එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැති පළමු තරගයෙන් එංගලන්ත පිල ලකුණු 14 ක ජයක් ලැබීමට සමත් විය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (14) ලකුණු 311 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ඕස්ටේ‍්‍රලියානු ඉනිම ලකුණු 296 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
තරගයේ සිවුවැනි දිනය වූ පෙරේදා (13) පස්වරුවේ ක‍්‍රීඩාව නරත කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 174 ලබා ලකුණු 137 ක් පසු පසින් සිටියේය.
ජේම්ස් ඇන්ඩසන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් දෙවැනි ඉනිමේ ලකුණු 73 කට දවාගත් කඩුලූ 5 ත් සමගින් ඉනිම දෙකේදී ලකුණු 158 කට කඩුලූ 10 ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 161 ක් රැස්කර ශක්තිමත් තත්ත්වයක සිටිය ද, ලකුණු 4 ක් තුළ කඩුලූ 3 ක් බිද වැටීමෙන් ලකුණු 164 ට කඩුලූ 6 ක් බවට පත්ව එංගලන්තය නැවතත් තරගයට අවතීර්ණ විය.
එංගලන්ත පිල දෙවැනි ඉනිමේදී ලකුණු 375 ක් රැස්කරමින් ලකුණු 310 ක් පෙරමුණට පැමිණීමට සමත් විය.
එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215 (ජොනතන් ට්‍රොට් 48, පීටර් සිඞ්ල් 50/5) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 375 (ඇලෙස්ටියාර් කුක් 50, කෙවින් පීටර්සන් 64, ඉයන් බෙල් 109, මැතිව් ප‍්‍රයර් 31, ස්ටුවට් බ්‍රෝඞ් 65, මිචෙල් ස්ටාක් 81/3, ඇෂ්ටන් ආගාර් 82/2, ජේම්ස් පැටින්සන් 101/2, පීටර් සිඞ්ල් 85/3)
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 280 (ස්ටීවන් ස්මිත් 53, පිලිප් හියුස් නොදැවී 81, ඇෂ්ටන් ආගර් 98, ජේම්ස් ඇන්ඩසන් 85/5) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 296 (ෂේන් වොට්සන් 46, ක‍්‍රිස් රොජර්ස් 52, මයිකල් ක්ලාක් 23, බ‍්‍රැඞ් හැඩින් 71, ජේම්ස් පැටින්සන් නොදැවී 25, ජේම්ස් ඇන්ඩසන් 73/5, ස්ටුවට් බ්‍රෝඩ 54/2, ගේ‍්‍රම් ස්වාන් 105/2)
ජේම්ස් ඇන්ඩසන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ෂා ඔයාලත් ඉතින් බලාගෙන ඉන්නේ කාගේ හරි වැරදි හොයන්න. ක්‍රිකට් කියන්නේ හැමදාම 100,200, ගහන්න බැ ඔයා හරියට විස්තර දැනගෙන ක්‍රිකට් ගැන අදහස් පල කරන්න. පලවෙනි තරගේ එම ක්‍රිඩකයා දක්වපු දස් කම් හොදටම ඇති මුළු ලෝකයම දැන ගන්න.(නදී)
නියම තරගයක්. අන්තිම විකට් එකෙනුත් හොද තරගයක් දුන්නා. (නි)
ශ්‍රී ලංකා සම්බවයක් ඇති ක්‍රීඩකයාට දෙවෙනි ඉනිමේ මොකද උනේ ? (අ)