සුළු ජාතින්ගේ ප්‍රශ්න වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක වන රීටා අයිසැක් මහත්මිය ලබන මස ශ්‍රී ලංකාවේ දින 10ක නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනට පැමිණෙන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය පැවසීය.
ඒ අනුව අද (10) සිට ලබන 20 වැනිදා තෙක් ඇය මෙරට රැුඳී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
රීටා අයිසැක් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් ,ජාතික මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක වන රීටා අයිසැක් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ස්වාධීන නිරීක්ෂකවරියක ලෙස සේවයට එක් වන්නේ 2011 වසරේ අගෝස්තු මාසයේ සිටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් කියන්නේ කාටද? (නි)
එතකොට මහා ජාතිය? මොකක්ද මේ සුළු ජාතිය වෙනුවෙන් එන්නේ? ඇයි මොවුන්ට එන්න දෙන්නේ (නි)
දැන් අණදෙන්නෝ, නටවන්නෝ පෝළිමට එන්නේ. (නි)
මේ සිදුවෙන යහපාලන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාව තුළ කොයින්ද සුළු ජාතීන්? මේ සිදුවීම් වලින් පේන්නේ රීටා අයිසේක්ලාට යුධ ගිනි දැල් නොදකිනවිට නින්ද නොයන රෝග තත්වය නොවේද? ඒගොල්ලෝ මෙසේ හැසිරෙන විට සිංහල බෞද්ධ නායක පාලකයින් කොහිද? (නි)
අැයි මෙයාලා ඇමෙරිකාවට යන්නේ නැත්තේ? එහෙ කළු ජාතිකයන්ට වෙන අසාධාරණය පෙනෙන්නේ නැද්ද (නි)
මෙයාලට මොකද අපි ගැන මෙච්චර ආදරයක්? (නි)
එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුල්‍ය අහේනියක් ඇති වගේ, උදවු වලත් අවශ්‍ය උදවු, අනවශ්‍ය උදවු කියල දෙකක් තියෙනවා. ඔය කරන්න හදන්නේ අනවශ්‍ය උදවුවක්. ලංකාවේ සාමය ඇති කළා කියල කියක් හරි ඉල්ලා ගනියි. (බ)
ඒගොල්ල යුද්ධය නැතිකරලා දුන්න නොවේනේ. ඒගොල්ලන්ට හොඳ යුද්ධයක් තියෙනවනම්. ඇයි කියනවනම් ඒ ගොල්ලන්ගේ රස්සාවල් නැතිවෙන හින්ද. මේගොල්ල ගොවිතැන් කරන්න කැමති කට්ටිය නෙවෙන්නේ. (බ)
මීටකලිනුත් ආවානේ. මේගොල්ලන්ට කරන්න වැඩ නැද්ද ඇත්තටම? (නි)
ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියාගෙන අපේ ඇහැට වැලි ගහන්න ඔය එන්නේ. අපි මීටවඩා අපි ගැනත් ලෝකය ගැනත් සෙවිල්ලෙන් සිටිමු. (නි)
අද මේ රට කොටි හිතවතුන්ගේ හිතවතියන්ගේ පාරාදීසයකි. මේ රටේ සිංහලය ක්‍රමයෙන් වඳ වීමට ගත ක්‍රමවේදයන් ගැන සෙවීමට හෝ සිංහලයාගේ අනාගතය ගැන සෙවීමට හෝ කිසිවකුත් නැත. අඩුම වශයෙන් සිංහලයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු යන බල පෙරේත දේශපාලකයන් හෝ නැත. (බ)