ප්‍රගීත් එක්නැලිගොඩගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ ලුතින්න කර්නල්වරු දෙදෙනෙක් ද, මාණ්ඩලික සැකරයන්වරයෙක් හා කෝප්‍රල්වරයෙක් ද ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටිය දී එක්නැලිගොඩ පැහැරගෙන එහි රඳවාගෙන සිටි බවට ලැබුණු තොරතුරු ගැන රහස් පොලිසිය අද ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය.
මීට පෙර අත්අඩංගුවට ගත් තිදෙනෙක් රැඳවුම් නියෝග මත පසු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම එක්නැලිගොඩ මරාදමන්න ඇත්තේ පෞද්ගලික කෝන්තරයක් පිරිමහන්නද? මේ ගැන සොයන කමිටුවක් වේ නම් කරුණාකර එක්නැලිගොඩ මරාදැමීම ගැන ගැඹුරින් සොයා බලා තරාතිරම නොබලා ඊට දඬුවම් කර යහපාලනය අර්ථවත් කරන්න. (නි)
එක්නැලිගොඩ වගේ හොඳ කෙනෙක් අපිට නැතිවුණා (බ)
අහිංසක කර්නල්වරුන් ඉහලින් අාපු නියෝග අනුව ක්‍රියාකර ඇත. ඔවුන්ව අත්අඩංගුවට ගන්න (නදී)
එක්නැලිගොඩ මහතාගේ මුලික අයිතිවාසිකම් අහිමිවීම පිටුපස ඉහල දේශපාලන හස්තයක් ඇති බව පෙනෙන නිසා පහල නිලයන්ට අණ දුන් එම ඉහල නිලයන් හදුනා ගැනීම කඩිනමින් කර නීතියේ ආධිපත්‍ය සුරැකීමට හා නිතිය පිළිබද මහජන විශ්වාසය නැංවීමට පියවර ගනිත්වා!(නදී)
අහිංසක රණවිරුවන්ගෙන් පලිගැනීම් නවත්වන්නේ කවදාද?(හේ)