යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ සිසු ගැටුම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල නිලධරයන් හා සිසුන් සමග සාකච්ඡා කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (18) දින යාපනය සරසවියට ගියේය.
ගැටුම හේතුවෙන් මේ වන විට විද්‍යා පීඨයට නිවාඩු දී ඇති අතර මේ වනවිට රැදී සිටින නේවාසික සිසුන් සමග කෙටි සාකච්ඡාවක යෙදුණු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සිසු සිසුවියන්ට ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් ජනපති, අගමැති හා උසස් අධ්‍යාපන ඇමැති දැනුම්වත්කර සියලු දෙනාට සහජීවනයෙන් ජීවත් වීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට ඉක්මන් විසඳුම් ගන්නා බවයි.
පසුගිය 17 දා යාපනය සරසවියේ විද්‍යා පීටයේ සිසුන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් සිසු සිසුවියන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලැබූ අතර රෝහල් නොගොස් සුළු තුවාල ලැබූවන් 25 ත් 30 ත් වූ අතර ඉන් එක් සිසුවකු බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.



COMMENTS
පිටුපස්සෙන් පොලිසියේ රොත්තක් අරගෙන එය වීරයා වගේ ගියාට අහිංසක ළමයි කොහොම යන්නද? (නි)
මේක කොළඹ විශ්ව විද්‍යාල වල ඉන්න, උතුරෙන් ආ අයට වුණා නම් මගේ අම්මෝ බලන්න තිබුණා දේශපාලකයෝ, එන්ජිඕ අයගේ, තානාපති කාර්යාලවල සද්දේ. සහජීවනය කියන්නේ ගහන්න ගහන්න ඔලුව නවන එකද? (නි)
මේගොල්ලෝ කරන මේ එකමුතුකමෙන් කෙදිනක හෝ සිංහලයා කම්මුතුවෙන්නත් පුළුවන් මේ යන හැටියට (නි)
දේශපාලකයෝ එක-එක පැත්තට පැන-පැන කටට එන ඒවා කිය කියා සාක්කු පුරවා ගන්නවා. (නි)
සිංහල බලපෙරේත දේශපාලකයන්ට සත්‍යය නොතේරුනාට තිත්ත ඇත්ත අපි තේරුම්ගත යුතුය. (නි)
කෝ සර්කස් සිංහයා , ප්‍රකාශයක් එනතුරු ඉන්නවාද? අපේ කේසර සිංහයා මහින්ද හිටියනං ඔයවාගේ සිංහල කොල්ලන්ට ගුටි කන්න ලැබෙන්නේ නැහැ (භ)
සම්බන්ධන් ල කොයි. (අ)
ඔහොම ගියොත් ඉක්මනටම සිදුවියයුත්තක් සිදුවෙයි. (නි)
එතකොට වැරදි කරපු අය අල්ලන්නේ නැද්ද? (නි)
පුදුමාකාර සහජීවනයක් මේක. අපි සද්ද නැතුව ඉවසගෙන ඉමු. (නි)
වැරදිලාවත් මෙවැනි සිදුවීමක් දකුණේ සරසවියක සිදුවුණා නම් කොහොමට තියේවිද? එහෙනම් එක සැනින් ජාතිය අමතලා, විශේෂ ප්‍රකාශ කරලා, විපක්ෂ නායක සම්පන්තන්, අනුර කුමාරලා, ඇමෙරිකා තානාපති, සියලු බටහිර රටවල තානාපතිවරු, එකී මෙකි නොකී එන්ජිඕ සංවිධාන, පුරවැසි බලය, අලුත් පරපුර මේ සේරම එකසැණින් ප්‍රකාශ නිකුත් කරලා. සිංහලයාට සංහිඳියාව උගන්වන්න ඕනෑ කියාවි. (නි)
මෙයාට වඩා අය සාමෙට අත වැනුවා. නමුත් තේරුනේ නැහැ. අපි බලමු. (බ)
සාකච්ඡා කර වැඩක් නෑ මෙහි සම්බන්ධ වූ සියලුම දෙනා අත්අඩංගුවට ගන්න.(හේ)
මෙයයි යහපාලනය! (නි)