බ්‍රිතාන්‍යයට යෑම සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා බලපත් ලබා ගැනීම සඳහා වන ගාස්තුව ඇමෙරිකා ඩොලර්වලින් මාස්ටර්කාඩ් වර්ගයේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතකින් ගෙවිය යුතු යැයි කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මේ වැඩපිළිවෙළ 2014 ජනවාරි 14 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව ද මහකොමසාරිස් කාර්යාලයය කියයි.
එසේම වීසා බලපත් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමේ දී දත්ත ඇතුළත් කර අන්තර්ජාලය ඔස්සේ එම වීසා බලපත් ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය සඳහන් කරයි.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න - බ්‍රිතාන්‍ය මහා කොමාසරිස් කාර්යාලයයේ වෙබ් අඩවිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල්ගේ කතාව හරි (නි)
සරසි හැම රටකම අධිවේගී මාර්ගවල මුදල් අයකරනවා කියන ඔබගේ අදහස මම බැහැර කරමි. ජර්මනියේ අධිවේගී මාර්ගවල මුදල් අය නොකෙරේ. නමුත් යුරෝපයේ අනිත් සියලුම රටවල මුදල් අය කෙරේ. නමුත් එහි මුදල් අය කරන්නේ මිනිසුන් ලබන වැටුපට සාපේක්ෂවය. , කටුනායක -කොළඹ මාර්ගයේ කිලෝමීටර 29 රුපියල් 300 අයකිරීම අසාධාරණය. කොළඹ - ගාල්ල මාර්ගයේ අය කරනු ලබන්නේ කිලෝමීටර 100 රුපියල් 400 කි. කොළඹ කාටුනයක මාර්ගයේ අය කරන මුදල ඉතාලියේ අධිවේගී මාර්ග වල ඇතිකරන මුදලට වඩා වැඩිය. (නදී)
අපේ රටට එන විදේශිකයන්ගෙන් සිගිරිය, අනුරාධපුර, පොලොන්නරුව, ජාතික වනෝද්‍යාන වැනි ස්ථාන නරබන්න ශ්‍රී ලාංකිකයකු ගෙවන මුදලට වඩා දස ගුණයකටත් වඩා වැඩි මුදලක් අයකරනවා. ඔන්ලයින් ක්‍රමයට විසා දෙන්න යුරෝ 30 මුදලක් අය කරනවා. ඉතින් එම රටවල් වල බලධාරිනුත් අපේ රටෙන් එන සංචාරකයන් ගෙන් අය කරන මුදල් වැඩි කරනවා. (ස)
ඒ කියන්නේ වීසා කාඩ් තියෙන අයට විතරයි ඒ රටට එන්න සුදුසුකම තියෙන්නේ.එහෙම නේද? (නි)
ලොව පුර සංචාරය කිරීම මිනිස් වර්ගයාගේ අයිතියක්. මේ අයිතිය මිනිසා පාවිච්චි කිරීමේදී යම්කිසි රටකට ඇතුල් වීමට ඒ රටේ නීතියට අනුකුල විදියට විසා බලපත් ලබා ගැනීම කල යුතු වෙනවා. එසේ ලබාගන්නා විසා බලපත්‍රය නීතියට අනුකුලව ලබා ගැනීමත් පාවිච්චි කිරීමත් කිරීම වැදගත්. මිනිසාට තියෙන මේ අයිතිය යම්කිසි රටක් විසින් තම වාසියට, මුදල් උපයා ගැනීමේ උපක්‍රමයක් විදියට පාවිච්චි කරනවා නම් ඒක වැරද්දක් විතරක් නෙවි මිනිසාගේ ධනය කොල්ල කෑමක් ද වෙනවා. (ස)
සුනිල් මහතාණනි, බොහොම හොද අදහසක්. එතකොට අපි මේ බාවිතා කරන අදි වේගී මාර්ග වලට ගෙවන ඉතා අදික මුදල් ප්‍රමාණය ගැන යමක් කිව්වොත් හොදා?.(නදී)
දැන් ඉතින් ඕනෑ කෙනෙකුට එහෙ යන්න පුළුවන් වෙයි. (නි)
නැත්නම්, බ්‍රිතාන්‍යයට ලැබෙන මුදල දවසින් දවස අඩු වෙනවා. ඒ වුණාට, බ්‍රිතාන්‍ය පවුම් වලින් ගන්නෙ නැතුව ඩොලර් වලින් ගන්නේ මොකද ? (නදී)
සුනිල් මහත්තයෝ ඔය කියන තර්කෙ හරි තුන්වෙනි ලෝකේ රටවලින් යන මිනිස්සුන්ගෙන් එහෙ ආර්ථිකයට වැඩක් වෙනවා නම්. සුද්දෙක්, ජපනෙක් ලංකාවට අවාම ගුවන්තොටුපොළේ ඉදන් වියදන් කරන්ට අකමැත්තෙන් හෝ සිද්ද වෙනවා. අපේ අය එහෙ යන්නේ මුදල් උපයන්න. ඒ අතරේ ත්‍රස්තවාදී වැඩ අපරාද වගේ දේත් කරනවා. අන්න ඒකයි මේ තරම් අමාරු කරන්නේ.(නදී)
හැම රටකම අධිවේගයට යන විට ගෙවන්න වෙනවා තමා, ලංකාවේ විතරක් නෙවේ. (ස)
මාලා, ඔබ තුමියගේ කතාව ඇත්ත. ඒ නිසා තමා මම කිව්වේ නීතියට අනුකුලව ලබාගන්න විසා බලපත්‍රය ඒ අදාල රටේ නීතියට අනුව භාවිතා කල යුතු බව. (ස)
සීල, ඔයාට අධීවේගයේ යනකොට ගෙවන්න ඕනෙ නම් මන්ද වගේ මාර්ග හොයාගෙන යන්නත් පුළුවන්.ඒකට ගෙවන්න ඕනේ නැහැ. (ස)
ලෝකයේ බොහෝ රටවල අධි වේගී මාර්ග වල මුදල් අය කරනවා යයි කීම සම්පුර්ණ සත්‍යයක් නොවේ. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ මුදල් අය කරන අධිවේගී මාර්ග ඉතා සීමිත අතර, නොමිලේ භාවිතා කල හැකි අධිවේගී මාර්ග සුලභය. (නදී)
අපේ රටට පැමිණෙන සංචාරකයන් පවා දැන් අන්තර් ජාලයෙන් මුදල් ගෙවා "ක්‍රෙඩිට් කාර්ඩ් "වලින් ඕන් ලයින් විසා ගන්නවා. අය කරන මුදල රටෙන් රටට වෙනස්. (නදී)