ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කළැයි සැකපිට අවිස්සාවේල්ල අධිකරණයෙන් ඇප ලබාදීමට නියෝග කැරුණු එම නඩුවේ පළවැනි හා තෙවැනි සැකකරුවන් දෙදෙනා  හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (27) ඇප මත නිදහස් කළේය.

රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන සහ මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ හෙවත් නාදන් එසේ ඇප මත මුදා හැරිණි.

ඔවුන්ට සෑම ඉරු දිනකම රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කළේය.