මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව අත් අඩංගුවට ගත් දෙමළ පුද්ගලයින් දෙදෙනකු රජයේ සාක්කිකරුවන් ලෙස අද(16) හෝමාගම මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව මහේස්ත‍්‍රාත් නිල මැදිරියේදී සාක්කි ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව පවසයි.
මෙසේ සාක්කි ලබා දී ඇත්තේ තිකුණාමලය කුච්චවේලි හා මඩකලපුව කල්අඩි හි පදිංචි හිටපු කොටි සාමාජිකයින් දෙදෙනෙකි.
දැනට රක්ෂිත බන්ධනාගාරව සිටින යුද හමුදා නිලධාරීන් මෙම පුද්ගලයින්ගේ හැදුනුම්පත් භාවිතා කරමින් ඒ නමට දුරකථන සිම් කාඩ් පත් ලබා ගෙන ඇති බවට තොරතුරු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීහු අධිකරණයට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ (නි)
එයාලා සාක්කි දෙන්න එන්නේ මොකටද කියා හිතාගත හැකියි. (නි)