෂ්ටන් ආගාර් 82/2)

ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 280 (ස්ටීවන් ස්මිත් 53, පිලිප් හියුස් නොදැවී 81, ඇෂ්ටන් ආගර් 98, ජේම්ස් ඇන්ඩසන් 85/5, ස්ටීව් ෆින් 80/2, ගේ‍්‍රම් ස්වාන් 60/2)

 

 

ඉයන් බෙල්



අදහස් (0)

එංගලන්තය ලකුණු 261 ක් ඉදිරියට එයි

ලුම්බිණි Saturday, 13 July 2013 06:43 AM

කමෝන් ඉංග්ලන්ඩ්! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site