ජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥානම් පැවසීය.
යාපනය මාටින් වීදියේ ඉලංකෙයි තමිල් අරසුකච්චි කාර්යාලයයේ පැවැති උත්සවයක දී ඔහු එලෙස කීවේය.
දෙමළ ජාතිය වෙනුවෙන් ගෙන ගිය අරගලයේ ආරම්භකයා එස් ජේ වී චෙල්වනායගම් බවත්, දැන් එම අරගලයේ ආර් සම්බන්ධන් මහතා සිටින බවත් ශිවඥානම් පැවසීය.
එනමුත් දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ එකම නායකයා ප්‍රභාකරන් බව අමතක නොකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිල්ෂාන් අයිඑස් අයි එකටත් එහි නායකයත් වීරයෙක් කියල හිතන කොටසක් ඇති.ඒ වුනාට මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. ඕගලන් වගේ හිතන අය තමයි ඔය සංවිධාන පෝෂණය කරන්නේ.මේ රටේ ඉපදෙන හැම කෙනාටම මේ රටේ සම අයිතියක් තියෙනවා, එ්කට ආගම ගාව ගන්න පටු අදහස් තියෙන අය ඉන්නකම් මේ රටේ ඉවර වෙන්නැති යුද්දයක් තියෙනවා. අප්පච්චිව අායෙත් රජ කරන්න දගලන අයට තේරෙන් නැහැ තමන් රට අගාධයකට අදිනවා කියන එක. (බ)
ඔහුට එහෙම දේවල් කියන්න පුළුවන් වුනත් ප්‍රභාකරන් ගේ ත්‍රස්තවාදී ක්‍රියා වලට විවේචනයක් හෝ විරුද්දත්වයක් ප්‍රකාශ කිරීමට තිබු නොහැකියාව මෙහිදී නොකියවෙන ගොඩක් දේ පෙන්වනවා. එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස අපි පෙනී සිටින්න සිංහල මෙන්ම අනික් ජාතීනුන් එක සේ සංඥමයෙන් ක්‍රියා කල යුතුයි නේ ද ? (ර)
මේ අයටයි තලන්න ඕන මඩුවලිගෙන්. (ර)
ප්‍රභා කොහොමද නියම නායකයෙක් වෙන්නේ. ඔහු සිංහල ජාතිය විතරක් නෙමෙයි දෙමළ ජාතියත්, රටත් ආරාජික තත්වෙට පත්කරා. ඔහු බය ගුල්ලෙක් සේ මරණය ලං කරගත්තා. (ර)
ප්‍රභාකරන් අපට හතුරෙක් උනත්, ඒඅයගේ පැත්තෙන් බැලුවම ඒඅය ප්‍රභාකරන්ව ගරු කලයුතු නායකයෙක් තමයි. (ර)
මම දෙමළ තමා. මේ දේශපාලකයෝ මෙහෙම අන්තවාදී වෙන්නේ කොහොමද? සින්න තම්බි කරපු දේවල් කොහොමද අනුමත කරන්නේ (කෞ)
වැදගත් අදහස් ගොඩාක් තියෙනවා.රොහාන්ගේ අදහසට මාත් කැමති.ප්‍රභාකරන් ත්‍රස්තවාදීන් වෙන්නේ අපට.ඒ අයට නෙවෙයි.මම උඩින් සදහන් කළා වගෙයි.ඉල්ලපු දේ නෙවෙයි ඉල්ලපු ක්‍රමෙයි වරද.නැවත ප්‍රබාකරන් කෙනෙක් බිහිනොවිමට අප වගබලා ගත යුතුයි.ඒ යුද්ද කරලා නෙවෙයි.යුද්ධ කරලා අපි යුද්දය දිනුවට අපිට දමිල ජාතිය දිනාගන්න බැරිවෙලා තියෙනවා,අපි දිනාගන්න ඕනේ යුද්දය නෙවෙයි ජාතියයි.එදාට මේ ප්‍රසන ඔක්කොම විසදෙනවා.(කෞ)
කට්ටිය කියන විදියට අපි එක ශ්‍රී ලංකික ජාතියක් සේ සිතිය යුතුයි. ඉතින් එයාල කැමති නැත්තම් ප්‍රභාකරන ත්‍රස්තවාදියෙක් විදියට පිළිගන්න, මොනවා කරන්නද (කෞ)
කේ ශිවඥානම් තියෙන්නේ ගෙදර පොටෝ එක්කක් ගහගෙන උදේ හවස වදින්න් ප්‍රබහකරන්ට දැන් වෙන මොනවා කරන්නද ? (ර)
රොහාන්, ඔබතුමා කොහොමද සුද්දා සිංහලයට සමාන කරන්නේ? සුද්දා ආවෙ ලෝකයේ වෙනම පැත්තක ඉඳලා අපිව බලෙන් අල්ලාගන්න. සිංහලයා මෙරටේ අවුරුදු දහස් ගානක් සිටයි හිටියේ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියෙකු මිස කිසිදා වීරයෙක් නොවෙනු ඇත. (නි)
කෝ අර ජාතික සමගිය ගැන පුරාජේරු කියපු කට්ටිය. ඔන්න දැන් ටිකෙන් ටික කටවල් වලින් ඇත්ත එලියට පනිනවා. මොනවා දුන්නත් මේ අය සෑහීමකට පත් වෙන් නෑ. (ර)
ඔය කියන ජාතික නායකයන් ගැන සිතමින් සහ පසුපස යමින් තමන්ගේ බඩගෝස්තරය නිවා ගන්න දේශපාලනයක් ශ්‍රී ලංකාව තුළ අපට දකින්නට ඇත. යුද්ධයේදී හානි වුන සියලුම ජීවිතවල වගකීම මේ අය දැරිය යුතුය. තව දුරටත් රටත්, ජනතාවත් මේ අවාසනාවන්ත තත්ත්වයට ගෙනයාමට උත්සාහ කරන සියළුම පාර්ශවවල දේශපාලකයන් ගැන අපි කණගාටු වෙමු. (ර)
මම මේ දන්නේ නැති හින්ද අහන්නේ. උතුරු පළාත් සභාව කොහෙද තියෙන්නේ? එක ලංකාවේ කෑල්ලක්ද? (කෞ)
අපේ ජාතික වගකීම දරන අය මේවාට නිසි ප්‍රති පිළිතුරු දියයුතුය. අපි මේකේ මොනවා ලිව්වත් වැඩක් නැත. රට ගැන නොහිතා ඡන්දය දීමේ ප්‍රතිඵල වල ආනිසංස තව ඉදිරියේදී විඳීමට සුදානම් වී ඉන්න. (නි)
කෝ මේ යහපාලනයට කඩේ ගිය අය? දැන් සන්තෝෂද.....? (නි)
මදැයි වෙච්ච දෙයක්? (නි)
අසාද් එහෙනම් ඇයි අයිඑස් නායකයට විරුද්ධ වෙන්නේ ලෝක නායකයෝ? (නි)
සමහරුන්ගේ ඇඟේ එදා ඉඳන්ම තිබෙන බෙදුම්වාදය සහ ජාතිවාදය නැති කරනවා බොරු (නි)
ජාතිවාදය කෙදිනකවත් නැවැත්විය නොහැක. ඔවුන්ගේ එකම අභිප්‍රාය උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ විදේශිකන්ගෙන් ආධාර ලැබියහැකි, තමිල්නාඩුවට අවශ්‍ය විදිහට නැටවෙන පාලනයක් සහ මුළු රටේම ජීවත්වීමේ හැකියාවය. බලපෙරේත පුද්ගලයෝ එයට ඉඩදී බලා සිටිති. (නි)
ඇත්ද අහ ගත්තා.(හේ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අපිට නම් අපේ ජාතික නායකයා මහින්ද මහත්තයායි. (නි)
ලංකාවේ ත්‍රස්තවාදීන් බිහිකළේ වැරදි පාලන ක්‍රමයයි. දේශපාලනයේ සිටි සියලුදෙනාම ඇතිවූ විනාශකාරී තත්වයන්ට වගකිවයුතුයි. (නි)
තමන්ගේම සහෝදර ජනතාව සමුලඝාතනය කළ, පාසල් වලින් දරුවන් එළියට ඇදගෙන විත් සයනයිඩ් කූරු බෙල්ලේ බැඳ ගිනිඅවි අතට දී අහිංසක ජනතාව ඝාතනය කිරීම සඳහා යුද පුහුණුව දුන්, ම්ලේච්ඡ කුරිරු ත්‍රස්තවාදියෙකුට "එකම ජාතික නායකයා ප්‍රභාකරන් බව" කියන්නේ කෙසේද? (නි)
එහෙම ත්‍රස්තවාදී නායකයන්ට ගරුනම්බු දෙන්නේ කොහොමද? කොටි නායකයා අවුරුදු 30ක් තිස්සේ මිනීමරලා යුද්ධකළේ මොකටද? සින්හලයිනි, අවදියෙන් සිට දේශපාලකයින් කරන විනාශයට පිළිතුරුදීමට සුදානම් වෙමු. අපි දකුණේ රණවිරුවන්ගේ ලේ වලට ණය නොතබමු. (නි)
ප්‍රභාකරන්ට ආවඩන අය දන්නවද දන්නේ නැහැ මායිම් ගම්වල සිංහල දරුවන්ව අම්මලාව කැති වලින් පෙතිගසා මරාදමපු හැටි? ඊළමක් කියා පුංචි ලංකාව දෙකඩ කඩන්න, උතුරුමැද නැගෙනහිර පළාත්වල සිටි සිංහලයන් මරා තමිල්නාඩුවට ඒ පෙදෙස් යාකරන්න ගත් උත්සාහය අපේ යුද හමුදාවේ දස බල යෝධයන් වැළැක්වූවා. කවදාහරි අපේ රට පාවාදෙන්නේ අපේම අය තමයි (නි)
සැබෑ නායකයෝ මනස විකෘති අය නෙමෙයි. කිසිදා ත්‍රස්තවාදියෙක් සැබෑ නායකයෙක් නොව ඔවුන් විප්ලවකරුවන් පමණි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ පියවි ලොව ප්‍රසිද්ධියේ ඉදිරියටවිත් තම ජාතිය වෙනුවෙන් නැඟී සිටින්නාහුය. එබැවින් ප්‍රභාකරන් අපට පස්ස දොරේ නායකයෙක් පමණි. (නි)
ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්ගේ! (නි)
ආයෙත් පටන් අරගෙන වගෙයි (නි)
ඔය කිවුවේ අලුත් අවුරුද්ද ලබනකොටම කතාවක්... (නි)
නියම වෙලාව පැමිණිවිට නියම නායකයාව පෙන්වන්නම් අපි ඔබට (නි)
මෙයට හරි පිළිතුරක් දෙන්න. එනපොට නම් භයානකයි (නි)
රංතිලක කියන්නේ ඇත්ත (නි)
හා හා මේවට මුකුත් කියන්න එපා ජාතිවාදය ඇවීස්සේයි ඒක සන්හිදියාවට හොද නෑ (කෞ)
ජාතියක් ජන්මයක් ගැන නොසිතා,වයස් බේදයක් ගැන නොසිතා මිනිස් ගාතන කරපු මිනී මරුවෙක් ජාතික නායකයෙක් වෙන්නේ කොහොමද කියල තව ටිකක් පැහැදිලි කරලා දෙනවද? (කෞ)
නීතියෙන් පියවරක් ගමු. (ර)
බය නැතුව නිදාගන්න මර්වින් මහත්තය ආයේ ප්‍රබාලට මේහේ වැඩ දාන්න ඉඩක් නැහැ අපි බොරුවට බයවෙලා හැදුවේ නැත්නම් (කෞ)
ප්‍රභා ත්‍රස්ත වාදියෙක්. (ර)
වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්ත වාදියෙක් ඔහුට ඕනි ඉරණම ඔහු විසින් 2009 ලබා ගත්තා. බුදුන් වහන්සේ දෙශනා කරේ අවි ගත්තෝ අවියෙන් නසී ඉතින් ඔහු ලබා ගත් දෙයක් නොමැත ඉතිරිවූවේ සියලු දේ අහිමි වූ පිරිසකි. ත්‍රස්ත වාදයට ලෝකේ කොහෙවත් ඉඩක් නොමැත. (ර)
මහින්ද පරද කරන්න චන්දෙ දුන්නේ ඕකටනේ ! (කෞ)
දැන් ඉතින් හරිනේ.. කෝ කෑ ගහපු කට්ටිය... (ර)
ඕව මොනවද, ප්‍රභාකරන් මැතිතුමා, මිස්ට ප්‍රභාකරන් කිව්වේ යහපාලන නියමුවොමනේ! (කෞ)
එකේ වරදක් මම දකින්නේ නැහැ ,මොකද ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතුයි . අනික වේලුපිල්ලේ ප්‍රභාකරන් දැන් ජීවතුන් අතර නැහැ , ලංකාවේ කොච්චර මිනිසුන් තවමත් රෝහණ විජේවීරට ගරු කරනවා ද. (ර)
මොකක්ද මේ සද්දේ.? (ර)
ඒ දා පුරන් අප්පු සුද්දට ත්‍රස්තවාදිය අද සිංහලයට ජාතික විරය අපිට එහෙම්නමි එයාලට එහෙම බැරි ඇයි ....??? (කෞ)
ඉස්සරහට තව මොනවා කියයිද.? (ර)
ආයෙත් වල් පැලෑටි වලට කෘමි නාශක ඉහින්න වෙයි වගේ. (ර)
ලක්මාල්, අපේ අයටඅතිතය ඉක්මනට අමතක වෙනවා (කෞ)
ප්‍රභාකරන්ගේ බෝම්බයෙන් මැරුනේ සිංහල ය විතරක් නෙවෙයි. දෙමල මුස්ලිම් අයත් මැරුනා. එහෙනම් අපි හැමෝටම ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. මෙහෙම කතා කරන්න කාටවත් අයිතියක් නෑ. අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තිබුන කියල කටට එන හැම එකම කියන්න බෑ. (කෞ)
ඒ අයගේ ජාතික නායකයා උනාට අපේ නායකයා නෙවෙයි. (ර)