
(යොහාන් භාසුර)
ආන්දෝලනයට තුඩුදුන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගෙන විනාශ වීමෙන් පරිසර වූ හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව පළමු වරට අද (9) කැඳවන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
සිංගප්පුරු මහාධිකරණයේ මෙම නඩුව පවරා ඇති බවත් එහිදී පැමිණිළිකාර ශ්‍රී ලංකාව වෙනුවෙන් නීතිඥා සමාගම් පෙනී සිටින බවත් එම අමාත්‍යංශය කියයි.
එම නෞකාව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකාවට වූ හානියට වන්දි ඉල්ලා ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 26 වැනිදා සිංගප්පූරුවේදී නඩු පැවරීය.
සිංගප්පූරු සමාගමට අයිති එම නෞකාව 2021 මැයි 20 වැනිදා කොළඹ වරයාට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd