එකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23 (2) යටතේ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රකාශ කිරිමටත්, පක්ෂ නායක රැස්විම් සඳහා සහභාගී විමටත් අවස්ථාව ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පවසයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර පැවැති විශේෂ සාකච්ජාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇතැයි නානයක්කාර මහතා කියයි.
පාර්ලිමේන්තුවේ ස්වාධින කණ්ඩායමක් ලෙස පිළිගැනීම හැර අනෙකුත් ඉල්ලීම් වලට එකඟත්වය පළ කර ඇතැයි ද ඒ අනුව එකාබද්ධ විපක්ෂය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී සිදු කිරිමට නියමිතව තිබු විරෝ්ධතා නතර කිරිමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කා නේද යහපාලනයේ තිබෙන ගුණාත්මකභාවය? ඒකාධිපති පාලනයෙයි, යහපලානයෙයි වෙනස දැන්වත් මේ අයට තේරුම් ගියොත් හොඳයි. කතාබස් කරලා ජාතික වැදගත්කමකින් යුතු ප්‍රකාශ කිරිමටත්, පක්ෂ නායක රැස්විම් සඳහා සහභාගීවිමටත් අවස්ථාව දුන්නා නේද මේ රජය? දැන්වත් පාර්ලිමේන්තුව තුළ විනීතව හැසිරෙන්න බලන්න.... (නි)
හිස් වචන කීමෙන් වලකින්න. (ර)