
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද(06) පැවැත්වුණු බව ඇමෙරිකානු තානාපති කාර්යලය ප්‍රකාශ කළේය.
එම හමුවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ඇමෙරිකානු භාණ්ඩාගාරයේ නියෝජිතයන්ද සහභාගී වූ බව ඇමෙරිකානු තානාපති කාර්යයලය පැවැසුවේය. එහිදී ශ්‍රී ලංකා නව රජයට සුභ පැතූ බවත් දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කළ බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ආර්ථික සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාවට එක්ව වැඩකළ හැකි ක්‍රමයන් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවද තානාපති කාර්යාලය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd