මොරටුව එගොඩ උයන ශ්‍රී සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයේ සැකකරුවන් සිව් දෙනා ඇප මත මුදා හරින ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සරෝජණී කුසලා වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
රමේෂ් දිල්රුක්, දනුක රොෂේන් ප්‍රනාන්දු, සුදේශ් දනුෂ්ක හා නිපුන සම්පත් එක් අයකුට රුපියල් පනදහසක මුදල් හා රුපියල් ලක් පහක ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරිය නියම කළාය.
විමලවංශ හිමි 2013 පෙබරවාරි 03 වැනි දා රාත්‍රී විහාරස්ථානයේ දී කපා කොටො ඝාතනයට ලක් විය.
සැකකරුවකු වන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරට මීට පෙර ඇප නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා දිනය බොහොම ලඟයි මට හිතෙන්නේ (අ)
මොවුන් අන්තිමේදී නිදොස්කොට නිදහස් කරාවිද? (නි)